බ්‍රේකිං පොයින්ට් එක

ඡායාරූපයේ සිටින පොලිස් නිලධාරියාට කවුරුවත් මෙසේ වෙඩිතියන්නට අණකරන්නට නැතුවා ඇතිය. එසේ අණකරන්නට දෙයක් නැත. මේ පොලිස් නිලධාරීන් ද ඉන්නේ වෙහෙසට පත්වෙලාය. කලකිරිලාය. දරු පවුල්කරුවන් වන බහුතරයක් පොලිස් නිලධාරීන්ට ලැබෙන්නේ පොඩි පඩියකි. අතිකාල, බටා ආදියට දැන් තර්ජන එල්ලවී තිබේ. අතට ලැබෙන පඩිපත ණය තුරුස් ගෙවා ගෙදර කෑම බීම ටික සපයාගන්නටත් මදිය. වෙන වැඩක් කරන්නට වෙලාවක් ද නැත. ඒ මදිවාට උද්ඝෝෂණය. එක එක පඬිවරු මූණ ඉස්සරහට ඇවිත් ජීවිතය ගැන දේශනා පවත්වති. බැරියර් පෙරළති. කඩති; බිඳිති. උපරිමයෙන් කෝපාවිෂ්ට කරති. සියල්ල ඉවසා සිටිය යුතුය. වෙඩිතියන්නට අණ ලැබෙන්නේ නැත. පහරදෙන්නට පවා අණක් ලැබෙන්නේ නැත. කඳුළු ගෑස් පමණි.
ඉතින් ඌ ඒ ලැබුණු අවස්ථාවේ දෙන්නං ජම්බු කියා මෙහෙම කරන තැනට ගොස් ඇත. එය අරගලයේ ජයග්‍රහණයක්ද පරාජයක්ද කියා සිහිබුද්ධියෙන් සිතාබලන්න.
දැන් මේ පොලිස්කාරයන්ගේ රතුඉර පැනලාය. දැන් උන් බලාඉන්නේ අවස්ථාවක් ලැබෙන තෙක්ය.
අරගලයට ද දැන් කඳුළුගෑස්වලින් එහා යමක් අවශ්‍යය. නැතිනම් අරගලය දියවී යයි. පොලිසිය ද කඳුළුගෑස් ඇඟට දමාගසන තැනට ඇවිත්ය.
ප්‍රචණ්ඩත්වය, කැරැලි, මර්දනය ගැන දන්නා අය මේ මොහොත සලකන්නේ breaking point එකක් ලෙසයි. එය උපරිම ආතතියෙන් යුත් මොහොතකි. කාගේ හෝ එක් පුංචි චලනයකින් බලතුලනය බිඳී යනු ඇත. එය අරගලයට මෙන්ම ආණ්ඩුවට ද දේශපාලනිකව ඉතා වැදගත්ය.

Polociye unuth minisunya , aragalaye yedennoda noyeyennoda pandi nettanda aadi siyallo da puhudun minissuya .
Namuth , Diyawannawe adhi aarassawa yatathe gamata yanna beriwa redde suludiya pahawemin inna 225 nam amme muththe kiwwath chandekata yanna patta bayaya !
ශ්‍රී ලංකාව තවත් කොපමණ කලක් මේ ආකාරයෙන් ජීවිතය ගැටගසා ගනු ඇත්ද? මේ රටේ මිනිසුන් අර්බුදයට හුරු වී ඇතැයි ඇතැම් දේශපාලනඥයන් කල්පනා කරයි. එය බෙහෙවින් වැරදි වැටහීමකි. මිනිස්සු අර්බුදයට හුරු නොවෙති. ඔවුන් කරන්නේ අර්බුදය ඉවසීමය. අර්බුදය ඉවසීම යනු වෛරය ගබඩා කිරීමය. එක් තැනකදී මේ ගබඩාව කොපමණ පිරී යත්ද යත් එහි දොර කැඩී වෛරය කිසිදු පාලනයක් නැතිව ගලා යෑමට ඉඩ තිබේ. අරගලය පටන් ගන්නේ එතැනිනි. අප මේ කියන්නේ ගෝල්ෆේප් පිට්ටනියේ මෝඩ අරගලය ගැන නොව, සැබෑ ජන අරගලය ගැන ය. සැබෑ ජන අරගලය ඇවිස්සුනු පසු එය ක්‍රමානුකූලව සිවිල් යුද්ධයක් බවට පත්වේ. මෙය ලෝකයේ රටවල් ගණනාවකදීම සිදුවී ඇත. වෙසෙසින්ම අප්‍රිකානු මහාද්වීපයේ සිවිල් යුද තත්ත්වයන් ගණනාවකට මුල් වූයේ අරගලය පුපුරා යෑමය.
මේ අරගලය විසඳීම සඳහා උනන්දුව ඇත්තේ දේශපාලකයන් අතලොස්සකට පමණි. සෙසු අය තැත් කරන්නේ මේ අර්බුදය ස්වකීය බඩගෝස්තරය වඩවා ගැනීමේ මාර්ගයක් ලෙස පාවිච්චි කිරීමටය. උදාහරණයක් වශයෙන් මේ වේලාවේදී මේ රටේ විපක්‍ෂය රටේ තිබෙන සියලුම බයිලා කියමින් ස්වකීය බලය තහවුරු කර ගැනීමට තැත්කරයි. පොහොට්ටු කට්ටිය සිදුකරන්නේ ද එහි නිර්මිතය වූ කුඩා බල කණ්ඩායම්වල ශක්තිය වැඩිකරගෙන ලොකු බලවතකු බවට පත්වීමටය. මේ රටේ තිබෙන අර්බුදය විසඳීම ප්‍රමුඛ අවශ්‍යතාව නම් අවංක දේශපාලනඥයෙක් කිසි විටෙකත් මෙලෙස හැසිරෙන්නේ නැත. එහෙත් ලංකාවේ දේශපාලනය අංග සම්පූර්ණ කුණුගොඩකි. ඒ කුණු ගොඩේ පණුවන් වී ඉපිද එම කුණුගොඩ කමින් වසුරු හෙළා එම වසුරුද අනුභව කරමින් ජීවත්වන දේශපාලන කණ්ඩායම් මේ රටේ වෙති. එය රටේ හෝ ජාතියේ අවාසනාව පමණක් නොව මුළු ලෝකයේම අවාසනාවකි. ශ්‍රී ලංකාව යනු ලෝකයේ හැම රටක් සමඟම සම්බන්ධකම් පවත්වන දේශයකි. ශ්‍රී ලංකාවේ දේශපාලනය කුණුගොඩක් නම් එම කුණුගොඩ සමඟ සම්බන්ධකම් පැවැත්වීමට වෙනත් රටවල්වලට සිදුව තිබෙන විට එම රටවල් ද අවාසනාවන්ත වෙති. ලෝකයේම අවාසනාවන්ත යන යෙදුම අප විසින් යොදන ලද්දේ ඒ අර්ථයෙනි.