යෝෂිත රාජපක්ෂ ඉල්ලන මස් රාත්තල සජීව චාමිකර නොදිය යුතු ය

අජිත් පැරකුම් ජයසිංහ
අගමැති මහින්ද රාජපක්ෂගේ පුත්‍ර හා නාවික හමුදාවේ නිලධාරියකු වන යෝෂිත රාජපක්ෂ පරිසරවේදී සජීව චාමිකරට එන්තරවාසියක් යවමින් රු. මිලියන 500ක අලාභයක් ඉල්ලා තිබේ.
හේතු ලෙස දක්වන්නේ ඔහුට සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව හෝටලයක් හිමි බව සජීව චාමිකර මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීම ඔහුගේ චරිතයට අපහාසයක් බවයි.
යෝෂිත රාජපක්ෂ තම නීතීඥයන් මාර්ගයෙන් සජීව චාමිකර වෙත යවා තිබෙන එන්තරවාසියෙහි දැඩි කොන්දේසි අන්තර්ගත ය.
1. මෙම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව පිළිගනිමින් තමාගෙන් සමාව ගැනීම
2. මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍යයන්හි මෙම අසත්‍ය පුවත පළ කර ඇත්නම් එය ඉන් ඉවත් කරන ලෙස අදාළ ආයතන හෝ පාර්ශවයන් දැනුම්වත් කිරීම හා අදාළ පුවත ඉවත් කිරීමට කටයුතු කිරීම
3. අදාළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව මාධ්‍ය නිවේදනයක් මඟින් මාධ්‍ය වෙත දැනුම්වත් කිරීම
4. යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නැවත පදනම් විරහිත චෝදනා සිදු නොකරන බවට ප්‍රකාශ කිරීම
5. දින 07ක් ඇතුළත් කෝටි 50 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීම
අප නීතිය සම්බන්ධ විශේෂඥභාවයක් ඇති අය නොවේ. අප මේ පිළිබඳ අදහස් දක්වන්නේ මහජන අරගල දෘෂ්ටි කෝණයකිනි.
මෙම ඉල්ලීම් ඉටු කිරීම වනාහි පරිසරය වෙනුවෙන් කරනු ලබන අරගලය පමණක් නොව, ප්‍රගතිය වෙනුවෙන් කරනු ලබන සමස්ත සමාජ අරගලය ම බලය ඉදිරියේ පාවා දීමකි. මේවා ඉටු කළ හැකි ඒවා නොවේ. එසේම, ඉටු කළ යුතු ඒවා ද නොවේ.
සජීව චාමිකර කර තිබෙන ප්‍රකාශයෙන් පැවසෙන්නේ යෝෂිත රාජපක්ෂට සිංහරාජය ආශ්‍රිතව හෝටලයක් තිබෙන බවයි. යෝෂිතගේ ප්‍රතිචාරය අනුව පෙනෙන්නේ සජීව එම ප්‍රකාශය කර තිබෙන්නේ සාක්ෂි මත පදනම්ව නොවන බවයි. යෝෂිත රාජපක්ෂ සතුව වෙනත් ව්‍යාපාර ද තිබේ නම්, යම් ව්‍යාපාරයක් ඔහුගේ යයි පුද්ගලයකු අනුමාන කිරීම අපහාසයක් වන්නේ කෙසේ ද? එය ප්‍රමාද දෝෂයකින් සිදු කළ වැරදි ප්‍රකාශයක් විය හැකි ය. ඒ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් ප්‍රමාණවත් ය. යෝෂිත රාජපක්ෂ ඉල්ලන මස් රාත්තල සජීව චාමිකර නොදිය යුතු ය.
එසේම, යෝෂිත රාජපක්ෂට රු. මිලියන 500ක් වටිනා කීර්ති නාමයක් තිබේ ද යන්න ඔහු විසින් ඔප්පු කළ යුතුව තිබේ.
