‘අරගලය’ ගැන ගැඹුරුම විශ්ලේෂණය සිදුකරන ‘කෙටි චිත්‍රපටය’ ගැන විග්‍රහයක්

අජිත් පැරකුම් ජයසිංහ
මේ වීඩියෝව හොඳින් බලන්න. මේක මම නම් දකින්නෙ යුදමය වාර්තා චිත්‍රපටයක් විදියටයි.
මේකෙදි එක පැත්තක හමුදාව ඉන්නවා. අනෙක් පැත්තෙ ‘අරගලකරුවන්’ සහ ඔවුන්ගේ මාධ්‍ය ඉන්නවා.
හමුදාව කොහොමත් සන්නද්ධයි. අරගලකරුවන් ඉන්නෙ කිරිබත්වලින් සන්නද්ධ වෙලා. කිරිබත් කියන්නෙ ලංකාවෙ ආහාරයක් ඉක්මවා ගිය දෙයක්. විශේෂයෙන්ම දේශපාලනික ආධිපත්‍යයේ ප්‍රකාශනයක් ලෙස සිංහල ජනයා 2009දී, 2019දි සහ තවත් අවස්ථාවලදි කිරිබත් ඒ විදියට පාවිච්චි කර තිබෙනවා. මෙතනදිත් කරන්නට උත්සාහ කරන්නෙ ඒක.
මෙතනදි උපායමාර්ගය වෙන්නෙ හමුදා සෙබළෙකුට කිරිබත් කවා ඡායාරූපයක් ගැනීම. කැමරාකරුවන් මළ පෙරේතයන් වගේ ඡායාරූපයට රොද බඳින ආකාරය නම් පිළිකුල් සහගතයි.
හයක් හතරක් නොදන්නා ළමයකුවත් මෙතනට ඇදගෙන ඇවිත් ඒ ළමයා ලවා හමුදාවට කිරිබත් කවන්නට උත්සාහ කරනවා. මිලිටරි අරමුණක් වෙනුවෙන් ඔවුන් උත්සාහ කරන්නේ ඒ දරුවාව අපයෝජනය කරන්නටයි. සොල්දාදුවන් කිරිබත් නොකන නිසා ඔවුන් ළමයා යොදවා ඔවුන්ට කිරිබත් කවන්නට උත්සාහ කරනවා. ඔවුන්ගේ අරමුණ ඡායාරූපයයි. ඒක ඉෂ්ට වෙන්නෙ නැහැ.
ඔවුන් එතන සිටින දුර්වලයකු යයි පෙනෙන සොල්දාදුවකුට කිරිබත් කවන්නට උත්සාහ කරනවා. ඉල්ලීම් කරනවා. බලපෑම් කරනවා. දේශන පවත්වනවා. ‘අරගලයට ජයවේවා!’ කියන අර මූලික හැඩයෙන් ‘හේල් හිට්ලර්’ සටන් පාඨයට සමාන පාඨය සජ්ජායනයත් කරනවා.
වීඩියෝවේ අවසානය විකට ජවනිකාවක්. වීඩියෝකරු කිරිබත් නොකෑ නිසා හමුදාවට බලු බැනුම් බණිනවා. ඒ බණින්නෙ ‘ආදරයේ අරගලය’ කියන යෙදුමත් පාවිච්චි කරමිනුයි.
මේක අරගලය ගැන ගැඹුරු ප්‍රකාශනයක් සිදුකරන කෙටි චිත්‍රපටයක් ලෙස සලකා මෙහි නිර්මාපකයාට (පානදුරේ ලාල්?) සම්මානයක් දෙන්නට වුණත් පුළුවන්. ලාල් නම් හිටියෙ රාජිත එක්ක. රාජිත ඉන්නෙ ඇත්තටම සජිත් එක්කද?
අරගලය කියන්නෙ කැරැල්ලක්. ඒ ගැන බොහෝ දේශපාලකයන්ට පවා හරි අවබෝධයක් නැහැ. ඒත්, අරගලයට ගොඩනඟපු සමාජ මාධ්‍ය කණ්ඩායම් ආදියේ මුල සිටම විවිධ දේශපාලන බලවේගවල ඉත්තන් හිටියා.
එජාප සමග සම්බන්ධ ව්‍යාපාරිකයන් තමයි දැන් වාර්තා වෙන විදියට ගෝල්ෆේස් එකට ඇතැම්විට බත් බුරියානි දුන්නේ. අරගල භූමියේ තියෙන ශාන්ත ජෝන් ප්‍රථමාධාර කඳවුර උදාහරණයකට ගන්න. ලංකාවේ සෙන් ජෝන්ස් සභාපති මා දන්නා විදියට ශාක්‍ය නානායක්කාර. ඔහු කවුද? රනිල් වික්‍රමසිංහගේ යෞවන සමාජ සම්මේලනයේ පළමුවෙනි ලේකම්.
