පවිත්‍රාට කොවිඩ් වැළඳීම හා දිළිඳු ජනයාට කොවිඩ් වැළඳීම

සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ්-19 වැළඳීම ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ නරක ප්‍රචාරයක් ලැබෙන වැඩක්. ඒ ගැන අප රටක් විදියට සතුටු විය යුතු නැහැ. අපට පෙනෙන විදියට නම් නීරෝගී පුද්ගලයකු වන පවිත්‍රා වන්නිආරච්චිට හොඳම ප්‍රතිකාරත් ලබාගැනීමේ අවස්ථාව තිබෙන නිසා ඇයට සුවවේවි. කොවිඩ්-19 විසින් වැඩිපුරම මරා දමන්නේ දිළිඳු ජනතාව. ඔවුන් අතරිනුත් වැඩිම පිරිස වන්නේ, එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජීවත් වන, මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ, නිදන්ගත රෝග තිබෙන, ඒවාට හරිහමන් ප්‍රතිකාරයක් ලබාගත නොහැකි හෝ ලබාගන්නට උවමනාවක් නැති, නුගත් හා ඉගෙනගන්නට උවමනාව නැති, රෝගවලට හොරවෙදුන් හා කට්ටඩින් පසුපස යන අයයි.
වයස්ගත අය කොවිඩ්-19ි නිසා අවදානමට ලක්වන්නෙත් වැඩිපුරම දුප්පත්කම නිසා. වාසුදේව නානායක්කාර වගේ ධනවත්, බලවත්, හොඳ සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි මහළු අය කොවිඩ්-19 නිසා දැඩි අවදානමකට ලක්වන්නෙ නැහැ.
සමාජයේ බහුතරයක් දෙනාට කොවිඩ්-19 කියන්නෙ සාමාන්‍ය හෙම්බිරිස්සාවකට වැඩි දෙයක් නෙමෙයි. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක ශීඝ්‍රයෙන් පැතිරීම හා එසේ පැතිරීම නිසා අප අතර සිටින දිළිඳු හා රෝගී අවදානම් ප්‍රජාවත් අවදානමට ලක්වීමයි.
මේ රටේ ඇමතිවරුන් ඇතුළු ජනමත නායකයන් පිරිසකට කොවිඩ්-19 වැළඳීම නිසා එක යහපතක් වෙනවා. ඔවුන් විසින් ප්‍රවර්ධනය කරන ලද ධම්මික පැණිය වැනි මිථ්‍යාවන් අඩුතරමේ බුද්ධිමත් සමාජයෙන් හෝ ප්‍රතික්ෂේප වෙනවා. ඒවා අවසන් වෙන බවක් එයින් අදහස් වෙන්නෙ නැහැ. ඒවාට රාජ්‍ය අනුග්‍රහය හිමිවීම තමයි තිබෙන ගැටලුව.
මේ මිථ්‍යාවන් හරහා අවදානම වැඩිවෙන්නෙ දිළින්දන්ටම තමයි. ෂෝ එකට ධම්මික පැණිය බීපු පවිත්‍රාට, පියල් නිශාන්තට හා ඒවා ප්‍රවර්ධනය කරපු දයාසිරි ජයසේකරට හා වාසුදේවට කොවිඩ් හැදුණාය කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ඔවුන්ට උපරිම සෞඛ්‍ය සත්කාර ලබාගැනීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍ය කොවිඩ් රෝගීන්ට නොමැති විශේෂ සත්කාර ඔවුන්ට ලැබෙනවා.
ඒ වුණාට ඔවුන් විසින් ප්‍රවර්ධනය කරන මිථ්‍යාවට අහු වී පෝලිම්වල ගොස් අවදානම් සහගත ලෙස පැණි අරන් ආ, ඒ ගැන විශ්වාසය තැබූ දිළිඳු ජනයාට පවිත්‍රලාට ලැබෙන අන්දමින් සෞඛ්‍ය සත්කාර ලැබෙන්නෙ නැහැ. ඔවුන් අතරින් කොටසක් මැරෙනවා. මෙතන තියෙන අසාධාරණේ ඒකයි.
Pinthure inna panchaskanda balan inne gehaniyak hendak kate ruwaa gannawa kawadaawath nodekka wage !
Sirilaka boho denekta munagesena noothana santhesiya wanuye , kumak da SATHYA – ASATHYA kumak dei lihaa genmata asieru pamba gaalak viemaya .
Aanduwa visin prawardanaya karana ekinekata paraspara kiyum saha kerum eyata heathu viya heka .
Dhammika Kaali ammawa issarahata daahena renguwata , niyama kaali amma ohuta sammuka wenne newatha wathawak Pavithra hamuwata ahamben hari giyoth .
Peniya gilalath Pavithrata mehema santhesiyak unaa nam anith unta kawara kathaada !