අනුරාධපුර රැළිය තේරුම්ගන්නේ කෙසේද?

අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළිය හා එහි සහභාගීත්වයේ තරම විපක්ෂයේ බොහෝදෙනෙකු කලබලයට පත්කිරීමට හේතු වී තිබේ. ආණ්ඩුව නිකම්ම කඩාවැටී තමන් මේ වන විටත් මසාගෙන සිටින ජනාධිපති සූට් තමන්ටම අඳින්නට වාසනාව උදාවනු ඇතැයි සිතාසිටින සජිත්, අනුර, චම්පික වැනි අයට වැඩේ ලේසි නැති බව පෙන්වීමට පොහොට්ටුව සමත් විය.
රැළියට සෙනග ගෙන ආ ආකාරය හා ඒ සෙනග අතර එතරම් උණුසුමක් නොපැවතීම එතරම් ගැටලුවක් නොවේ. මහජන මතය යනු යම් දුරකට නිර්මානය කළ හැකි දෙයකි. එය නිර්මාණය කරන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් පොහොට්ටුවට තිබේ. කෙතරම් සූක්ෂම ලෙස කටයුතු කළත් මහජන මතය හැසිරවිය හැක්කේ එක්තරා දුරකට පමණි.
පොහොට්ටු රැළිය දැක විපක්ෂ ක්‍රියාකාරිකයන් බියපත් වී රැළියට සහභාගී වූ වෙනදා ‘ආදරණීය ජනතාව’ ලෙස හඳුන්වන පිරිස් අම්බරුවන් ලෙස හඳුන්වනු සමාජ මාධ්‍යවල දැකිය හැකි විය.
මේ අතර, ගෝඨාභය, මහින්ද වැනි පොහොට්ටුවේ සංකේතීය නායකයන් කලකට පසු සෙනග රැස්වූ රැළියක් දැක ඕනෑවට වඩා චූන්වී ඇති බවක් ද දක්නට ලැබිණි. ඡන්ද පවත්වන්නට අභියෝග කළත්, තවමත් ඔවුන්ට වාසිදායක වන්නේ විපක්ෂයේ අසමගියයි. ඔවුන් විසින් තම බලය ප්‍රදර්ශනය කරන්නට යාම ඔවුන්ට අවාසිදායක වන්නට ද පුළුවන. හේතුව, මේ වන විට, තනි ගමන් යමින් සිටින සජිත්, අනුර, චම්පික වැනි විපක්ෂ නායකයන්ට ආපසු හැරී බලන්නට පොළඹවන්නට ඉඩ තිබේ. තනිව පොහොට්ටුව පරාජය කිරීමට නොහැකිය යන අවබෝධය තුළ ඔවුන් අතර සම්මුතියක් නිර්මාණය වුවහොත් එය පොහොට්ටුවට අවාසිදායකය.
කෙසේ වෙතත්, මේ වන විට ආණ්ඩුව කරමින් සිටින දේ ගැන අපගේ අවධානය යොමුවිය යුතුය. ඔවුන් සුපුරුදු පරිදි යම් යම් දූෂණයන්වල යෙදෙන බව ඇත්තකි. එහෙත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් පවා පහළට විහිදෙන මහා පරිමාණ දූෂණයක් සිදුකළ නොහැකි තරමට ආර්ථිකය දුර්වලය. ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව කරන දේ ඉතා වැදගත්ය. දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩු විසින් නොකර තිබුණු ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ඔවුන්ට කිරීමට සිදුවී තිබේ.
ඉතා වේදනාකාරී වන මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ආණ්ඩුවට යම් ජනප්‍රියත්වයක් අවශ්‍යය. ඒ සඳහා අනුරාධපුර රැළිය වැනි ජවනිකා වැදගත් වේ. පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණයකින් ජයගැනීම වුව නරක නැත. විපක්ෂයේ පක්ෂවලට තිබෙන ශක්තියේ තරම පෙන්වාදීම ද ඉතා වැදගත්ය.
ඔවුන්ට තනියෙන් මේක කරන්නටත් බැරිය. හවුලේ කැඳත් බැරිය.

Kawru kawruth tak bheer wenne abawudhdha janayaa janda polata giyavitaya .
