Gotabaya Rajapaksa

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂයි. පහත දැක්වෙන්නේ ඔහුගේ මූලික ජීව දත්ත හා මෙතෙක් ඉතිහාසයයි.

Sinhala Tamil English Translations and Content Writing

නම: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
උපන් දිනය: 1949 ජුනි 20 (2019ට වයස අවුරුදු 70යි)
උපන් ස්ථානය: පාලටුව, මාතර
පියා: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ. රාජපක්ෂ
මව: දන්දිනා රාජපක්ෂ
සහෝදර සහෝදරියෝ (වැඩිමහල් සිට අනුපිළිවෙලින්): චමල් රාජපක්ෂ, ජයන්ති රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රා රාජපක්ෂ (නැසීගිය), ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඩඩ්ලි රාජපක්ෂ, ප්‍රීති රාජපක්ෂ, ගාන්ධිනී රාජපක්ෂ (මියගොස්)

බිරිඳ: අයෝමා රාජපක්ෂ
දරුවන්: දමින්ද මනෝජ් රාජපක්ෂ (උපන්නේ 1982) (සෙව්වන්දි ලියනආරච්චි සමග විවාහකයි)

උගත් පාසල: කොළඹ ආනන්ද විද්‍යාලය

අධ්‍යාපන සුදුසුකම්:
යුද හමුදා කැඩෙට් නිලධාරි පුහුණුව, දියතලාව හමුදා පුහුණු පාසල

රැකියාව: 1971දී කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට බැඳුණේ ය. 1972දී දෙවන ලුතිනන් නිලයට පත් විය.
සේවා ස්ථාන: සංඥා බලකාය, සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස්, ගජබා රෙජිමේන්තුව

තනතුරු:
විශ්‍රාමික ලුතිනන් කර්නල් – යුද හමුදාව (1993දී ඉල්ලා අස් විය)

සම්මාන: රණ වික්‍රම හා රණ ශූර පදක්කම්, කොළඹ විශ්වවිද්‍යාලයේ Doctor of Letters – 2009

වැඩිදුර අධ්‍යාපනය:
තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධිය – කොළඹ විශ්වවිද්‍යාලය

2003දී ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිබව ලබාගත්තේ ය.

එක්සත් ජනපදයේදී කළ රැකියා:
ඩීටීආර් බිස්නස් සොලියුෂන්ස් – සීමාවාසික (කැලිෆෝනියාව)
පරිගණක පද්ධති ප්‍රධානි – ලයෝලා නීති විද්‍යාලය (කැලිෆෝනියාව)

සිය සොයුරා ජනාධිපති පදවියට පත්වීමත් සමග ශ්‍රී ලංකාවට පැමිණි ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සහ රජයේ සමාගම් ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු හා සභාපති තනතුරු දැරී ය.

2019 අප්‍රේල් මාසයේදී ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අත්හළේ ය.

ජයග්‍රහණ: දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමට පරිපාලනමය නායකත්වය ලබාදීම

අපවාද: මානව හිමිකම් උල්ලංඝනයන්, මාධ්‍යවේදීන්ට තර්ජන, පහරදීම්, බියවැද්දීම්, ඝාතන, සිංහල ජාතිවාදී අන්තවාදීන් සමග සමීප සම්බන්ධතා

නඩු:
හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම
ඇවන්ට්ගාඩ් සමාගම සමඟ එක්වී රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදු කිරීම
ඝාතනය කරන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග සහ තවත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අය විසින් එක්සත් ජනපදයේදී පවරන ලද නඩු

3 thoughts on “නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ සුලමුල (වීඩියෝ සමග)

  1. Para.. do you have any proof that he was working as a “පරිගණක පද්ධති ප්‍රධානි – ලයෝලා නීති විද්‍යාලය (කැලිෆෝනියාව)”

    what I know is.. he was just a ‘Data Entry Operator’ also its doubtful the Univ of Colombo grant a MSc for someone like him.

    My contacts in Ananada that time informs me he just got O/L and then joined the Army with Mrs. B political connections.

    • මේවා ඔහුගේ හිතවතුන් හරහා සන්නිවේදනය කරනු ලබන තොරතුරු. අපි ඒවාට ඉඩ දී පසුව මේ පිළිබඳ සොයනවා.

      • thanks for the reply.
        Remember Rajapaksas are a rogue family and most of them have fake certificates and professional qualifications starting from MaRa and not to forget the ‘Hora’ Lawyer Namal Baby who got the highest marks in final year Law exam EVER !!!!!!

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: