අනන්‍යතා වංචනිකයකුට අවශ්‍ය පරිදි හැදෙන ජාතික උප්පැන්න සහතිකය

උප්පැන්න සහතිකයේ ආකෘතිය සැබැවින් ම වෙනස් කර තිබෙන ආකාරය විසුළු සහගත ය. එහි දැන් ජාතිකත්වය හෙවත් nationality යනුවෙන් හැඳින්වෙන දෙයක් ද ජන වර්ගය හෙවත් ethnic group නම් දෙයක් ද ඇතුළත් වේ. ජාතිකත්වය යන්න ශ්‍රී ලාංකික ද, ජන වර්ගය සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් ද වන්නට පුළුවන.
ජාතික උප්පැන්න සහතිකය යන නමින් හැඳින්වෙන සහතිකයක නැවත වතාවක් ජාතිය ශ්‍රී ලාංකික යයි සඳහන් විය යුතු ද? මෙය අනවශ්‍ය සංකීර්ණතාවක් නොවේ ද? මව හෝ පියා විදේශිකයකු වුවත්, දරුවා ශ්‍රී ලාංකික නම්, මවගේ හෝ පියාගේ ජාතිය දරුවාගේ උප්පැන්න සහතිකයේ සඳහන් කළ යුතු ම ද?
සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජනවාර්ගික අනන්‍යතා මිස ජාතික අනන්‍යතාව වැදගත් නැති බවක් මෙයින් අදහස් වේ. එසේම, මිශ්‍ර විවාහවලදී ජනවර්ගය කුමක් ද යන්න තීරණය කරන්නේ කුමන පදනමින් ද? ජනවර්ගය තීරණය කරන්නේ පියාගේ ජනවර්ගය අනුව නම්, එය ඉතා පැහැදිලිවම ස්ත්‍රීන්ට වෙනස්කම් කිරීමකි.
සිංහල, දෙමළ, මුස්ලිම් යන අනන්‍යතාවලට අදාළ වන්නේ භාෂා හා වෙනත් සංස්කෘතික සාධකයි. සිංහල ජනයා සිංහල භාෂාව මව්බස ලෙස සලකති. දෙමළ ජනයා දෙමළ මව්බස ලෙස සලකති. ලංකාවේ මුස්ලිම් ජනයා සාමාන්‍යයෙන් දෙමළ බස කතා කරන අය මුත්, ඔවුන්ගේ ජන වාර්ගික අනන්‍යතාව සමග දෙමළ භාෂාවේ ගැඹුරු සම්බන්ධයක් නැත. මුස්ලිම් අනන්‍යතාව සමග වැඩිපුර සම්බන්ධ වන්නේ ආගමයි. ඉස්ලාම් ආගම අතහැර දැමූ පුද්ගලයකු මුස්ලිම් ජාතිකයකු ද? උප්පැන්න සහතිකයේ මුස්ලිම් යයි සඳහන් වූ පමණින් යමෙකු මුස්ලිම් වේ ද?
එසේම, ඉස්ලාම් ආගම වැළඳ ගන්නා අය නම වෙනස් කරගනිති. එවැනි අයගේ දරුවන්ගේ අනන්‍යතාව තීරණය කරන පදනම කුමක් ද?
මෙය සම්පූර්ණ මළ විකාරයකි. ජන වාර්ගික අනන්‍යතාව යනු වෙනස් වන, වෙනස් කළ හැකි දෙයක් මිස වෙනස් කළ නොහැකි අන්දමින් නීතිගත කළ යුතු දෙයක් නොවේ.
ජනවාර්ගික අනන්‍යතා පවතින්නේ සංස්කෘතිය තුළ ය. එසේ පැවතීමේ කිසිදු ගැටලුවක් ද නැත. එතනින් එහාට එය අදාළ කර ගැනීම ආපසු යාමකි.
මේ රට යන්නේ ආපස්සට ය. මෙහෙම ගියොත්, යම් දවසක කුලය පවා නැවත උප්පැන්න සහතිකයට ඇතුළත් විය හැකි ය.
