ජාතික ප්‍රශ්නය විසඳන්නෙ කොහොමද

අජිත් පැරකුම් ජයසිංහ
පහත දැක්වෙන්නෙ ජාතික ප්‍රශ්නයට මං යෝජනා කරන විසඳුම.
♠️♣️♥️♦️ මොන ජාතියද? සිංහල කියල ජාතියක් තියෙනවා. සිංහලයන්ට ශ්‍රී ලංකාව කියල රාජ්‍යයකුත් තියෙනවා. දැන් සිංහල ජාතියෙ උඩරට, පහතරට, ගොවිගම, කරාව ආදී වෙනස්කම් නාමික අනන්‍යතා විතරයි. ඒ වගේම, සිංහල මූලිකත්වය පිළිගන්න අලි සබ්‍රි වගේ කෙනෙකුට වුණත් රාජ්‍ය නායකත්වයට පත්වෙන්න පුළුවන්. ජාතිය තමයි සිංහල.
♠️♣️♥️♦️ තව තියෙනවා දෙමළ. ඒගොල්ලන් වෙනම ජාතියක් වෙනුවෙන් සටන් කරන පිරිසක්. දැනට ලෝකෙ කොහෙවත් දෙමළ ජාතියට රාජ්‍යයක් නැහැ. පව්. ඒකීය දෙමළ ජාතියක් කියලත් නැහැ. ඔය දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය කියන එකට බැරි වුණා, අඩුගානෙ ලංකාවෙ මඩකලපුවෙ දෙමළ අයවත් එකතු කරගෙන පුළුල් වෙන්න. කඳුරට දෙමළ මිනිසුන්ව බැහැරම කළා. තමිල්නාඩුවෙ දෙමළ අයව පවා පිළිකුල් කරනවා. එහෙම කරන ගමන් තමයි දෙමළ රාජ්‍යයක් ගැන නැව් ටෝක් දෙන්නෙ.
♠️♣️♥️♦️ ඔය සිංහල, දෙමළ දෙක එකතු කරලා ශ්‍රී ලාංකික කියල එකක් හදන්න බැහැ. ඒක තනිකර බොරුවක්. සුළු ජාතීන්ව සිංහල මූලිකත්වය පිළිගන්න බලකරන්න ඕනැ. දැනට කරල තියෙන්නෙ ඒක. අවංක හා පුළුල් බලය බෙදීමකින් ඒක සම්පූර්ණ කරගන්න ඕනැ. අකැමැති එවුන්ව මර්දනය කරන්න වෙනවා. ඉතිහාසය පුරාම එහෙම තමයි වෙලා තියෙන්නෙ. 2009දි නැවත වටයකින් මේ මර්දනය තහවුරු කළා.
♠️♣️♥️♦️ කැරැලි ගහන්නෙ නැතුව, වෙනම රාජ්‍යයක් ගැන කියෝ කියෝ බිස්නස් කරන එවුන් අවුලක් නැහැ. උන් හැමදාම හිටියත් ගැටලුවක් නැහැ. උන් කරන්නෙ අරමුදල් සම්පාදනය, බල දේශපාලනයෙදි දෙමළ ජාතිවාදය පාවිච්චි කරන එක, දේශපාලන රැකවරණ ගන්න එක වගේ බිස්නස්. ඒවට කවුරුවත් බයවෙන්න ඕනැ නැහැ. කැරැලි ගහන්න ආවොත් කුඩුවෙන්න දෙන්න වෙනවා.
♠️♣️♥️♦️ දෙමළ රාජ්‍යයක් වගේම තමයි. ශ්‍රී ලාංකික ජාතිය කියල එකක් කවදාවත් හදන්න බැහැ. ලංකාවෙ තියෙන්නෙ සිංහල මූලික ශ්‍රී ලාංකික ජාතියක්. දකුණු ආසියාවම එකතු වෙලා ජාතිය ඉක්මවා ගිය පුළුල් දේශපාලන අනන්‍යතාවක් ගොඩනගාගන්න වැඩකරන්න ඕනැ. ඉන්දියාවයි ලංකාවයි අතර පොදු විනිමය ඒකකයක් ගැන දැන් කතාවක් යනවා නේද? ඒ තමයි, ඒ විප්ලවයේ ආරම්භය.
