Presidents House

ජනාධිපතිවරණ සටන යනු කුමක්ද?

අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති ඡන්දෙන් රනිල් දිනුවොත්….

දැන් කරගෙන යන විදියට ඉදිරියට යයි. අරගලකාරයන් ඉස්සරහ ඇඹරෙන්නෙ නැති පාලනයක් තියෙයි. අයිඑම්එෆ් යයි. ණය ප්‍රතිව්‍යුහගත කරගනියි. බටහිර සහාය ලැබෙයි. සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි සතුටෙන් ඉඳියි.

ඩලස් දිනුවොත්….

ඊට පස්සෙ මොනවද කරන්නෙ කියල ඒගොල්ලො කල්පනා කරයි. අගමැතිකමට සජිතුයි, ජීඑල් පීරිසුයි පොරකයි. අරගලකරුවන්ගෙන් උපදෙස් විමසයි. කුමාර්රයියයි, ඉස්ටාලිම් අයියයි, වසන්ත මල්ලියි කියන විදියට මොකුත් කරගන්න බැරුව ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ටික දවසක් ඉඳියි. අවිනිශ්චිතභාවය නිසා අයිඑම්එෆ් සාකච්ඡා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ඇණහිටියි. බංකොළොත් විශේෂඥ නන්දලාල් මටබැහ් කියලා මාරුවෙයි. මල්වත්තේ අස්ගිරියේ ආශිර්වාද ඇතුව රාජපක්ෂ පොහොට්ටුවේ නායකත්වයෙන් දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි වි⁣රෝධී සිංහල බෞද්ධ ගොවිගම පිරිමි රැල්ලක් නැගිටියි. අරගලය ඒකට යටවෙයි. සමහරවිට ගෝටා තමන් අස්වුණේ බියවැද්දීම් නිසාය කියලා තනතුරට නැවත ක්ලේම් කරයි. මේ අස්සෙ මොනව හරි කරන්න හිතෙනකොට මොකුත්ම කරගන්න බැරි තත්වයක් තියෙයි.

අනුර දිනුවොත් කියන එක කල්පනා කරන්න පැට්‍රෝල් පුච්චන එකේ තේරුමක් නැහැ.

ඩලස්, සජිත්, ජීඑල්, හකීම්, සුමන්තිරන්, කාදිනල් ආදී 🌈දේදුනු සන්ධානයට විරුද්ධව අද රෑම සිංහල බෞද්ධ ගොවිගම පිරිමි මෙව්ව එක වැඩකරන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් හෙට රනිල් ගොඩ. රනිල් ගොඩගියොත් අපි ගෝලීය ධනවාදය එක්ක ප්ලග් වෙලා අර්බුදය සමනය කරගෙන ධනවාදී විදියට වෙනස් වෙයි.

ඩලස් දිනුවොත් ඇත්තෙන්ම ඒකත් විප්ලවයක්. ඩලස් කියන්නෙ මොකක්ද කියල හොයාගන්න හදනකොටම ලංකාවට කටවුට්ටෙකෙන් ගහල ගිහින් ඉස්තිරවම ලයිට් යයි.