මේ වගේ තීරණාත්මක බල අරගලවලට, කැරැලිවලට, යුද්ධවලට ඔබ දායක වෙනකොට මෙවැනි කාරණා ගැනත් අවධානය යොමුකරන්න. හදවතින් දේශපාලනය කරන්න ඕනැ. හැබැයි, ඒ ගමන් බුද්ධියත් වර්ධනය කරගන්න.
වීඩියෝව පහත සබැඳියෙන් නරඹන්න:
https://www.facebook.com/633964325/videos/610346813853095/

Lankikayan bahutharayak KIRIBATH handa ahenakotama ewwa kanna kesel kola kapanna duwa yanno wethi .
Namuth Kiribathgoda namwoo gama gamya weththdie owho eyada nosalakaa chienapatas hoyannata diwa yannohu wethi .
Aragalaye sebe aruthak nodena uhu walmathwoowanda !
මේ ජනාධිපති තෝරන්නෙ ජනතාවගේ ඡන්දෙන් නොවෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න 225 ඡන්දවලින්. පහුගිය කාලයක් පුරා මාරුවෙන් මාරුවට මේ රට හොරාකාපු අය තමයි ඔය පුටුවල බහුතරයක් වාඩිවෙලා ඉන්නේ. මිනිස්සු අද තෙල් පෝලිම්වල තියලා මරවන්න ඩොලර් හොරාකාපු උන්, ඒවට උඩගෙඩි දීපු උන්, ඒවා දැක දැක නිහඬව හිටපු උන් ඔය පුටු රත් කරනවා. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, නෙළුම් කුළුණ, සූරියවැව ක්‍රීඩාංගණය, අධිවේගී මාර්ග පෙන්නලා මේ රටේ මහජන ධනය රාජපක්ෂලා ගසා කනකොට ඒ ව්‍යාපෘතිවලට කැබිනට් එකේ දී අත් උස්සපු ඩලස්, විමල්,වාසුලගෙ ඉඳලා රනිල් මහ බැංකුව හොරා කනකොට කැබිනට් එකේ හිටපු සජිත්, චම්පික, රාජිත, කිරිඇල්ල දක්වා අය ඔය 225 ඉන්නවා. අනුර දිසානායක ජනාධිපති කරන්න පාර්ලිමේන්තුවේ ඡන්දෙ දීලා, අනුර හොරු අල්ලන්න පටන් ගත්තහම තමුන්ම හිරේ යන්න මේ උදවිය කැමති වෙයිද?
අනුර කුමාර දිසානායක සහෝදරයව ජූලි 20 පාර්ලිමේන්තුවේ තියෙන ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් කරනවා කියලා ජාතික ජන බලවේගය කිව්වා. මේ වෙලාවේ රට ඉල්ලන දේශපාලනයේ පරිණත, කාර්යක්ශම, උගත්, අදූෂිත තරුණ නායකත්වය දෙන්න පුළුවන් කෙනා ඔහු තමයි. මේ වෙලාවේ ජනාධිපතිවරණයක් තිබ්බොත් රටේ ජනතාවගේ කැමැත්ත ඒක කියලා මිනිස්සු ඔප්පු කරයි. පහුගිය දවස් වල තිබුනු online polls සියල්ලගෙන්ම ඒක පෙනුනා. ඒවා කළේ රටේ නම ගිය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය.
අනුර ජනාධිපති කරල 225ම වත්කම් බැරකම් හොයන්න ගත්තහම තමන් අයථා විදියට උපයපු දේපල නැති වෙන බවත් තමන්ට හිරේ යන්න වෙන බවත් දන්නවුන් අනුර ජනාධිපති කරන්න ඡන්දෙ දෙයිද? අනුර ජනාධිපති වෙලා හොරු අල්ලන්න බය නැති එවුන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවනම් අනුර දිසානායකට ඡන්දෙ දෙයි. අපි බලමු මේ පාර්ලිමේන්තුව තවදුරටත් තියාගෙන ඉඳලා පොදු ජන අරගලයේ අරමුණු ඉටුකර ගන්න පුළුවන්ද කියලා. ඒ අර්ථයෙන් ජූලි 20 තීරණාත්මකයි
KIRIBATHGODA kiyanakotama samaharu kehel kola kapan enna diwwoya !