උප්පැන්න සහතිකයේ සිදු කරන්නට ගිය ප්‍රගතිශීලී සංශෝධනයක් වෙනස් කරන්නට හේතු වූයේ උප්පැන්න සහතික සහ ගමන් බලපත්‍ර සම්බන්ධ වැරදි සිදු කළ බවට චෝදනා ලැබ සිටින විමල් වීරවංශගේ මැදිහත් වීමකි. විමල් වීරවංශ අඩු තරමේ තමන්ගේ උප්පැන්න සහතික හෝ බලා නැත. උප්පැන්න සහතිකයේ ආගම ද සඳහන් වන බව ඔහු කියයි. එය පල් බොරුවකි.
උප්පැන්න සහතිකයේ ආගම සඳහන් වන්නේ යයි සිතාගෙන ලියූ ළමා ගී ද තිබේ.
නම ගම ආගම
ඉපදුන දාතම වගතුග ලියා ඇතී
හතරැස් කොළයක් මටත් තියෙනවා
ගෙදර ම තබා ඇතී
එය උප්පැන්න සහතිකේ
එය උප්පැන්න සහතිකේ…
ප්‍රේමකීර්ති ද අල්විස් ලියා, පුණ්‍යසිරි මහවත්ත තනුව හා සංගීතය සපයා, පේෂලා මෙන්ඩිස් ගායනා කළ එහි තවදුටත් වැරදි කරුණු ගැබ් වේ.
වෙනස් කරන්නට පුළුවන් එහි ඇති
නම ගම කුල ගොත සිතූ විලාසෙන්
එනමුත් එහි ඇති නම රැක ගැනුමයි
ඉතා ම වැදගත් කුඩා ළමයිනේ
උප්පැන්න සහතිකයේ කුල ගෝත්‍ර සඳහන් වන්නේ නැත.
මෙතෙක් භාවිතා වන උප්පැන්න සහතිකයේ ‘මුත්තා උපන්නේ ලංකාවේ ද?’ යයි විකාර ප්‍රශ්නයක් තිබේ. මුත්තාගේ සම්පූර්ණ නම, උපන් වර්ෂය හා උපන් ස්ථානය ද එහි විමසයි. බොහෝ දෙනෙකුගේ උප්පැන්න සහතිකවල එයට ඇති පිළිතුර ‘නොදනී’ යන්නයි.
වාසනාවට මෙන් ‘ළමයාගේ මව හා පියා විවාහක ද?’ යන ප්‍රශ්නය උප්පැන්න සහතිකයෙන් ඉවත් කර තිබේ. මෙම ප්‍රශ්නය හේතුවෙන් විවාහක නොවන මවකට හා පියෙකුට දාව උපදින දරුවෙකුට එම දරුවාගේ වරදක් නොවන හේතුවක් මත වෙනස්කමක් සිදු වේ.
පියාගේ තත්වය නොහොත් වෘත්තිය ද මින් පෙර උප්පැන්න සහතිකයේ සඳහන් විය. තත්වය හා වෘත්තිය යනු එකක් ද? වෘත්තිය යනු එකම දෙයක් ද? එය වෙනස් නොවන්නක් ද? එය උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමේ තේරුම කුමක් ද? දරුවා ඉපදෙන විට පියා මියගොස් තිබෙන්නට පුළුවන. මිය ගිය පියාටත් වෘත්තියක් තිබේ ද? මෙම විකාර වගන්තිය මීට ටික කලකට ඉහතදී උප්පැන්න සහතිකයෙන් ඉවත් කරන ලදී.
කලින් උප්පැන්න සහතිකයේ නම වෙනස් කරගැනීම සඳහා ද ඉඩක් තිබිණි. අලුත් උප්පැන්න සහතික ආකෘතියේ එවැන්නක් නැත. ඩිජිටල් උප්පැන්න සහතිකයක් නිසා එය අවශ්‍ය නැති විය හැකි ය.
