Kolamba restaurant dishes

ලන්ඩන් ගිය කොළඹ කෑම

මේ ලස්සන පිංතූරෙ ගත්තෙ ඊටර් ලන්ඩන් කියලා වෙබ් අඩවියකින්. අපේ සුපුරුදු කෑම සහිත අවන්හලක් ගැන එහි විස්තර තිබුණා. මේක දැන්වීමක් නෙමෙයි. ලංකාවෙ සිංහල ඩයස්පෝරාවෙ වැඩ ගැනත් ප්‍රජා උනන්දු නිසායි පළ කරන්නෙ. මේ වෙබ් අඩවිය පළවෙන්නෙ සිංහලෙන් නේ

Translations by Creative Content Consultants

හෝටලේ තියෙන්නෙ ලන්ඩනයේ 21 Kingly St Soho, W1B 5QA නම් තැනක. නම කොළඹ. එරෝෂන් සහ අවුෂි මීවැල්ල කියලා දෙපලක්ලු ඒක කරන්නෙ. පොඩි කාලෙ ඉඳන් මතක සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී ලංකාවෙ සම්ප්‍රදායික කෑමලු එහි සපයන්නෙ.

නාලිනී ආන්ටිගෙ මාළු කට්ලට්, පැටිස්, කමලාගේ කළු පොල් ඌරු මස් වෑංජනය, දකුණේ කළු ගම්මිරිස් ඉස්සන් බැදුම, අල තෙල් දාලා, කුමාර්ගෙ අන්නාසි වෑංජනය, සම්බෝල, සීනි සම්බෝල, සලාද, පොල් රොටි, ආප්ප, ඉඳියාප්ප, කහබත් ආදී පවුලේ රිසිපි ගැනත් ලිපියේ සඳහන් වුණා.

විදෙස්ගත අපේ ප්‍රජාවන් ගැන ලියන්න අප කැමතියි. ඔබ ගැනත් අපට කියන්න. [email protected]