අජිත් පැරකුම් ජයසිංහ
මාධ්‍ය අවභාවිතය අලුත් දෙයක් නොවේ. මාධ්‍ය සමග තරහ වීම පමණක් නොව මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම හා මාධ්‍යකරුවන් ඝාතනය ද මේ රටේ අලුත් දේ නොවේ.
මාධ්‍යවලට බම්බු ගහගන්නැයි කියා හරි දේ කරනවා නම්, දේශපාලකයාට බිය වන්නට දෙයක් නැත. පැරදුණත් ඇත්ත කිව යුතුය. හෘදය සාක්ෂියට එකඟව හරි හෝ වැරදි දේ කළ යුතුය.
දේශපාලනයේදී අනිවාර්යයෙන්ම හැමෝම කැමති, කිසිදු වරදක් නැති, ඉතා ජනප්‍රිය දේ කරන්නට ලැබෙන්නේ නැත. ලංකාව වැනි රටක දේශපාලන නායකත්වයම අභියෝගයකි. එයින් ඉවත් වී සිටීම සැපතක් බව තේරුම් ගැනීමේ පුළුල්කම ගොඩනගාගත යුතුය.

ගෝඨාභය: ජනප්‍රිය දේ කළේය. කළ දේ අවංකවමත් කළේය. එහෙත්, ඔහුගේ සතුරන් පමණක් නොව, මිතුරන් ද එක්ව ඔහු අවමන් සහගත ලෙස පළවා හැරියහ.
රනිල්: හරි දේ කළේය. එහෙත්, ඔහුගේ ජාත්‍යන්තර හා දේශීය සතුරන් එක්සත්ව රනිල් පැරදවීය.
අනුර කුමාර දිසානායක: රාජ්‍ය නායකත්වයට පත්වූයේ අභියෝග සහ අවදානම් ඉතිහාසයක් සමගය. ඔහු දිගට කරගෙන යන්නේ එම ඉතිහාසය විසින් ඔහුට පැවරූ දේය. ඔහු අලුතින් කළ දේ අවමය.
ඔහු මෙතෙක් ඉතිහාසය අලුත් කර ඇත්තේ එකම එක දෙයකින් පමණි: එනම්, තමන්ට පෙර සිටි රාජ්‍ය නායකයා සිරගත කිරීමට ක්‍රම සොයාගැනීමෙන් පමණි.

මෙවැනි දෙයකට කිට්ටු දෙයක් මීට පෙර කළේ ජේ.ආර්. ජයවර්ධනය (සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම). රනිල් සම්බන්ධයෙන් ඇත්තේ ඔහු හිරේ මැරෙන තත්වයට පත්කිරීමේ සැලසුමකි.
අනාගත දේශපාලනය සම්බන්ධයෙන් දැනට ජවිපෙ ආණ්ඩුවෙන් මුලපුරා තිබෙන එකම දෙය එයයි. මාධ්‍යවලට බිය වන තත්වයක් නිර්මාණය වන්නේ මෙම ‘හිස්කම’ තුළ විය හැකිය.











