අජිත් පැරකුම් ජයසිංහ
දැන් කාලෙ ළමයින් අතර ඩේ කාඩ් නම් වචනයක් භාවිතා වෙනවා. ඔවුන් ඩේ කාඩ් කියන්නෙ පොකට් කැලැන්ඩරයට හෙවත් සාක්කු දින දසුනට.
කැලැන්ඩරේ කියන්නෙත් ඉංග්‍රීසි තත්භව වචනයක්. ඒ කියන්නෙ වෙනස් කරගත් වචනයක්. එහි ඉංග්‍රීසි උච්චාරණය අනුව එය කැලින්ඩ(ර්) /ˈkalɪndə/ නම් වෙනවා එය ලතින් හා ඉන්පසු ප්‍රංශ භාෂා සම්භවයකින් ඉංග්‍රීසි භාෂාවට පැමිණෙන වචනයක්.
අද ඉරිදා – හෙට සඳුදා – ඉස්කෝලෙ පළවෙනිදා – කැලැන්ඩරේ පෙරළි පෙරළි අපට කියනවා කියලා සිංහල ළමා ගීයක් 70 දශකයේ ජනප්‍රිය වුණා.