අනේ මන්ද, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට සුදුසුකම් තියෙනවාය කියන අපේ ඉහළ පරිපාළන නිළධාරීන්ට පවා නිවැරදි උප්පැන්න සහතිකයක ආකෘතියක් හදාගන්නට බැරිහැටි! උඩින්ම ශ්‍රී ලංකා කියල දාල, ඊට පස්සෙ ජාතික උප්පැන්න සහතිකය කියල කිව්වට පස්සෙ ආයෙ මොකටද ජාතියක් ගැන විස්තර? එහෙම නම් ජාතික හැදුනුම් පතේත් ජාතිය කුමක්ද කියා නැවතත් සදහන් වියයුතුයි කියා තර්කයක් මතුකළ හැකිය. ඇත්තෙන්ම ශ්‍රී ලංකා ජාතික උප්පැන්න සහතිකය කියල කිව්වට පස්සෙ තවත් මොකටද නැවත වරක් ජාතිය ගැන සදහන් වන්නේ? උප්පැන්නය හිමි පුද්ගළයා ශ්‍රී ලාංකිකයෙක් බව පැවසීම පමණක් ඔහුගේ අනන්‍යතාවයට මදිද? දෙමව්පියන්ගේ වාර්ගිකත්වය, ජාතිය ඔහුගේ පෞද්ගළිකත්වයට විනා පොදු සමාජ සංසරණයට වැදගත්ද? මව්පියන්ගේ විවාහක/අවිවාහක බව, මුත්තාගේ විස්තර මෙම ලේඛණ වලින් ඉවත්විය යුතුය. එමෙන්ම, ජනවාර්ගික නාමකරණය ගැන, විශේෂයෙන්ම “මුස්ළිම්” යන්න යෙදීම ගැන පරිපාළන නිළධාරීන් නිසිළෙස දැනුවත් කළ යුතුය. මුස්ළිම් ළෙස ජන වාර්ගිකයක් නොමැති බවත්, එය ආගමික අනන්‍යතාවයක් බවත් අවධාරණය කළ යුතුය. සංඛ්‍යාත්මක ප්‍රතිශතයන්හි අනුපිළිවෙලට ලංකාවේ ජනවාර්ගිකයින් නම් කළ යුත්තේ සිංහල, දෙමළ, යෝනක (මරක්කළ), මැළේ (ජා), බර්ගර් (ලංසි) හා අනෙකුත් යනුවෙන්ය. ආගමික වශයෙන් නම් බෞද්ධ, හින්දු, රෝමානු කතෝළික, ක්‍රිස්තියානි, මුස්ළිම් හා අනෙකුත් යනුවෙන්ය. මෙතැනදී ඇති ගැටළුව ළෙස මා දකින්නේ යම් අන්තවාදී දේශපාළන කණ්ඩායමක් හා සැබෑ ළෙසම ජනවාර්ගික සංහිඳියාවක් බළාපොරොත්තු වන්නාවූ කණ්ඩායමක් අතර ඇති තරගයයි. ශ්‍රී ලාංකිකයින් ප්‍රසිද්ධියේ ජනවාර්ගිකත්වයකට කොටු නොකොට, එය හුදෙක් ඔවුන්ගේ පෞද්ගළික අනන්‍යතාවයට පමණක් සීමාකොට, පොදුවේ ඔවුන් ශ්‍රී ලාංකිකයින් ළෙස හැදින්විය යුතුය යන ප්‍රගතිශීලී, ධනාත්මක අදහසක් එක් කණ්ඩායමක් ප්‍රවර්ධනය කරද්දී, ශ්‍රී ලංකාවේ ඉපදුනේ නම් ඔහුගේ අනන්‍යතාවය සිංහල වියයුතුයැයි ඉතා පටු, ගෝත්‍රික සංකල්පයක් ප්‍රවර්ධනය කරන්නාවූ උදය ගම්මන්පිළ වැනි අන්තවාදීන් අතර ගැටුම මෙම ව්‍යාකූළතාවයට හේතුව විය හැකිය.
අනේ පැරාතුමනි, මේ කතන්දරේ තේරෙන්නැති හැටි. මේ ඉහළින් කොමෙන්ට් කර ඇති තුවන් නූර් නම් යෝනකයෙකු විය හැක්කාද සිය ජාතිකත්වය සහ ජන වර්ගය ප්‍රකාශනයට බියෙන් ගෝරනඩු කර තිබේ. ශ්‍ර්රි ලංකාවේ ජාතික උප්පැන්න සහතිකයට මව් පිය දෙපළගේ ජාතිකත්වය ඇතුළත් කරන්නෙ ඔවුන් විදෙස් ජාතිකයන් විය හැකි බැවිනි. ශ්‍රී ලංකා ජාතික උප්පැන්න සහතිකයට මෙය විෂේශයෙන් ඇතුලත් කෙරෙන්නේ, ශ්‍රී ලංකාවෙ උපත ලියාපදිංචි කලත් ඔහු හෝ ඇයට විදෙස් රටක වුවද සිය උපත ලියාපදිංචි කල හැකි බැවිනි. උදාහරණයක් ලෙස එංගලන්තෙ උපන්න ලාංකික මවකට හෝ පියෙකුට දාව උපන් දරුවෙකුගේ උපත උපත සිදුව නිශ්චිත කාලයක් තුළ ශ්‍රී ලාංකික ලෙසද උපත ලියාපදිංචි කල හැකියි. එවිට ශ්‍රී ලාංකික ජාතික උප්පැන්නය හිමිකරුවා එක විටකම එංගලන්ත පුරවැසියෙකුද විය හැකියි. තුවන් නූර් නූගත් මහතාට මෙය නොතේරීම පුදුමයක් නොවේ.