මැති ඇමැතිවරුන්ගේ පුතුන් හෝ ළඟම ඥාතීන් වාහන ඇතුළු රජයේ දේපළ යොදාගෙන පහරදීම් හෝ නීති විරෝධී කටයුතුවල යෙදුනු බව තහවුරු වුණොත් ඇමැතිවරයා වහාම තනතුරෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන ඇත. පළමුකොට කිව යුත්තේ මේ තීරණය කිසි කලෙකත් ක‍්‍රියාත්මක නොවන බවය. දෙවනුව කීමට ඇත්තේ අස්කරනවා නම් ඇමැති තනතුරින් නොව මන්ත‍්‍රීකමින්ද ඔහු ඉවත්කර දැමිය යුතු බවය. මන්ත‍්‍රීකම තිබුණොත් නැවත වතාවක් වෙනත් ඇමැති තනතුරක් ඔහුට ලැබේ. එවිට ඔහුගේ පුතා, බිරිඳගේ මල්ලි, එම මල්ලීගේ මස්සිනා, ලොකු තාත්තගේ පුතා, බාප්පාගේ බිරිඳගේ අල්ලපු ගෙදර අය යනාදීන් නැවතත් පිස්සු කෙළින්නට පටන් ගන්නවා ඇත. එසේම ඇමැතිතුමාගේ පුතාලා සහ දුවලා ආණ්ඩුවේ කිසිම ව්‍යාපාරයකට සම්බන්ධ කරගැනීමෙන්ද වැළකිය යුතුය. අරුන්දික ප‍්‍රනාන්දුගේ පුතා පසුගිය සතියේදී ස්වකීය පීතෘ රත්නය යටතේ පවතින අමාත්‍යාංශයේ වාහනයක් මගින් වෛද්‍ය ශිෂ්‍යයකු පැහැරගෙන යෑමට තැත් කළේය. කොලූවාගේ ග‍්‍රහයා හොඳ බැවින් ඔහු බේරින. මෙසේ පැහැර ගැනීමට ලක්වනු ලබන තරුණයන්ට ඇමැතිගේ පුතාගෙන්ද, එම පුතාගේ යහළුවන්ගෙන්ද, ඇමැතිගේ ආරක්ෂාවට සිටින MSD එකේ පොරවල් වෙතින්ද නහයෙන් කටින් ලේ එන තුරු ගුටි කන්නට සිදුවේ. මෙසේ ගුටි කෑමෙන් පසු ඒ යෝධයා බොහෝවිට සිහිමඳ ගතියෙන් පෙළෙන අබ්බගාතයෙක් බවට පත්වෙයි. අරුන්දික ප‍්‍රනාන්දු නමැති දේශපාලනඥයා සමග අපගේ කිසිදු පෞද්ගලික තරහක් නැත. ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේගෙන් පසු වත්තල සිට හලාවතටත් එහා පැතිර යන සුවිසාල භූමි පරාසයේ ජීවත්වන කතෝලික ප‍්‍රජාවට වැඩිම සේවයක් කළ දේශපාලනඥයා අරුන්දික ප‍්‍රනාන්දුය. (කසිප්පු විකිණීමට ඉඩදීමෙන් නොවේ) එහෙත් ඔහුගේ පුතා ඔහුගේ අමාත්‍යාංශයේ වාහනයක් ගෙනගොස් එදිරිවාදී තරුණයකු පැහැර ගැනීමට තැත්කළ සිද්ධියේදී ඔහු කළ යුතුව තිබුණේ ඇමැතිකමින් අස්වීම පමණක් නොවේ. ඔහු නිවැරදි සහ පිරිසිදු මිනිසකු නම් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීකමින්ද ඉල්ලා අස්විය යුතුය. මේ ලංකාව බැවින් එබන්දක් සිදුනොවේ. සමහරවිට තව ටික කලකින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන අරුන්දික පුත‍්‍රයා අධිකරණ ඇමැති ලෙස වැඩ භාරගැනීම වුව සිදුවුව හැකිය.
මැති ඇමැතිවරුන්ගේ දූ පුතුන් රජයේ දේපළ පරිහරණය කරමින් සිදුකළ අයථා ක‍්‍රියා 34 ක් පසුගිය අවුරුදු දෙකේදී වාර්තා විය. පසුගිය අවුරුදු දෙක යනු පොහොට්ටු ආණ්ඩු කාලයයි. ඊට පෙර පැවති යහපාලන ආණ්ඩු කාලයේදීද මෙවැනි දේවල් ඕනෑ තරම් සිද්ධ වුණා විය හැක. ඊට පෙර පැවති රාජපක්ෂ යුගයේදී සිද්ධ වුණ තරමක් සිද්ධ වුණේ මේ දේවල්මය. මේ දේවල් මේ රටට පුරුදු කරන්නේ 1977 දී බලයට ආ යූ. එන්. පී. ආණ්ඩුවය. එකල ආණ්ඩුවේ වාහන, ආණ්ඩුවේ ඉඩම්, ආණ්ඩුවේ ගොඩනැගිලි යනාදිය කෙළින්ම පෞද්ගලික දේපළ බවට පත්වූ අවස්ථා තිබිණ. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු නෛතික ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලද්දේ දැයි අපි නම් අසා නැත්තෙමු. චන්ද්‍රිකා ජනාධිපතිතුමිය රට කරන කාලයේදී එම ආණ්ඩුවේ මැරයන් කිහිපදෙනෙක් රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා භූමිතෙල් දමා ගිනි තැබීම පිණිස එම ගෙදරට ගියේ ආණ්ඩුවේ වාහනවලය. අන්තිමට චන්ද්‍රලේඛා සහ රූකාන්ත රට හැර ගිය අතර පෙර කී මැරයන්ට නිය පිටින් කරදරයක් සිදුවුණේ නැත. මේ රටේ දේශපාලනය අත්‍යන්තයෙන්ම දූෂිතය. මේ රටේ සමාජයද අත්‍යන්තයෙන්ම දූෂිතය. මේ දෙකම එකතුවීමට ගතවන්නේ ඉතාම සුළු වෙලාවකි. මේ දෙක එකතු වූ විට හටගන්නා බලය පරමාණු බෝම්බයක බලය තරම් සැරය.
තමන්ට ගෙදර යන්නට වාහනයක් නෑ කියූ පොහොට්ටු මන්ත‍්‍රී කෙනෙක් පසුගිය දා ජනාධිපති කාර්යාලයෙන් වාහනයක් ණයට රැුගෙන ගියේය. ඊළඟට ඔහු එම වාහනය ගල් කළේය. එය අදටත් ජනාධිපති කාර්යාලයට පැමිණ නැත. මේ මන්ත‍්‍රීතුමාම පසුගිය දවසක ගමේ යෑම සඳහා ආණ්ඩුවෙන් වාහනයක් ඉල්ලාගෙන එයද ගල්කර ගත්තේය. මේ වාහන ගෙනවුත් භාරදෙන ලෙස ආණ්ඩුව කියන නමුත් මන්ත‍්‍රීතුමා මේ වනවිට දුරකථනවලට උත්තර දීමෙන්ද වැළකී සිටී. මේ ආකාරයෙන් රජයේ දේපළ අපහරණය කරන ඇමැති නැන්ද මාමලා, නෑනලා සහ මස්සිනාලා 16 දෙනකු ගැන තොරතුරු ආණ්ඩුව සතුව තිබේ. අපට පෙනෙන විදිහට මේ අයට විරුද්ධව පියවර ගැනීමට ආණ්ඩුව බිය ය. එයට හේතුව මේ හැම මන්ත‍්‍රීවරයකු සතුවම ඡුන්ද බේස් එකක් තිබීමය. මේ රටේ පාර්ලිමේන්තුව හැදෙන්නේ එවැනි ඡුන්ද බේස් 225 ක් එකතු වීමෙනි. රජයේ දේපළ අපහරණය කිරීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරුන් හෝ ඇමැතිවරුන් නෙරපන්නට ගියොත් ඉතා සුළු කලකින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලයද අපහරණය වීම නොවැළැක්විය හැකිය. චීනය වැනි රටවලදී මෙවැනි වැරදි කරන කොයි ලොක්කාටත් ගුවන් යානා නාශක තුවක්කුවලින් වෙඩි තබා මැරීම සිදුවෙයි. ගුවන් යානා නාශක තුවක්කුවකින් කෙනකුට වෙඩි තැබූ විට ඒ මිනිහාගේ කෑලි එකතු කිරීමට සිදුවන්නේ වට්ටියක් යොදාගෙනය. අප සිංහල බෞද්ධ රටක් වන බැවින් එතරම් දුර යායුතු නැත. ඇමැතිතුමා මන්ත‍්‍රීකමෙනුත් පලවා හැරීම හොඳටම ප‍්‍රමාණවත්ය.