♠️♣️♥️♦️ ඉන්දියාවත් හින්දු මූලිකයි. ඉන්දියාව හින්දු මුස්ලිම් වශයෙන් රාජ්‍යයන් දෙකකට බෙදිලා තමයි ස්ථාවර වුණේ. දැන් තුනයි. අභ්‍යන්තරිකව සාධාරණ අන්දමින් බලය බෙදල තියෙනවා. ඒ නිසා ඉන්දීය කියන පුළුල් ජාතියක් තියෙනවාය කියන්නත් පුළුවන්.
♠️♣️♥️♦️ එහෙම බැලුවොත් ලංකාවටත් තියෙන්නෙ ඉන්දීය විසඳුමම තමයි. ඒ කියන්නෙ සිංහල දෙමළ රාජ්‍ය දෙකක් වෙන එක. හැබැයි, භූ දේශපාලනික යථාර්ථය තුළ ඒ විසඳුම ප්‍රායෝගික නැහැ. ශ්‍රී ලාංකික කියන්නෙ සිංහල. ඒක ඇතුළට දෙමළ ජාතිය දාන්න බැහැ. සරලව කිව්වොත් උන් එන්නෙ නැහැ. ඊලමක් දෙන්නත් බැහැ.
♠️♣️♥️♦️ ඒ නිසා ඒක අමතක කරලා ඉන්දියාවත් එක්ක එකතු වෙලා පුළුල් දේශපාලන අනන්‍යතාවක් ගොඩනගන හැටි හිතන්න. ඔය ප්‍රශ්නෙ ශ්‍රී ලාංකික සීමාව ඇතුළෙ විසඳන්න බැහැ.
පැරකුම්,
ඔබ අපගේ සමාජ විප්ලවයට එරෙහිව අදහස් දක්වන කෙනෙක් බව පේනවා, වහාම එසේ නොවන බව තහවුරු කරන මෙන් ඔබට නියෝග කරන්න කැමතියි අපි,
ඉතා ඉක්මණින් ලංකාවේ අප විසින් පාලනය අත් පත් කරගෙන පිහිටුවන නවීන සමාජවාදී ජනතා රජයක් යටතේ මෙවැනි කටයුතු සිදුකර ජනතාවාදී සමාජ විප්ලවයට බාධා සිදුකරන ඔරබ වැනි රජයේ ගුරු වැටුප් හෝ විශ්‍රාම වැටුප් මත ජීවත් වන රාජ්ය සේවකයන් රාජ්ය සේවයෙන් ඉවත් කර ඔවුන් ප්‍රති අධ්‍යාපන කදවුරු වලට යවා දුෂ්කර පළාත්වල සේවයට යවන බව දැනගත්තොත් හොදයි ප්‍රතිගාමින්ට අපෙන් සමාවක් නෑ, එදා සෝවියට් රුසියාවේ මෙවැනි දෑ සිදුකළ අය මරණයට මුහුණ දුන්නා ඇතැමුන් සයිබීරියාවේ කඳවුරුවල ජීවිතයේ ඉතිරි කාලය ගස් කපමින් කොටන් සකසමින් ජීවත් උනා. ශ්‍රී ලංකාවේත් ඉතාමත්ම දුෂ්කර බදුල්ල ඌව පළාත මොණරාගල උතුරු නැගෙනහිර පළාත් ආදී අසීරු පැති තිබෙන බව මතක තබාගන්නවා නම් හොඳයි.
