China debt trap

අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුව අලුත් වටයකින් චීන ණය උගුලට හසු වන ආකාරය දක්නට ලැබෙන බව අපි වාර්තා කරන්නෙමු. එසේ සිදු වන්නේ, ඉන්දියාව හා චීනය අතර දකුණු ආසියානු කලාපයේ ආධිපත්‍යය සම්බන්ධයෙන් තිබෙන ගැටුම සියුම් ලෙස භාවිතා කරමින් ශ්‍රී ලංකාව අලෙවි කරගැනීමට මෙරට පාලකයන් දරන මුග්ධ උත්සාහය බව අපේ වැටහීමයි.

Translations by Creative Content Consultants

ලංකාව කරන්නේ ඉන්දියාවෙන් මුදල් ඉල්ලා ඉන්දියාවට එම ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වූ විට අපි එහෙනම් චීනෙන් ගන්නවා ය කියා ඉන්දියාවට උජාරුව පෙන්නා අවසානයේදී හරි ආඩම්බරෙන් චීන උගුලට පැනීමයි. නැවත වතාවක් එය සිදු වෙමින් තිබේ. ලංකාවේ දේශපාලකයන් හිතන්නේ මෙය මාර දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් ය කියා ය. එහෙත්, මෙය කරගන්නට දෙයක් නැති අසරණභාවයේ ම තවත් අදියරක් පමණි.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වූ අලුත ම ඉන්දියාවෙන් විදේශ විනිමය සංචිත සඳහා මුදල් හුවමාරුවක් කරගැනීමට උත්සාහ කළේ ය. කොරෝනා අර්බුදයෙන් පසුව ද ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් එවැනි ණයක් බලාපොරොත්තු විය.

පෙබරවාරියේදී අගමැති මහින්ද රාජපක්ෂ කළ දිල්ලි චාරිකාව අතරතුරදී ණය පිළිබඳ සාකච්ඡා කළ බව ද හින්දු පුවත්පතට පැවසී ය. අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 400ක මුල්‍ය හුවමාරුවක් ඉල්ලා සිටි අතර මැයි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගෙන් ඩොලර් බිලියන 1.1ක මුල්‍ය හුවමාරුවන් ඉල්ලා සිටියේ ය.

දැන් ශ්‍රී ලංකාව ඉන්දියාවට ගෙවීමට තිබෙන ඩොලර් මිලියන 960ක ණය ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකාව සහන කාල සීමාවක් ඉල්ලා තිබේ. එහෙත්, තවම ඒ පිළිබඳ ඉන්දියාව තීරණයක් ගෙන නැත.

පසුගිය මැයි 13දා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ජනාධිපති ෂී ජිංපිං අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව, කොරෝනා වයිරසය නිසා ඇති වූ තත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක තවත් ණයක් සැපයීමට චීනය එකඟ වී තිබේ.

ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 55ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 80%ක් වේ. පසුගිය වසරේ සංඛ්‍යාලේඛන අනුව, ද හින්දු පුවත්පත සඳහන් කරන පරිදි, ශ්‍රී ලංකාවේ විදේශ ණයගැතිභාවය සම්බන්ධ ප්‍රධාන අනුපාතික මෙසේ ය:

  • චීනය – 14%
  • ආසියානු සංවර්ධන බැංකුව – 14%
  • ජපානය – 12%
  • ලෝක බැංකුව – 11%
  • ඉන්දියාව – 2%

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ වැරදි හේතුවෙන් මේ වන විට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) කොළඹ නාගරික සංක්‍රාන්ති දුම්රිය ව්‍යාපෘතිය සඳහා ලබා දෙන ආධාර අත්හිටුවා තිබේ.

Translations

1 thought on “ලංකාව අලුත් වටයකින් චීන ණය උගුලට අසුවන ලකුණු

  1. Maha ewunge sita podima podi ekaa dakwa naya ugule wetemin pawathina rata diyunui kiyala samaharu kiyathi . Aneada kiyanne !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: