President Gotabaya at public office Narahenpita

2019දී ආණ්ඩුව වැට් බද්ද 15% සිට 8% දක්වා අඩුකළා. ජාතිය ගොඩනැගීමේ බද්ද, ධනවතුන්ගෙන් අයකරන උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළා. ආදායම් බද්ද 18% දක්වා අඩුකළා. වැට් බදු අයකරන ආදායම් සීමාව කාර්තුවකට මිලියන තුනේ සිට මිලියන 75 දක්වා ඉහළ නැංවූවා.

මෙමගින් රජයට 2020දී පමණක් බදු ආදායම රුපියල් බිලියන 500කින් පමණ අඩු වූ බව වාර්තා වෙනවා. කොවිඩ් අධිවසංගතයේ බලපෑමත් එයට එල්ලවුණා.

රජ‍යේ බදු ආදායම 2020දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.1%යි.
2021දී 7.7%යි.

1990දී 20.4%යි.

රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා වැට් බද්ද 12% දක්වාත් විදුලි සංදේශ බද්ද 11.25 සිට 15% දක්වාත් වැඩිකර තිබෙනවා. පුද්ගල ආදායම් බදු අය කරන සීමාව රුපියල් මිලියන තුනේ සිට මිලියන 1.8 දක්වා අඩු කර තිබෙනවා.

වැට් බද්ද වැඩිකිරීම නිසා මේ වන විටත්, වෙළඳපොළේ භාණ්ඩ මිල අසාධාරණ ලෙස ඉහළනංවා තිබෙන ආකාරය දැකිය හැකියි. එමගින් ජනතාව දැඩි පීඩනයකට ලක්වෙනවා.

කෙසේ වෙතත්, මේ බදු ඉහළ නැංවීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් ජාත්‍යන්තර ආයතනවල සහාය ලබාගැනීමේදී මෙන්ම ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ සාකච්ඡාවලදීත් රාජ්‍ය ආදායම් ඉහළනංවාගැනීමේ ක්‍රියාමාර්ග ප්‍රයෝජනවත් වෙනවා.

2021 වන විට රාජ්‍ය ආදායමෙන් 81%ක් වැයවුණේ දේශීය හා විදේශීය ණය හා පොළී ආපසු ගෙවීමටයි. ඒ හා සමාන ප්‍රතිශතයක් රාජ්‍ය සේවයේ වැටුප් හා වෙනත් එවැනි වියදම් වෙනුවෙන් අවශ්‍ය වෙනවා. රටේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.7%යි. මෙහෙම ආර්ථිකයක් පවත්වාගෙන යාහැකිද?

ආදායම් නැතුව වියදම් කරන්න පුළුවන්ය කියල රටේ මුදල් ඇමති හිතුවට ගමේ බේබිනෝනාවත් හිතන්නෙ නැහැ.

3 thoughts on “බදු වැඩිකිරීම රටේ අනාගතය සඳහා අත්‍යවශ්‍යයි

  1. Siyalla siduwooye 1948 sitada ? Nethnam 2019 sitada ?
    Sanwaadayata viwurthaya .
    Kikiliyada Bijuwada kiyaa ahanawa nowei .

  2. Badu wedikirie saarthala wanne , paaribogika aadayama wedinam pamani .
    Kryashakthiya aduwenavita miladieganieme prathisatha aduwei .
    Badden balaporoththu agaya pera paridi ho ietathwadaa aduviyaheka .
    Ithiriwanne naraka naamaya pamani !

  3. ‘අද අප මුහුණ දෙන දරුණුම ආර්ථික අර්බුදය විනාශකාරී නිඟයක් නිසා ඇති වූ දුර්භීක්ෂයක් නොව ඇතැම් දේශපාලන නායකයන් සහ තීරණ ගන්නා තලයේ නිලධාරීන් අතළොස්සක් විසින් අත් නොහැරි උද්ධච්චකම, උඩඟුකම සහ කෑදරකම විසින් මිලියන විසි දෙකක ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදී ඇති විසකුරු දායාදයකි.’

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: