උත්තර ලංකා සභාගයේ නැටුම හා පිරිමින්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය

අජිත් පැරකුම් ජයසිංහ
1. උත්තර ලංකා සභාගය දියත් කළ දිනයේ විමල්, වාසු, උදය, රතන වැනි නායකයන් සිටින වේදිකාවක කාන්තාවන් පිරිසක් නර්තනයක් ඉදිරිපත් කරමින් සිටියදී එම කාන්තාවන්ගේ ඉඟ අවට සිරුර හා ඉහත කී ප්‍රභූන්ගේ ඇස් කෙරෙහි අවධානය යොමු කරමින් කරන ද වීඩියෝව ඉතා වැරදි මාධ්‍ය භාවිතාවක්. මෙම වීඩියෝව සැලසුම් සහගතව මේ ප්‍රභූන්ගේ ප්‍රතිචාර තමන්ට අවශ්‍ය විධියේ අර්ථ නිරූපණයක් සහිතව ඉදිරිපත් කිරීම සඳහා ආචාර ධර්ම විරෝධී අන්දමින් නිර්මාණය කළ එකක්.
2. මෙය කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වයක්. මේ කාන්තාවන් කරන්නේ නර්තනයක් ඉදිරිපත් කිරීමක්. එහෙත්, මේ වීඩියෝවේ ඔවුන්ගේ ශරීරාංග කෙරෙහි ඔවුන් ඉල්ලා නොසිටින ලිංගික අවධානයක් යොමුකරනවා. එය ලිංගික අපයෝජනයක්.
3. මෙම වීඩියෝව ඉදිරිපත් කිරීමේ අරමුණ අපහාසාත්මකයි.
4. මෙම වීඩියෝව මගින් මෙම වේදිකාවේ සිටින ප්‍රභූන්, විශේෂයෙන් භික්ෂුව ලිංගික වැරදිකරුවකු ලෙස නිරූපණය කිරීමට උත්සාහ කරනවා. ඔවුන්ගේ දෑස් ඒ සඳහා යොදාගන්නවා. ඔවුන්ගේ දෑස් සම්බන්ධයෙන් ඔවුන් ඉල්ලා නොසිටි ලිංගික අවධානයක් යොමුකිරීම අපයෝජනයක්.
5. මෙය පිරිමින්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ලිංගික ප්‍රචණ්ඩත්වයක් ලෙස සැලකිය හැකියි.
6. මෙම නර්තනය ශෘංගාරය ප්‍රකාශ කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද එකක් නම් හෝ එමගින් යම් පුද්ගලයකුගේ මනස තුළ ශාංගාරය නිර්මාණය වෙනවා නම් එය දෑස් වැනි යම් අංගයකින් ප්‍රකාශ වීම වරදක් නෙමෙයි. එවැනි අවස්ථාවලදී දෑස් කෙරෙහි එම පුද්ගලයා ඉල්ලා නොසිටි විශේෂ ලිංගික අවධානයක් යොමු කරනවා නම්, එය අපයෝජනයක්.
(මේවාට ඉඩදුන්නොත්, මෙවැනි නර්තනයක් ඉදිරිපත් කරන අවස්ථාවක සියුම් කැමරාවක් යොදා පිරිමියකුගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයේ සියුම් චලනයන් හසුකරගෙන ප්‍රසිද්ධ කරන්නට පවා ඉඩ තියෙනවා.)
විමල්, උදය, රතන ආදීන් අද නෙළන්නේ ඔවුන් වැපිරූ දෙයෙහිම අස්වැන්නයි
Uthawa weadikawaka sthirien narthanaye yediema ada ieyeka nowa Kapilawasthuwe ho Kapilawasthuwe ho siduwannata athi .
Inga sunga gatha heti mitina yai kiwwe nikamma noweine .
Kedeawethath sthrie lalithwaya kunu harapayak nowe .
Preaksaka aes kohe giyath , adaala weadikawe unuhuge hadagesma ewealehi pawathinna eththe , lingika uthyhejana osse nowa owunage deasapalana disaanathiya yomuviya yuththe koi peththata dei maha getaluwa osse yai mage hangiemaya .
Dath neyhidaa ukdandu gini thapinnada !
මේ සිද්ධිය විතරක් නෙවෙයි, බොහෝ මාධ්‍ය කරන්නේ යම් කෙනෙක් කරන ප්‍රකාශ හා දර්ශන වල කොටස් තමුන්ට අවශ්‍ය පරිදි කපා කොටා එහි අදහස්වි කෘති කර තමුන්ට අවශ්‍ය පරිදි ප්‍රචාරය කිරීම යි.