සංචාරක හෝටලයකින් කොරෝනා ලංකාවේ පැතිර ගිය හැටි හා දැන් කළ යුතු දේ

කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ දෙවන පුද්ගලයා ද පළමු පුද්ගලයා සමග නවාතැන් ගත් අයෙකි.
මේ දෙදෙනා ම සංචාරක මගපෙන්වන්නෝ ය.
ශ්‍රී ලංකාවට වයිරසය පැතිරවූ බව කියන ඉතාලි ජාතික සංචාරක රෝගියා මධ්‍යම පළාතේ ඉහළ පෙළේ සංචාරක හෝටල් දෙකක දින කීපයක් නවාතැන් ගෙන ඇති බව ද, එම කාලය තුළ සංචාරක මගපෙන්වන්නා ද හෝටල්වල ඔවුන් සඳහා තිබෙන නවාතැනක නතර වී සිටි බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
එම දින තුන ඇතුළත තවත් සංචාරක මගපෙන්වන්නන් ගණනාවක් මෙම නවාතැනෙහි නැවතී සිටිය හ. ඔවුන් එකට මත්පැන් පවා පානය කර ඇත.
මෙම එක් සංචාරක හෝටලයක් අයිති ලංකාවේ ධනවත් ම ව්‍යාපාරිකයකුට ය. අනෙක් හෝටලය අයත් පුද්ගලයා දේශපාලනයට සම්බන්ධ ය. මෙම සංචාරකයන් පරිහරණය කළ ඇඳ ඇතිරිලි, තුවා ආදිය මාරු කිරීමට, පිරිසිදු කිරීමට සම්බන්ධ වූ හෝටල් සේවකයෝ ද සිටිති.
මෙම ආසාදිත සංචාරකයා තවත් හෝටල්වල ද නතර වන්නට ඇත.
මෙම සංචාරක මගපෙන්වන්නන් සහ හෝටල් සේවකයන් ඔවුන්ගේ නිවෙස් ඇතුළු තවත් ස්ථාන රැසකට මේ වන විට ගොස් තිබේ. ඔවුන් සමීපව ඇසුරු කළ අයට පමණක් නොව, ඔවුන් ආ ගිය තැන්වල අයට ද රෝගය පැතිරීමේ අවදානමක් තිබේ. එබැවින්, මේ වන විට ඕනෑම අයෙකුට වයිරසය ස්පර්ශ වී තිබෙන්නට පුළුවන.
මෙම රෝගියා ආ ගිය තැන් සහ ඔවුන් සමග ඍජුව ම සම්බන්ධ වූ පුද්ගලයන් වෙත පවා තවමත් නිසි සෞඛ්‍ය උපදෙසක් හෝ ලැබී නැත.
ඔවුන් ආසාදනයට ලක් වීම ඔවුන්ගේ වරදක් නොවේ. ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් වුණේ රටේ ආර්ථිකය වෙනුවෙන් ඔවුන් විසින් කරන ලද සේවය නිසා ය. මේ මිනිසුන් හා ඔවුන්ගේ දරු පවුල් දෙස කරුණාව පෙරදැරිව බලන්නට මිනිසුන් වන අපට හැකි විය යුතු ය.
එසේම සංචාරක කර්මාන්තය පවා මෙයට වගකිව යුතු නැත. අපට සංචාරක කර්මාන්තය ඉදිරියටත් අවශ්‍ය ය.
කොවිඩ්-19 දැන් ලංකාවට යථාර්ථයකි. එය පැතිරීම පාලනය කර ගත යුතු ය. එසේ කළහොත්, මරණ අවම කරගත හැකි ය.
බිය වී සුපර් මාකට්වල පොරකමින් භාණ්ඩ රැස් කරන අය එම ක්‍රියාවෙන් ම කොරෝනා අවදානමක් ගනිති. එසේම, මෙම ක්‍රියාව විසින් පෙන්වනු ලබන්නේ ලාංකික මධ්‍යම පන්තියේ නින්දිත ආත්මාර්ථකාමී ස්වභාවයයි.
බිය නිසා මේ වන විටත් රට අඩපණ වීම ආරම්භ වී හමාර ය.
සාධාරණ ලෙස බිය විය යුතු පිරිස් සිටිති. තදබද වූ දුම්රිය, බස්රියවල යන වැඩ කරන ජනතාව අනාරක්ෂිත තත්වයට පත් වී සිටිති.
පාසල් නිවාඩු දීමෙන් පමණක් ප්‍රශ්නය විසඳෙන්නේ නැත. කොරෝනා සමග සටන් කිරීමට රජය විධිමත් පියවර ගත යුතු අතර ආණ්ඩුවේ ජනාධිපති, අගමැති හා ඇමතිවරුන් එහි පෙරමුණ ගත යුතු ය. ඔවුන් ඉදිරියට පැමිණ ජනතාවට තත්වය පැහැදිලි කර දිය යුතු ය.
අනවශ්‍ය පරිදි බිය වීම හා සියලු වැඩ නැවැත්වීම ආර්ථිකයට කරන බරපතල හානියකි. රට අරාජිකත්වය කරා තල්ලු වීමට දිරි දෙන ක්‍රියාවකි.
පාසල් වසා දැමීම නිසා වැඩක් නැතුව ගෙදරට වී සිටින ගුරුවරුන්ගේ සිට සියලු රජයේ සේවකයන්ට කොරෝනාවලට එරෙහි සටනේ විවිධ වගකීම් තිබේ. අපට ලක්ෂ 14කට වැඩි රජයේ සේවක කාඩරයක් තිබේ. තත්වය පාලනය කිරීමට මෙම බලකාය යෝග්‍ය පරිදි යොදාගැනීම ආණ්ඩුවේ වගකීමකි. ඒ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් උදව් කරන්නට වුව කැමති පිරිස් ලංකාවෙන් සොයාගැනීම දුෂ්කර නැත.
හැමදේම දත් ගොබ්බ පැරා ට කියවීම පිණිස
https://www.newsweek.com/young-unafraid-coronavirus-pandemic-good-you-now-stop-killing-people-opinion-1491797
Oonema virusayak vidyaathmakawa jievie ho ajievie da yanna thahawuru vie nometha . Heathuwa eya delakshanama pennana nisai .
Thawada adaala suvisheshie mema Corona virusaya minisaa visin jaana vikruthi karana laddaki . Ebevin eki hesiriema takketa kiwa noheka . Aanduwa menma janathaawada pissu kelinne nethuwa kshanika wedagathi thierana gatha yuthu awasthawaki .
ASPAYA PENAGIYAPASU ISTHAALE DORA WESIEMEN PALAK NEHA .
lets make a “Helping Corona” Bank account and accept donations for all over.. This account should be a personal account of one of Rajapaksas. problem solved.