At destroyed President's house

අජිත් පැරකුම් ජයසිංහ

ජයග්‍රහණය සෙලවෙන මනස විතරයි. හැබැයි, රාජපක්ෂ ක්‍රමයේ වෙනසක් සඳහා අපි දිගටම වැඩකරනවා. ඒක ධනේශ්වර විප්ලවයක්. ඒ සඳහා අපි ගෝඨා-රනිල් ආණ්ඩුවටත් උදව් කළා. ඒක හොඳ බල තුලනයක්. ඒත් ගෝඨා කියන්නෙ තීරණ ගන්න බැරි සොකඩයෙක්. ඒ නිසා පන්නපු එක හොඳයි. හැබැයි පැන්නීමට පාවිච්චි කරපු බලවේග මූලික වශයෙන් රාජපක්ෂ ක්‍රමය දූෂණ විරෝධී පැලැස්තර දමා රැකගන්නට උත්සාහ කරන බලවේගයක්. ඒක ශක්තිමත් වීම අවදානමක්. ඒ වගේම, සිංහල බෞද්ධ විරෝධී බලවේග මෙහි පෙරමුණ ගැනීම ඊළඟ වටයේදී තද ජාතිවාදයකට හේතු වෙනවා.

ලංකාව ජාත්‍යන්තර බල දේශපාලනයට තීරණාත්මක ලෙස ඇතුළුවෙලා තියෙන බව තේරුම්ගැනීම වැදගත් වේවි. තවත් යුක්රේනයක් නොවෙන්නට නම්, ලංකාවේ ක්‍රියාත්මක චීන ලයින්වලින් පරිස්සම් වෙන්න වෙනවා. ඒ වගේම, තෝරාගන්නා නායකයා සියලු ජාත්‍යන්තර බලවේග තුලනය කරගන්නට සමත් පරිණත නායකයකු විය යුතුයි. ගෝඨාභයලා වගේ ආධුනිකයන් පුහුණු කිරීමට මේක වෙලාවක් නෙමෙයි.

ලංකාව තියෙන්නෙ සිවිල් යුද්ධයක මුවවිටය කියන එකත් තේරුම් ගන්න. හමුදා වැඩට බැහැලායි තියෙන්නෙ. ලංකාවේ මෙතෙක් බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදීම පාලකයා තමයි ඔබ ඔය අන්ත අසරණ කරලා රටින් පිටුවහල් කළේ. ඒ නිසා ඒ විදියට වැඩකරන්නට ඉදිරි නායකයන්ට බැරිවෙයි.

ඔබ වැඩි වැඩියෙන් දේශපාලනික විය යුතු සමයක් තමයි මේ උදාවෙලා තියෙන්නෙ. ඒ වගේම, වැඩියෙන් බුද්ධිමත් විය යුතු කාලයක්. බල දේශපාලන ප්‍රොපගැන්ඩාවලට රැවටෙන්න එපා. සංවාදශීලී වෙන්න.

ඡායාරූපය අන්තර්ජාලයෙනි. විනාශ කරන ලද ජනාධිපති මැදුරේ ගසන ලද සෙල්ෆියකි.

5 thoughts on “ජයග්රහණය ගැන කෙටියෙන්

  1. Samaharu Anaagathaya Ada dakithi .
    Samaharak wedipura dakinne Athiethayai .
    Uda kie aya buddiemathunya .
    Dewenno kapatinya .
    Athi bahuthare mokuthma nodeka bakanilaa sitithi .
    Pin kemeththo dan demin sitithi .

  2. අපි අපේ අරගලය සදාකාලිකවම ගෞරවාන්විත හා විනය නමැති ඉහළ තලයේ පවත්වාගෙන යා යුතුය. අපගේ නිර්මාණාත්මක විරෝධය භෞතික ප්‍රචණ්ඩත්වය දක්වා පිරිහීමට ඉඩ නොදිය යුතුය. නැවත නැවතත් ආත්ම ශක්තිය සමඟ භෞතික ශක්තිය එකිනෙක මුණ ගැසීමේ උත්කෘෂ්ට උච්චස්ථානයට අප නැඟී සිටිය යුතුය.’ මේ මාර්ටින් ලූතර් කිං (කනිටු) විසින් 1963 වර්ෂයේ අගෝස්තු මස 28දා පවත්වන ලද “I have a Dream” දෙසුමෙහි උද්ධෘතයකි.

  3. “ඒත් ගෝඨා කියන්නෙ තීරණ ගන්න බැරි සොකඩයෙක්. ඒ නිසා පන්නපු එක හොඳයි.”
    “ලංකාවේ මෙතෙක් බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදීම පාලකයා තමයි ඔබ ඔය අන්ත අසරණ කරලා රටින් පිටුවහල් කළේ.” මේ අදහස් දෙක එකිනෙකට පරස්පර නැද්ද?

    • ඕක විතරක් නෙවී කලින් ලිපියෙත් තියෙනවා සෑහෙන පරස්පර අදහස් පැරා කියන්නේ එහෙම බුවෙක්

  4. “ලංකාවේ මෙතෙක් බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදීම පාලකයා තමයි ඔබ ඔය අන්ත අසරණ කරලා රටින් පිටුවහල් කළේ’

    ලංකාවේ මෙතෙක් පැවසූ ලොකුම විහිළුව 😁 අමෝ පැරා ඔයා නම්

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: