දරුවන්ගේ පෝෂණ ගැටලුවෙන් දේශපාලන වාසි නොසොයන්න

ආහාර මිල ඉහළ ගිය බවත්, පෝෂණය සම්බන්ධ ගැටලුවක් මතුවී ඇති බවත් බොරුවක් නෙමෙයි. හැබැයි, තවමත් හාමත් වෙන්නට සිදුවන ප්‍රශ්නයක් ලංකාවෙ තියෙනවද?
පෝෂණය ගැන අපේ මිථ්‍යා මත වෙනස් කරගන්නට ඕනැ. මිල අධික කිරිපිටි අත්‍යවශ්‍ය ආහාරයක් නෙමෙයි. ප්‍රෝටීන් ලබාගැනීම සඳහා වෙනත් විකල්ප භාවිතා කළ හැකියි.
විස්කෝතු, පීසා, ක්ෂණික නූඩ්ල්ස්, සෝයාමීට්, සොසේජස්, අයිස්ක්‍රීම්, රෝල්ස්, කොත්තු, බනිස්, හොට්ඩෝග්, ෆ්‍රයිඩ් රයිස්, පැණි බීම වැනි ආහාරපානවල මිල අධිකයි. රසෙන් ඉහළ වුණත්, ගුණෙන් අවමයි. ඒ වගේම ශරීරයට අහිතකර බොහෝ දේ අඩංගුයි.
ග්‍රාමීයව ගෙවත්තෙන් සොයාගත හැකි බොහෝ අල, පළා, ගෙඩි, එළවළු, පලතුරු, නැවුම් කිරි වගේම වැව්මාළු, වෙල්මාළු, කුඩා මුහුදු මාළු ආදියත් පෝෂණයෙන් ඉහළ මුත් රසය පිළිබඳ කාරණා නිසා අපට මගහැරෙනවා. ඒ වගේම මේවා පිසගැනීම සඳහා කාලය හා ශ්‍රමය අවශ්‍ය වීමත් එසේ වීමට හේතුවක්.
අප ගතකරමින් ඉන්නේ දුෂ්කර කාලයක්. මේ වකවානුවේදී අප හැමට පැරණි ජීවන විලාසයන් වෙනස් කරන්නට සිදුවෙනවා.
එහිදී අපේ දරුවන්ගේ පෝෂණය පිළිබඳ ප්‍රශ්නය ඉතා වැදගත්. එය දේශපාලන වාසි ලබාගැනීම සඳහා අධි සංවේදීකරණය නොකර සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශයකින් විසඳුම් සෙවිය යුතු කාරණයක්.
දරුවන්ගේ පෝෂණය කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ.
“අධ්‍යාපනය සම්බන්ධයෙන් සම්ප්‍රදායක් විදිහට සාකච්ඡා කර තිබුණේ හුණුවටය කතාවේ වැල් පාලමෙන් එගොඩ වන ගෲෂා කියූ “අපට පුතේ මඟක් නැතේ, මේ මඟ මිස යමන් පුතේ” යන තත්වයයි. අපේ අධ්‍යාපනය සම්බන්ධයෙන් උතුරේ සිට දකුණටම දැක්කේ මේ විදිහට. පවුලක් විදිහට, සමාජයක් විදිහට සහ රටක් විදිහට ගොඩයන්න තිබෙන එකම මාර්ගය අධ්‍යාපනය හැටියටයි දැක්කේ. අපිට හයියක් දුන්න, අපි විශ්වාස කළ අධ්‍යාපනය කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව විසඳුම් සෙවිය යුතු අතිශයින් අර්බුදකාරී තත්වයකට පත්කර තිබෙනවා. අවංකවම කියනවා නම්, අපේ ගැලවීමකට වඩා ශාපයක් බවට දැන් පත්කර තිබෙනවා. පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වාම අධ්‍යාපනය බරක් කරලා. දරා ගන්න බැරි මට්ටමක අතිවිශාල මානසික පීඩනයක් ඇති කර, අපේ විවේකය සහ අපේ ජීවිතය අපෙන් උදුරා ගන්නා සංවේදීතාවය අතිශයින් පහත හෙළන ක්‍රියාදාමයක් බවට පත්කර තිබෙනවා. දෙමාපියන්, දරුවන්, ගුරුවරුන් බොහෝ දෙනෙක් හිතන්නේ කොහොම හරි සිලබස් එක කවර් කර, විභාගයෙන් ගොඩයාම ගැනයි.