2023 budget proposals

ආරක්ෂක වියදම් එක රැයින් අඩුකරන හැටි

අජිත් පැරකුම් ජයසිංහ

ජනතා විමුක්ති පෙරමුණට හා අරගලයට සම්බන්ධ පාර්ශ්ව කෙළින් නොකියා ආරක්ෂක වියදම් වැඩි බව කියමින් හමුදා අඩුකරන්නට කැම්පේන් එකක් කරති.

2023 අයවැය යෝජනාවලදී ද ජනාධිපතිවරයා හමුදා අඩුකිරීම සඳහා පියවර යෝජනා කළේය.

ආරක්ෂක වියදම් අඩුකිරීම ගැන කතා කරන පිරිස් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන ගැන හරියට දන්නේ නැත. පහත දැක්වෙන්නේ එම ආයතන ලැයිස්තුවයි.

  1. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය
  2. ශ්‍රී ලංකා යුද හමුදාව
  3. ශ්‍රී ලංකා නාවික හමුදාව
  4. ශ්‍රී ලංකා ගුවන් හමුදාව
  5. ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව
  6. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
  7. බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය
  8. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
  9. රාජ්ය බුද්ධි සේවය
  10. ජාතික ශිෂ්‍ය බලකාය
  11. ආරක්ෂක අණ හා මාණ්ඩලික විද්‍යාලය
  12. ආරක්ෂක සේවා විද්යාලය
  13. ආරක්ෂක පර්යේෂණ සහ පුහුණු මධ්යස්ථානය
  14. ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය
  15. ජාතික ආරක්ෂක ඇකඩමිය
  16. රණවිරු සේවා අධිකාරිය
  17. රක්නා ආරක්ෂක ලංකා සමාගම
  18. රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික අධිකාරිය
  19. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
  20. ජාතික ආපදා සහන මධ්‍යස්ථානය
  21. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
  22. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
  23. ජාතික ආරක්ෂක අරමුදල
  24. අපි වෙනුවෙන් අපි අරමුදල

රජයට අවශ්‍ය නම් ආරක්ෂක වියදම් එක රැයින් අඩු කළ හැකිය. ඒ සඳහා කළ යුත්තේ මෙම ලැයිස්තුවේ තිබෙන ඇතැම් ආයතන වෙනත් අමාත්‍යාංශවලට පවරා දීමයි.