ආර්. ප්‍රේමදාස මාළිගාවිල පිළිමයේ ඇදේ දැකපු හැටි

අජිත් පැරකුම් ජයසිංහ
මාළිගාවිල බුදු පිළිමය කෙළින් කරන අති විශිෂ්ට ඉංජිනේරු කාර්යයේ ප්‍රධාන වගකීම දැරූ ඉංජිනේරු ගැමුණු සිල්වා මියගිය පුවත වාර්තා වී තිබුණා. මේ ලිපිය ඔහු පිළිබඳ නෙමෙයි. මාළිගාවිල පිළිමය කෙළින් කිරීම පිළිබඳ මීට කලකට ඉහත සිලෝන් ටුඩේ පුවත්පතට 2016 ජුලි මාසෙ කේ.එච්.ජේ. විජේදාස කළ ප්‍රකාශයක් ගැනයි (මේ සම්මුඛ සාකච්ඡාව මා පරිවර්තනය කළා).
කේ.එච්.ජේ. විජේදාස කියන්නෙ ජනාධිපති ප්‍රේමදාසගේ ලේකම්. ඔහු කියන පරිදි මාළිගාවිල බුදු පිළිමය කෙළින් කර එය විවෘත කිරීමට දින නියම කිරීමෙන් පසු, උත්සවයට දින කීපයකට පෙර ජනාධිපති ප්‍රේමදාස පිළිමය බලන්නට එනවා. එය දෙස ටික වේලාවක් බලා සිටින ඔහු ඉංජිනේරු ගැමුණු සිල්වාට කතාකර එහි ඇදයක් තිබෙන බව පවසනවා. එවැනි ඇදයක් නොමැති බව ඉංජිනේරු ප්‍රශස්ථභාවයකින් මෙම කාර්යය සම්පූර්ණ කළ ඉංජිනේරුවරයා පවසනවා. එහෙත්, ප්‍රේමදාස එය පිළිගන්නේ නැහැ. ඔහු ඇසින් බලා එවැනි ඇදයක් තිබෙන බව දැඩිව කියනවා. එය නිවැරදි කළ යුතු බවත්, එසේ නොකළහොත් තමන් විවෘත කිරීමට නොපැමිණෙන බවත් කියා ඔහු යන්න යනවා.
ඉංජිනේරු ගැමුණු සිල්වා ලහිලහියේ දැවැන්ත දොඹකර ආදිය එහි රැගෙන ඇවිත් වැඩ පටන් ගන්නට සූදානම් වෙනවා. මාළිගාවිලට ඒ දැවැන්ත යන්ත්‍ර සූත්‍ර ගෙනඒම සඳහා වැයවන්නේ මහජන මුදල්. ඒත්, ඇත්තටම කිසි දෙයක් කරන්නේ නැහැ. ඇදේ හැදුවා කියලා කියනවා. ප්‍රේමදාස ඇවිත් සතුටින් පිළිමය විවෘත කරනවා.
මෙවැනිම සිද්ධියක් ඇඹිලිපිටියේ ඔර්ලෝසු කණුවක් සම්බන්ධයෙන් ද සිදුවන බව විජේදාස පවසනවා.
ලංකාව වගේ රටක ප්‍රේමදාස වගේ අය නැවත නැවතත් බලයට එන්නට පුළුවන්. කොහොමත්, මේ රටේ කවදාවත් විශිෂ්ට නායකයකු රාජ්‍ය නායකයා වෙලා නැහැ. ඩී.බී. විජේතුංග හැර ජනාධිපති පදවියට පත්වුණ හැම කෙනෙකුම ඉතා උද්ධච්ඡ මිනිසුන් බව පෙන්නුම් කළා.
මෙවැනි රටකට දැනට තිබෙන ආකාරයේ විධායක ජනාධිපති බලතල ගැලපෙන්නේ නැහැ. එදා ප්‍රේමදාසගේ මාළිගාවිල උදාහරණයෙන් ඔප්පු වූ ඒ කරුණ අද වන විට නැවත ඔප්පු වෙමින් තිබෙන්නේ කොවිඩ් මර්දනය හා පොහොර අර්බුදය එක්කයි. ඉදිරි කාලයේදී ජනාධිපතිවරයා රට බංකොලොත් වීම හමුවේ කරන දේ මොනවා වෙයිද?
Rasayanika poora thula wasa vira athei kandaatamak moradethi . Hebei monaada ae vtheyenawaayai kiyana visa wasa kiyaa ahuwath kiyannema netha . Eseama poora mogenwane bankoloth nisaa kiyaa kiyanne da netha . Kooti ganang $ s ginipoloyata gaththath ewwayen soobana wedath karanawaaya .
Hemooma carbonica carbonica yei mora dunnath carbonika nowana aharak namkoranna kie vita kisina mukha paaliyak nodakwa athurudahanya .
Wathura pawaa rasaayanika bawa mea avicharawath samayedi nokiyaama beriya .