public service vehicles

2019 – 2023 කාලයේ තීරු බදු රහිතව සුඛෝපභෝගී වාහන ආනයනය නිසා රටට රු. බිලියන 15ක් අහිමියි

2019-2023 කාලයේ තීරු බදු සහන මත ආනයනය කළ සුඛෝපභෝගී වාහන 3,645ක් හේතුවෙන් පමණක් ඩොලර් මිලියන 90ක් පමණ පිටරටට ඇදී ගොස් ඇත. තීරු බදු සහන නිසා රජයට බදු අහිමි වීම රු. බිලියන 15කි.

කෙසේ වෙතත්, 2021 වසරේ මේ අන්දමින් සුඛෝපභෝගී වාහන ආනයනය කර තිබෙන්නේ තුනක් පමණි. 2022 වසරේ ආනයනය කර නැත. 2023 වසරේ රටට ඩොලර් එවූ සංක්‍රමණික සේවකයන්ට වාහන 138ක් ආනයනය කිරීමට අවසර දී ඇත.

තීරු බදු සහන සහිත බලපත්‍ර යටතේ ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාව මෙම සංඛ්‍යාවෙන් හෙළිදරව් නොවේ. මේ වනාහි ලක්ෂරි කාණ්ඩයට අයත් වාහන පමණි.

මෙම වරප්‍රසාදය අහෝසි කළ යුතුය. මෙමගින් රටට හානිකර අන්දමින් වාහන ආනයනය දිරිගැන්වේ. එසේම, රජයේ නිලධාරීන්ට හා දේශපාලකයන්ට ලබාදෙන මෙම බලපත්‍ර ද්විතීයක වෙළඳපොළක අලෙවි වන අතර, එම තීරු බදු සහනයෙන් අවසානයේදී වැඩි වාසි ලබන්නේ ධනවත් ව්‍යාපාරික පිරිසකි.

ධනවතුන්ට රජය සහනාධාර ලබා දෙන මෙම ක්‍රමය ‌ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා පටහැනි යයි තර්ක කළ හැකිය.

පෞද්ගලික ප්‍රවාහනය අවශ්‍ය දේශපාලකයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට රජයේ වාහන ලබා නොදිය හැකි නම් සහන පොළියට වාහන ණය ලබා දිය හැකිය. එවිට ආර්ථික හැකියාව අනුව වාහන ආනයනය තුලනය වනු ඇත.

එසේම, දැනට ආනයනික වාහනවලින් අය කරනු ලබන 100%කට අධික ආනයන බදු අඩු කිරීම සියලු දෙනාට ප්‍රයෝජනවත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *