Dhammika Bandara

අජිත් පැරකුම් ජයසිංහ

කෝවිඩ්-19 ගෝලීය වසංගතයකි. එයට ජාතික මට්ටමේ විසඳුම් නැති තරම්ය. ලොව සියලුදෙනා ආරක්ෂිත වනතෙක් කිසිවෙක් ආරක්ෂිත නැති බව අවබෝධ කරගැනීම ඉතා වැදගත්ය. එය ශ්‍රී ලංකාව වැනි හිඟන ජාතිවාදී රාජ්‍යවලට මෙන්ම එක්සත් ජනපදය වැනි ධනවත් ජාතික රාජ්‍යවලට ද අදාළය.

මේ බව අවබෝධ කරගත් එක්සත් ජනපදය කෝවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් තම පේටන්ට් හිමිකම් අත්හැරීමටත්, එන්නත නිෂ්පාදනයේ හිමිකම විවෘත කිරීමටත් තීරණය කර තිබේ. එක්සත් රාජධානිය වැනි තවත් ධනේශ්වර රටවල් මෙම පියවර අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එහෙත්, සමාජවාදී චීනය තවමත් මෙම පේටන්ට් අයිතිය සම්බන්ධයෙන් නිහඬය. ඔවුන් අනිවාර්යයෙන්ම එන්නත්වල පේටන්ට් අයිතිය අත්හැර ලෝකයට එන්නත් නිෂ්පාදනය විවෘත කළ යුතුය. සමාජවාදය නම් එයයි.

ලෝකයේ ධනවත් රාජ්‍ය මේ වන විට තම ජනගහනයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කෝවිඩ්-19 එන්නත් ප්‍රමාණයක් මිලදීගෙන ගබඩා කරගැනීමට සැලසුම් කර ඇති බව සැලවේ. ශ්‍රී ලංකාව වැනි අසාර්ථක රාජ්‍ය එන්නත් නොමැතිකම නිසා කෝවිඩ්-19 පැතිරීමේ අවදානමට ගොදුරු වී තිබෙන්නේ ඒ අතරතුරය.

ශ්‍රී ලංකාව වැනි එන්නත නොමැතිකම නිසා අර්බුදයට ලක්වී තිබෙන රටවල් එන්නත් නිෂ්පාදනය කරගැනීම සඳහා හැකි හැම උත්සාහයක්ම දැරිය යුතුය. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ලබාගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය උපකාර කළ යුතුය. එක්සත් ජනපදය වැනි රටවල උපකාර ඒ සඳහා ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාව පාවිච්චි කළ යුතුය.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන කෝවිඩ්-19 අර්බුදය රාජ්‍ය කළමනාකරණයේ ගැටලුවකි. ශ්‍රී ලංකාව රජය එන්නත ලබාගැනීමට අසමත් වූ බව පිළිගත යුතුය.

එන්නත් සාධාරණ ලෙස බෙදී නොයාමේ ගෝලීය ගැටලුවකුත් තිබේ. එහෙත්, එය ශ්‍රී ලංකාව වැනි හිඟන රටවලට ජාතිවාදයෙන් විසඳාගත හැකි ගැටලුවක් නොවේ. හිඟන ජාතිවාදයට කළ හැක්කේ ධම්මික පැණිය හා කරාපිටියේ හොර දොස්තර පැණිය වැනි ජනතාව රවටන තාවකාලික වංචාකාරී ජාවාරම් පමණක් බව මේ වන විට ඔප්පු කර හමාරය.

මේ අතර, දියුණු ජාතීන් නම් කෙසේ හෝ තමන්ගේ එන්නත් පංගුව ලබාගෙන මේ වන විට රෝගය පාලනය කරගැනීම ආරම්භ කර තිබේ. ජාතිවාදය හිස් මුදුනින් ගත් රාජපක්ෂවාදී ශ්‍රී ලංකාව වැනි රටවලට එන්නත් දරිද්‍රතාව බරපතල ප්‍රශ්නයක් වී තිබේ. ධනවත් ජාතික රාජ්‍ය ජාත්‍යන්තරවාදී පියවර යෝජනා කරන විට හැමවිටම ජාතිවාදී පසුගාමී රාජ්‍ය ඒවාට විරුද්ධ වේ. එහෙත්, ජාතිවාදයෙන් කළ හැකි කැකිරි ගෙඩියක් නැති බව දැන් ඔප්පු වී හමාරය.

දැන් ධනවත් ජාතික රාජ්‍ය සමහරක් හෝ විසින් පේටන්ට් හිමිකම නිදහස් කර තිබේ. ශ්‍රී ලංකාව වැනි ජාතිවාදී රාජ්‍යවලට දැන් එන්නත නිෂ්පාදනය කරගැනීමට උත්සාහ කළ හැකිය. පටු, හිඟන ජාතිවාදයට යට නොවී එක්සත් ජාතීන්, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජනපදය වැනි රටවල උපකාර ඒ වෙනුවෙන් ලබාගැනීමේ අවස්ථාව දැන් විවර වී තිබේ. චීනය අඩු තරමේ ශ්‍රී ලංකාවවත් එන්නත් නිෂ්පාදනයේ පේටන්ට් අයිතිය ලබාදිය යුතුය. නැතිනම්, ශ්‍රී ලංකාවත් චීනයත් අතර තිබෙන ලව් එක බොරුවකි.

ජාතිවාදයෙන් විතරක් වැඩක් නැත. ජාතික රාජ්‍ය දියුණුවෙන්නත් අවශ්‍යය. හිඟන ජාතිවාදී රාජ්‍යවල ජාතිවාදයෙන් ඇති මෙලෝ ප්‍රයෝජනයක් නැති බව කෝවිඩ්-19 ගෝලීය වසංගතය විසින් ඔප්පු කර හමාරය.

අඩු තරමේ ප්‍රගතිශීලී සමාජ ව්‍යාපාරවත් දැන් හෝ ජාතිවාදය අත්හැර සිංහල, දෙමළ, මුස්ලිම් වැනි ජාතිවාදයෙන් ඔබ්බට තම චින්තනය පුළුල් කරගත යුතුය.

Creative Content Consultants

කියවන්න: කොවිඩ්-19 එන්නතක් නැතිව අප තව කෙතරම් කල් සිටිය යුතු ද?

යහපත් ජාත්‍යන්තර සම්බන්ධතා නිසා අපට නොමිලේ ලැබෙන කොවිඩ් එන්නත

එන්නත වෙනුවට සමූහ ප්‍රතිශක්තිය

4 thoughts on “එන්නත් අධිරාජ්‍යවාදය හා හිඟන්නන්ගේ ජාතිවාදය

  1. Ennath hediema ho ennath geniema keseawethath Jonny laa adhiwegie maarga hadanna yuhusuluwa nam hemootama hinaa yana karunaki

  2. Buduhu , jaathiyak janmayak novimasaa lowatama dahama desu bawata nirawul saakshi bohomei .
    Asiyaathika boho paalakayan raastra paalanayedie jaathiwaadiehu wethi .
    Namuth uthpraasaya nam , owhu thama kutumbaya thula jaathiwaadie ho aagam waadie nowiemaya .
    Sakalawaasien samaanathwayen salaku budungen arambi buddhagamikayo da bohomayak hadawathinma jaathiwaadien vieme harupaya kumakda ?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: