එන්නත් වැඩ්ඩො හමුදාවද?

අජිත් පැරකුම් ජයසිංහ
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් තමයි රට පුරාම වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබාදෙන්නෙ. ඔවුන් ඒ කාර්යය කරන්නෙ ඉතා අවම කාර්ය මණ්ඩලයකින්. ඒ විතරක් නෙමෙයි, ප්‍රතිපාදනත් නැහැ. ඔබ දන්නවාද, එන්නත්කරණ වැඩසටහන් කරන කාර්ය මණ්ඩල තමන්ගෙ කෑම බීම සපයාගන්නෙ තමන්ගෙම වියදමින්. එහෙම නැතිනම්, ඒ වැඩේට උදව් කරන දේශපාලන හා මහජන සංවිධානවල උදව්වෙන්. එන්නත් ගන්න එන අයට කිරි තේ බෙදන්න තියා ඒ අයගෙ ගෙවල්වලට කිරිපිටි පැකට් එකක්වත් ගෙනියන්න දැන් ඔවුන්ට හැකියාවක් නැහැ.
ඒ නිසා ඒ තැන් ඉතා අපිළිවෙලයි. ඒක ඇත්ත. මේ වෙනකොට කොරෝනා ව්‍යාප්තිය වැඩිවෙන්නත් එක් ප්‍රධාන හේතුවක් විය හැක්කේ කොවිඩ් එන්නත්කරණ ස්ථානවල තිබෙන දැඩි තදබදයයි. ඒ බොහෝ තැන්වල පෝලිමක් කළමනාකරණය කරන්නට පොලිස් නිලධාරියෙකුවත් නැහැ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඒවා කරන්න විදියක් නැහැ. ඔවුන් කරන්නෙ කොහොමහරි පෝලිමේ එන අයට එන්නත දෙන එක විතරයි. ඔවුන් එන්නත් දෙන්නෙත් දියත උයන වගේ ෆොටෝවලට ලස්සන තැන්වල නෙමෙයි. පාසල් ගොඩනැගිලි වගේ තැන්වල. මේ වගේ ලස්සන ෆොටෝ ගන්න පුළුවන් විදියට මිනිසුන්ට උපකාර කරන්නට තරම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඒ තැන්වල නැහැ. හැබැයි, මේවාට උපකාර කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා, දේශපාලන ක්‍රියාකාරිකයන් වගේ අය ආබාධිතයන් එහෙම එන්නත් දෙන තැන්වලට ඔසවාගෙන යනවා පවා මා දැක තිබෙනවා. ඒවා ෆොටෝ ගහන්නත්, මාධ්‍යවල දාන්නත් කවුරුවත් නැහැ.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල එන්නත් දෙන තැන් හමුදාව එන්නත් දෙන තැන් කීපය එක්ක සන්සන්දනය කරන්න එපා. හමුදාවට හැම දෙයක්ම පිළිවෙලට කරන්නට අවශ්‍ය වැටුප් ලබන කාර්ය මණ්ඩල ඇතිතරම් ඉන්නවා. මතක තබාගන්න, හමුදාවට මේ කාලෙ වැඩ අවමයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල එහෙම නෙමෙයි. එන්නත්කරණයට අමතරව ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරිත් ඔවුන් පවත්වාගෙන යන්න ඕනැ.
හමුදාව පිළිවෙලට කරනවාය, සෞඛ්‍ය අංශ අසාර්ථකය කියන අය නොදැනුවත්ව හෝ කරන්නෙ මිලිටරි දේශපාලනය ප්‍රවර්ධනය කිරීම. විධිමත් රටක හැම දේම හමුදාව ලවා කරන එක නෙමෙයි විය යුත්තෙ. සිවිල් කටයුතු පැවරී තිබෙන අංශ ශක්තිමත් කරන එක. බුද්ධිමත් රාජ්‍ය නායකයින් හෝ හමුදා නායකයින් කරන්නේ සිවිල් ආයතන ශක්තිමත් කරන්නට අවශ්‍ය සහාය දීම මිස සිවිල් ආයතන වෙනුවට හමුදාව ස්ථානගත වෙන එක නෙමෙයි.
රජයට රට හමුදාකරණය කරන්නට අවශ්‍යතාවක් නැතිනම්, කළ යුතුව තිබෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල නායකත්වයෙන් සිදුකරන එන්නත්කරණයට හමුදාව යොදා උපකාර කිරීමයි. සෞඛ්‍යාරක්ෂාව පැවරී තිබෙන සෞඛ්‍ය ආයතන හා ඒවායේ කාර්ය මණ්ඩල ශක්තිමත් කිරීමයි. එහෙම නැතුව, අපි තමයි හොඳටම කරන්නෙ කියලා පෙන්නන්න තරග කිරීම නෙමෙයි. ඒ තරග කරන්න ශිල්ප දක්වන්නෙත් මහජන මුදලින්ම තමයි. එහෙම නැතුව හමුදා ආදායම් උපදවන්නෙ නැහැ.
තවත් තේරෙන්න කියන්නම්කො. රට පුරා සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් අමාරුවෙන් පවත්වාගෙන යන එන්නත්කරණ මධ්‍යස්ථානවලට හමුදා යවන්න. ඔවුන්ට උදව් කරන්න. ලේඛනගත කිරීම්, පරිගණකගත කිරීම් විධිමත් කරන්න. පෝලිම් කළමනාකරණය කරන්න.
දියුණු රටක හමුදාව ඉන්නෙ සිවිල් ආයතන අභිභවා යන්න නෙමෙයි.
Diyunuwenna hadanawaayai kiyamin sitina rataki lankaawa .
Ebevin , nodiyunu rataka pethikada dikiyaheki nisaa hamudaawa civil katayuthu sandahaa musu karanawa viya heka .
Aneka mea mohothe paalanaadhikaariya visin sihina dakimin sitinawaa yai sithiya heki , anaagatha militari aanduwak udesaa pasubima sakas kiriemak hien noolen karanawaa da viya heka .
Nila andumen washiekruthawoo seahena jana vibhawayak pawathina bevin uthasaahaye mul adiyara apahasu nowanu athei poorokathanaya kala heka .
Saamaanyayen prajaathanthika raajyaka Policiya niethiya haa saamaya wenuwen pihitawoo aayathanayaki . Owun musuwanne civil katayuthu sandahaaya .
Military Policiyak da dekiya heka .
Military policiya musuwenne hamudaawa thula viyaheka . Enisaa owun monawada karanne kiyaa kawruth ahannewath netha !
Hanudawa sthaapitha kara aththa moolika wasayen thama saapeksha sathura mardhanayatamaya .
Aayudha maananne sathurata misa dadayam sandahama nowei .
Sathuraata munagehena saapeksha sathura militariyai . Eya wenama kathaawaki .
Oonema hamudaawak panaganwanu labanne sathraa mediemata misa civil katayuthu sandaha nowea .
Namuth aapadaawakadie udaw diema honda deyaki . Manda owun leboo puhunuwa haa hamudaa vinaya yaanthrikawa wedagath nisaaya .