යෝෂිත රාජපක්ෂගේ ක්‍රියාමාර්ගය අප විසින් නිවැරදිව තේරුම් ගත යුතු ය. එය රාජපක්ෂවාදී දේශපාලනයේ පැහැදිලි උපායමාර්ගික පියවරකි. එයින් අදහස් කරනු ලබන්නේ සුළු වරදක් පාවිච්චි කරමින් විශාල හඬක් නිහඬ කිරීමයි. විශාල පුරවැසි ක්‍රියාකාරිත්වයක් බියෙන් සළිත කර අක්‍රිය කිරීමයි. මෙය ඉදිරි අවදානමක පූර්ව අනතුරු ඇඟවීමක් ලෙස බැරෑරුම් ලෙස භාරගෙන මුහුණ දිය යුතු තත්වයකි.
මෙම ප්‍රශ්නයට මුහුණ දීමේදී සිවිල් සමාජය තුළින් දැකිය හැකි ලක්ෂණ ද අවධානයට ලක්කළ යුතු ය. එක් පිරිසක් මෙම අවස්ථාව පාවිච්චි කරමින් මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් තම ගොසිප් වීර පුද්ගල ප්‍රතිරූප බබලවා ගැනීමට උත්සාහ කරනු පෙනේ. තවත් පිරිසක් උත්සාහ කරමින් සිටිනුයේ සජීව චාමිකරගේ ප්‍රකාශයේ වෘත්තිකභාවය සම්බන්ධ ගැටලුව අවධාරණය කිරීමටයි. ඒ අය හැසිරෙන්නේ මෙතෙක් තමන් විසින් කරන ලද සියලු ප්‍රකාශ සාක්ෂි මත පදනම්ව කර මාර ආදර්ශවත් ලෙස හැසිරුණා සේ ය. ඔහොම නෙමෙයි බොල ලේලියෙ මෙහෙම කොටාපන් යි කියන නැන්දම්මලා සේ උපදෙස් දෙන්නට ඉදිරිපත් වී සිටින විශාරදයින්ගේ වස්ත්‍ර යටින් ව්‍යාපෘති ඊර්ෂ්‍යාවේ සෙළුව පෙනෙන එක ගැන කණගාටුදායක ය.
කුමන තත්වයක් යටතේ වුවත් සජීව චාමිකර යෝෂිත රාජපක්ෂගේ ඉල්ලීම් ඉටු නොකළ යුතු ය. යෝෂිත රාජපක්ෂ හමුවේ අප සජීව චාමිකර ආරක්ෂා කළ යුතු ය.
යෝෂිත රාජපක්ෂට අධිකරණයේදී සජීව චාමිකර හමු වීම වඩා හොඳ තත්වයකැයි අපි සිතමු.
කෙසේ වෙතත්, උද්දේශකයන්ගේ, බලපෑම්කරුවන්ගේ, අරගලකරුවන්ගේ වෘත්තිකභාවය පිළිබඳ ගැටලුව කෙරෙහි අවධානය යොමු කිරීමට ද මෙය අවස්ථාවක් කරගැනීමෙහි වරදක් නැත.
Illannaa kawarak illuwath dennaata denna deyak nethnam illannaa kumak karaida !
Bertole Breshet kiyana vidiyata lebiya yuththe yamak sudussatamaya .
Mehidie , Yoshitha mahathmaya oya karuna thula lebiya yuththekda ?
Ohuta hotalayak nethda noesenam oya kiyayana sthanaye hotalayak aththeama nethda . Thibenam ae kaageda . Yoshithageda nethnam wena kaageda !
Wena kaageda nam ea kaageda . Hotalayak ethena thibeda nethnam hadan yanawada !
To be or not to be .
Skriya nithiya thawamath Roma Landesi niethiya bawa sihipath karami .
Defamation is illegal, criminal in some counties (even we had it as criminal for a while during CBK days), however in this case civil penalties will apply. It is up the courts to decide the damage amount and it is Yoshitha’s right to go to courts if he so wish. No need for clarification statements
It is not mistake (it is a new fashion) to accuse people for things, let the accuser come to courts and show his side of the story.
It’s not a small offense (as Ajith say), reputation is big for political family.
Civil society should not be alarmed by court case, they should learn to tell the truth to the society.