දෙවැන්න මෙම තීරණයෙන් වඩා කලබල වී ඇත්තේ ලාංකික යෝනකයන් වීම මට නම් නොතේරෙන කරුණකි. ඇතැම්විට ශ්‍රී ලාංකික නමට පමණක් මුවා වී, යෝනක අනන්‍යතාවය සැගවීමට මෙයින් උදව් ලැබීම තුළ ඔවුන්ගේ ත්‍රස්ත කටයුතු සිදු කර්ගැනීමට මෙයින් උදව්වක් වන නිසාද ? උගත් පාඨකයෙක් මෙය මට පහදා දෙන සේක්වා…
නූගත් යෝනකයා කරුණු හරිහැටි පැහැදිලි කොටගෙන රිප්ලයි කරන්න. මෝඩ කමට සියල්ල දත් නොවන බව කරුණාකරලා තේරුම් ගන්න.
සියල්ල දත්, බහුශ්‍රැතයින් යයි සිතා සිටිනා බකපණ්ඩිතයින් දෙදෙනාටම පොට වැරදී ඇත. මුළින්ම මම යෝනකයෙකු නොවන අතර මගේ ජනවාර්ගික අනන්‍යතාවය සගවා ගැනීමේ කිසිදු හෙතුවක් මට නැත. මගේ ජනවාර්ගිකත්වය ගැන මා ඉතසිතින් ආඩම්බර වන නමුත් එය ඔබ දෙපළ මෙන් ගෝත්‍රික ස්වෝත්තමවාදයෙන් හා මන්ද බුද්ධික මමත්වයෙන් යුතු එකක් නොවේ. නමුත් මම ශ්‍රී ලාංකිකයෙකු වන අතර එය මගේ ජාතිකත්වයේ ශුද්ධ අයිතිය බවද මම නිර්භයව ප්‍රකාශ කරමි. මා අදහස් දැක්වූයේ උධෘත ලේඛණයෙහි අඩංගු දත්තයන්හි නොගැළපීම් සම්බන්ධව බව මොවුන්ට නොවැටහෙන්නේ, ඔවුන්ගේ මනස සුපුරුදු ඉස්ළාම් භීතිකාව නම් කඩතුරාවෙන් වැසී ඇති බැවිනි. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික හෝ ආගමික සංයුතිය ගැන කිසිදු යාවත්කාළීන වීමකින් තොරව, හුදෙක් ගතානුගතික, සාවද්‍ය සංකළ්පයන් තුළම එළ්බගෙන සිටින ඔබලා වැනි ළිං මැඩි, ගෝත්‍රිකයින්හට නම් මා ඉදිරිපත් කළ ධනාත්මක අදහස් ජීර්ණයට අපහසු වීමේ ප්‍රවණතාවයක් ඇත. ඒ ගැන වගවීමට මට නොහැක. විදේශීය යුවළකට, මෙරටේදී ඉපදෙන දරුවෙකු වෙනුවෙන් නිකුත් කරනුයේ ශ්‍රී ලාංකික ජාතික උප්පැන්න සහතිකයක් නොවන අතර ඒ සදහා විශේෂිතවූ ළේඛණ ඇති අතර, නැවත සියරටට යෑමෙන් පසු එම ළේඛණානුසාරයෙන් ඔවුනට තම රටේ භාවිතයට ගැනෙනා නිසි උප්පැන්න සහතිකයක් ලබාගත හැක.