මළමිනියක් වළලා ගන්න බැරිවුනු අලි සබ්‍රි රාජ්‍ය නායකත්වයට පත්වෙන්නෙ හීනෙන් තමයි කහකඩයො අලි සබ්‍රිගෙ අහවල් එක ගැලෙව්වෙ නැතො එක විතරයි අල්ජසීරා එකට වොයිස් කට් එකක් දුන්නා කියලා, ඉම්රාන් ඛාන්ටම සීන් එකට එන්ටර් වෙන්න සිද්දවුනා පොළොවෙ ජල මට්ටම පහත හෙලලා මළමිනී වළලන්න පුච්චන්නැතුව
ජීවන මාර්ග බිඳ වැටී එදිනෙදා ජීවිතය ගැටගැසා ගැනීමට මහත් වෙහෙසක් දරන සමාජයක මිනිසුන් ජීවත්වන්නේ දැඩි ආතතියකින් හා පීඩනයකිනි. එවැනි පසුබිමක ඔවුන් ගන්නා හදිසි තීරණ නිවැරදි හා බුද්ධිගෝචර වී යැයි අපේක්ෂා කළ නොහැකිය. අවසාන විග්‍රහයේදී මේ සෑම ප්‍රශ්නයකටම තිබෙන්නේ දේශපාලන විස¾දුම් පමණි.
තමන්ට විස¾දුම් සොයාගත නොහැකි ප්‍රශ්නයක පුද්ගලයකු හිර වූ විට ඊට දායක වීම සඳහා පිහිටුවන ලද රජයේ ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද රාශියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ. පුද්ගලයන් එම ආයතනවල පිහිට පැතීමට ඉදිරිපත් නොවීම අපේ රටේ පසුගාමී සංස්කෘතික ලක්ෂණයකි. රට මුහුණ දෙන ආර්ථික අර්බුදයේ බර ජනතාව මත පැටවීම නිසා වැඩියෙන් අසීරුවට පත්ව තිබෙන්නේ රටේ තරුණ පරපුර බව පාලකයන්ට වැටහෙන්නේ නැත.
මීනගයා සිදුවීමේ තරුණ යුවළ දරුවා අත්හළේ මවුපියන්ට ඔවුන් මුහුණ දී සිටින ප්‍රශ්නය ඉදිරිපත් කරන්නට බිය වූ නිසා බව ප්‍රකාශ කර තිබිණි. ඔවුන් ජීවත් වූ සමාජ පසුබිම තුළ එය සත්‍යයක් විය හැකිය. ඔවුන් වෙළාගත් සංස්කෘතික බන්ධන එතරම්ම දැඩිය. ඔවුන් වතුකරයේ මවුපියන්ගේ දරුවෝය.
තවමත් ඔවුන් ජීවත්වන්නේ ලයින් කාමරවලය. දකුණු ඉන්දියානු ජනයා කම්කරුවන් ලෙස මෙරටට ගෙන්වා 2023 මාර්තු මාසය වන විට වසර දෙසීයක් ගත වී තිබේ. බලයට පත් සෑම ආණ්ඩුවක්ම ඔවුන්ට ඔවුන්ගේම නිවෙසක ජීවත්වීමේ අයිතිය ලබාදෙන බව කියා ඡන්දය කොල්ලකා ඇත. රුපියල් 1000 අවම වැටුප ඉල්ලා වතු කම්කරුවෝ උද්ඝෝෂණය කළද එයින්ද පලක් නොවිණි.
අද වතු කම්කරුවන්ගේ දරුවෝ වැඩි දෙනෙක් අඩු වැටුපට කොළඹ නගරයේ විවිධ ආයතනවල සේවය කරති. ඔවුන් මවුපියන් ගැන බැලිය යුතුය. බාල සහෝදරයන්ගේ අධ්‍යාපනය ගැන බැලිය යුතුය. තමන්ගේ ජීවිතය ගොඩනඟාගත යුතුය. මේ සියල්ල මැද තමන් වටා ඇති සංස්කෘතික රාමුව රැකගත යුතුය. ඔවුන් ඕපපාතික නොවේ.
අපේම සමාජයේ දරුවන්ය. අප බලයට පත් කළ කිසිදු ආණ්ඩුවක් ඔවුන්ගේ ප්‍රශ්න දෙස හැරී බලා වත් නැත. ඒ නිසා අපි ද මේ ප්‍රශ්නයේ වගඋත්තරකරුවන් වෙමු. මීනගයා දුම්රියේ අතරමං වූ දරුවා ගැන බොරු දුකක් පෙන්වා පව්කාරයන්ට ගල් ගසන්නට අපට අයිතියක් නැත.