රාජ්‍ය තාන්ත්‍රික නාඩි අල්ලන ශ්‍රී ලංකාවේ අලුත් තානාපතිවරු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාත්‍යන්තර ප්‍රජාවේ ඉතා වැදගත් මධ්‍යස්ථානවලට පත්කිරීම සඳහා දැනට තෝරාගෙන තිබෙන තානාපතිවරුන්ගේ අලුත්ම නාමලේඛනයක් පහත දැක්වේ. IDN-InDepthNews සහ Sunday Times ඇසුරෙනි.
එක්සත් ජනපද තානාපති – රවිනාථ ආරියසිංහ (අගෝස්තු දක්වා විදේශ අමාත්‍යාංශයේ ලේකම්)
කැනඩා මහ කොමසාරිස් – ක්ෂණිකා හිරිඹුරේගම (කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති සහ උද්භිද විද්‍යා මහාචාර්ය)
ඉන්දියා මහ කොමසාරිස් – මිලින්ද මොරගොඩ (එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ඇමති)
චෙන්නයි (ඉන්දියා) නියෝජ්‍ය මහ කොමසාරිස් – වී.කේ. වල්සන් (එජාප විසින් ස්වීඩන් තානාපති ලෙස දේශපාලන පත්වීමක් ලද අයෙකු බව විකිලීක්ස්හි දැක්වේ) මීට පෙර ද මෙම තනතුර දැරී ය.
ජපාන තානාපති – සංජීව් ගුණසේකර (ලොස් ඇන්ජලීස්හි පදිංචි කැලිෆෝනියාවේ දේපල ව්‍යාපාරිකයෙකි)
චීන තානාපති – ආචාර්ය පාලිත කොහොන (විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකි. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස ද කටයුතු කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිලධාරියෙකි.)
එක්සත් අරාබි එමීර් රාජ්‍යය – මල්රාජ් ද සිල්වා (ජනාධිපතිට සමීප එක්සත් ජනපද පුරවැසියෙකි)
ප්‍රංශය – ඊවා වනසුන්දර (හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු)
මේ අතර නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්ෂේනුකා සෙනෙවිරත්න ඇතුළු තානාපති නිලධාරීන් රැසක් ආපසු කැඳවා තිබේ.
ජනාධිපතිවරයාගේ පත්වීම් ජාතියට පක්ෂපාතීත්වය පිළිබඳ ගැඹුරින් විමසා බලා, සුදුසුකම් සහ පුද්ගල පසුබිම අනුව කරන ලද ඒවා බැවින් ඒවා විවේචනය කිරීමෙන් වළකින ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය පසුගිය සැප්තැම්බර් 3දා නිවේදනයක් නිකුත් කළේ ය.
මුල් ඡායාරූපය ආචාර්ය පාලිත කොහොන (Photo credit: NewsInAsia)
” jaathiyata paksha paathiviema ” nam woo uddruthaya , nirwachanaya kerenne keseda ?
” Viwechanaya ” da eseamaya , eyada nirwachanaya sudusuya .
Buduho pawaa viwechanaya akepa yai wadaala netha .
Visaala dhanayak weyakaramin pawathwaganimin sitina thaanaapathi sewaya suduali nowannata wagabalaa geniema badhu gewannata kerena sadaaranayaki !
recently retired Navy Commander Piyal de Silva (Ambassador to Afghanistan).