රනිල් ආයෙත් වරද්දා ගනියිද?

අජිත් පැරකුම් ජයසිංහ
රනිල් පාර්ලිමේන්තුවේ පමණක් නොව, ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ ද විහිළුකාරයකු ලෙස හැසිරෙන්නට උත්සාහ කරයි. ඔහු ඇතැම් විට විහිළු ලෙස කියන්නේ නොකිය යුතු ඇත්තයි. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර මාධ්‍යයක් සමග සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් දෙන පිළිතුර ඔහුගේ මෝඩ විහිළු නිසා සන්නිවේදනය වන්නේ වැරදියටය. මේ පෝලිම් ආදිය නිමා කරගෙන රට සාමාන්‍ය තත්වයට පත්කරගන්නා තෙක් සංචාරකයන් නොඑන බව ඇත්තකි. එහෙත්, රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ඔහු කිව යුතුව තිබුණේ අප ඉක්මණින් තත්වය පාලනය කරගන්නා බැවින් සංචාරකයන්ට නුදුරේදීම ආපසු ලංකාවට පැමිණීමට හැකිවනු ඇති බවයි. ඔහුට විරුද්ධව බෝඩ් ඇල්ලීම ගැන ගොන් විහිළු ලෝකයට අදාළ නැත.
මට පෙනෙන ආකාරයට රනිල් තම දෛවය ගැන ඕනෑවට වඩා උද්දාම වී තිබේ. එහෙත්, තවම කතාව අවසන් නැති බව කවුරු හෝ ඔහුට තේරුම් කර දිය යුතුය.
2015දී රනිල් මෛත්‍රීපාලට නායකත්වය දිය යුතුව තිබුණත්, ඔහු කළේ මෛත්‍රීපාල හීනමානයට පත්කර ඔහු සමග ගැටුමක් නිර්මාණය කරගෙන එය නඩත්තු කිරීමයි.
ගෝඨාභය රාජපක්ෂ හමුවේ ද ඔහු ඉංග්‍රීසි හා රාජ්‍ය තාන්ත්‍රික වැඩකෑලි දමා ඔහු හීනමානයට පත්කර කෙළවාගන්නට ඉඩ තිබේ.
රනිල් දේශපාලන කළමනාකරණයේදී දක්ෂයකු නොවේ.
ඔහු මේ මොහොතේ කරමින් සිටින වැඩකොටස විශිෂ්ටය. ජාත්‍යන්තර බලවතුන් සමග සාකච්ඡා කර අන්තර්කාල මූල්‍ය පහසුකම් ලබාගැනීමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනක් සාකච්ඡා කරගැනීමටත්, මේ දුෂ්කර සමයේ අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය පවත්වාගැනීමට හා ප්‍රතිසංස්කරණ සිදුකිරීමටත් අවශ්‍ය බලතුලනය නිර්මාණය කිරීමේදී ඔහු වැදගත් සාධකයකි.
එහෙත්, මේ මොහොත සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදීමට ඔහු ප්‍රමාණවත් ද යන්න සැක සහිතය. ඒ නිසා, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අනුර කුමාර දිසානායක වැනි කපටි දේශපාලකයන් හමුවේ ඔහු පරාජය වීමේ විභවය වැඩිය.
ඔහුට දී තිබෙන කාලය සීමිත එකකි. එනම්, විදේශ ආධාර ගෙනැවිත් පෝලිම් නැතිකිරීමට දී තිබෙන කාලය පමණක් විය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යනවාට වඩා මේ රටේ අමන දේශපාලකයන්ට අවශ්‍ය වන්නේ බලය තමන් අතට ඩැහැගැනීමටයි. බල පෙරේතකමින් පෙළෙන මෝඩ දේශපාලකයන් කීපදෙනෙකු අත ලංකාව තව තවත් අගාධයට යනු ඇත. අවසානයේදී සිදුවනු ඇත්තේ ශ්‍රී ලංකාව ඉන්දියාවට යම් ආකාරයකින් ඈඳීමයි. එය බල පෙරේතයන්ගේ දේශප්‍රේමයට වඩා නම් හොඳ දෙයකි.
තවමත් රනිල් ඉතා වැදගත්ය. එහෙත්, රනිල් උද්දච්ඡකම අත්හළ යුතුය. මේ වයසේදී ඔහුට එය කිරීමට බැරිවිය හැකිය. එහෙත්, රටට ආදරය කරන කවුරු හෝ ඔහු වටා සිටිනවා නම්, ඒ වෙනුවෙන් උත්සාහ කළ යුතුය. ඔහු ගෝඨාභය, පොහොට්ටුව හා සෙසු දේශපාලන බලවේග කළමනාකරණය කරගැනීමට ශූර විය යුතුය.

Ranil newatha waraddha gaththeya .
21 newatha genenna denne netha .
Ohu samaharavita deasapalanen samuganu atha .
Keseho yali Mahinda agamethivie Rajapassa balaya thahawuruvie rata leavilakata pariwarthanaya weida ?
obage lipi yamthak durata mama agaya karami namuth Anura Kumarata kapati yeyi keema tharamak kuhaka kamaki. mama anurata paksa nowe namuth me welawe ohu nowennata merate inna bahutharayak moda minissu thwamath hithan inne ratakala un hodin ratakalabawath me siyalu prasnawalata hethuwa karmaya bawathya