නොමැරෙනවුන් පාලනය කරනවායැයි සිතාසිටින්නා මරු විකල්ලෙන් හා වාර්ගික ද්වේශත්වයෙන් යුතුව කරන්නාවූ ප්‍රකාශය ඔහුගේ නූගත්බව හෙළි කරන කැටපතක් වන නිසා ඒ ගැන වැඩිදුර නොළියමි.
අහෝ නූගත් යෝනකයා මෙවරද පොට වරද්දාගත් සැටි. ඔබගේ ජනවාර්ගිකත්වය හෝ එය ඔබට ආඩම්බරයක්ද ලැජ්ජාවක්ද යන්නෙන් අපට සත පහකට වැඩක් නැත. ජාතිකත්වයේ ශුද්ධ හෝ අශුද්ධ අයිතියක් ගැනද අපට වැඩක් නැත. ශුද්ධ කෙසේ වෙතත් අශුද්ධ ජාතිකත්වයේ මූලය නූගත් තුවන් නූර් විසින්ම පහදන්නේ නම් තුති.
එහෙත් ඔබ කියනා පරිදිම ශ්‍රී ලාංකික අනන්‍යතාවයෙන් පමණක් අපි සෑහීමට පත් නොවෙමු. එය බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඉංග්‍රීසි කාරයෙකු යැයි වන ගරුත්වයයි. ඔබලා නම් කොහොමත් ඔය යෝනක හෝ මැලේ හෝ අනන්‍යතාවය සගවන්නට කැමති බව අපි දනිමු.
අනේ නූගත් යෝනකයො, මෙතෙන විදේශීය යුවළක් ගැන කතා කර ඇත්තෙ කවුද. මව් හෝ පියා හෝ එක් පාර්ශ්වයක් විදෙස් ජාතික වීමයි මෙතන කතා කෙරෙන්නෙ. නූගත්බව ප්‍රදර්ශනය නොකරන්න. විදේශීය යුවළකට අදාළව, ඔවුන්ගෙන් එක් අයෙකු හෝ ලංකා පුරවැසියකු වන්නේ මිස ඔවුන්ගේ දරුවන්ට ලංකා පුරවැසි බව ප්‍රධානය නොකරනවා කියන එක පොඩි දරුවෙක් වුව දන්නා දෙයක්. නැතිනම් ඒ ඒ රටවල් අනුව කොන්සුලර් සහතික ඉශූ කිරීම හෝ වෙනත් ක්‍රම ඒවාට ඇති. මෙතන මම කතා කරේ වෙනත් දෙයක් කියන එක මේ නූගත් යෝනකයාට නොතේරෙන හැටි අම්මපා. අනේ අපොයි ලංකාවේ වෙනස් වන ආගමික හා ජනවාර්ගික සංයුතිය ගැන නම් අපිට හොදටම තේරෙනවා. නොමැරෙන් මිනිසුන් රට පාලනය කරන බව, සහ ඔවුන් මැරුන පසු රටට වෙන නස්පැත්තියක් ගැන ඔබ ඉගි කරන්නේ ඒකෙන් ගම්‍ය වෙන අදහස තේරුම් ගන්නට බලකරන්නට බවත් තේරෙනවා . බුරියානියට බෝ ගස් කපන රාරාජපක්ෂ කල්ලිය හැරුණුකොට, රටට ඇත්තට ආදරය කරන දිගු පරම්පරාවක්ම ඉන්න බවත්, ඔවුන්ගෙන් මේ රට එදා ඉදන්ම හිස් නොවන බවත්, ඒ පරම්පරාව මරා දැමීම නූගත් යෝනකයන්ගේ සිහින අතර තිබෙන්නක් පමණක් බවත් තුවන් නූර් ඇතුළු ඔය අමුතු ජාත්‍යාල කදවුරේ නූගතුන් සිහි තබා ගැනීම මැනවි
ගතානුගතික සාවද්‍ය සංකල්පය කුමක්ද කියලා නව්‍ය චින්තනයෙන් පෝෂිත තුවන් නූර් යෝනකයා තේරුම් කරල දෙන්න පුලුවන්ද…හා…හා…. ඒ නව්‍ය බව මොකද්ද කියන එක ගිය ඊස්ටර් කාලෙ ඉදන්ම පේන්න අරන් තියෙන්නෙ.