Kaputa

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන උසස් අධ්‍යාපනය හා සප්ත වාර්ෂික නිවාඩු යටතේ විදේශගත වී ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 617කින් බැඳුම්කර ප්‍රකාර ගෙවීම් කර ඇත්තේ 84ක් පමණක් බව අද දින කෝප් කමිටුව ඉදිරියේදී හෙළිදරව් විය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් කෝප් කමිටුව හමුවේ ඉදිරිපත් කරන ලද කරුණු අනුව මෙසේ ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ගෙවිය යුතු හිඟ මුදල රු. බිලියන දෙකයි.

මෙසේ පොලු තබා ඇති වැඩිම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගණන සේවය කර තිබෙන්නේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේය. එම සංඛ්‍යාව 122ක් වන අතර බැඳුම්කර අනුව ගෙවිය යුතු මුදල රු. මිලියන 237කි.

කැලනිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගෙන් අය කරගත යුතු මුදල රු. මිලියන 323කි.

මොවුන් අතරින් ඇතැමුන් විදේශවල සිට රටට උපදෙස් ද දෙන බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මෙම ආචාර්යවරුන්ගේ ඇපකරුවන්ගෙන් මුදල් අය කරගත යුතු බව පෙන්වා දුන්නේය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: