Eran Wickramaratne

2017, ’18 රජය ගත් ණය සියල්ල ණය බේරන්න යොදවලා

2017 සහ 2018 සඳහා රජය ගත් ණය සියල්ල භාවිතා වූයේ ණය ගෙවීම සඳහා පමණක් බව අමාත්‍ය එරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් පාදක කරගෙන factcheck.lk වෙබ් අඩවිය පැහැදිලි කරයි.

Sinhala Tamil English Translations and Content Writing

මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වන “ප්‍රාථමික ශේෂය” නම් සංඛ්‍යාලේඛනයන් භාවිතා කරමින් මෙම කරුණ ඇගයුම් කොට බැලිය හැකි බව එම වෙබ් අඩවිය පෙන්වා දෙයි. මෙය ගණනය කෙරෙන්නේ, රජයට ලැබුණු ආධාර ඇතුළු සමස්ත ආදායමෙන් ණය පොලී මුදල් ගෙවීම් හැරෙන්නට සියලුම රජයේ වියදම් අඩු කිරීමෙනි.

එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ: “අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍ය වේ නම්, නව රජය විසින් ලබාගත් ණය ගැනීම් අවශ්‍ය වී ඇත්තේ ණය මුදල් සහ ණය පොලී මුදල් ගෙවීම සඳහා පමණි. මෙහි අරුත වන්නේ වසරක අය වැය හිඟය, එම වසර සඳහා වන ණය පොලී ගෙවීම් වලට වඩා වැඩි නොවිය යුතු බවයි (ණය මුදල් නැවත ගෙවීම සලකා බැලී නැත්තේ මන්ද යන්න දැනගැනීම උදෙසා පහත සටහන බලන්න). එවැනි වසර සඳහා ප්‍රාථමික ශේෂය ධනාත්මක විය යුතුය. එවැනි අවස්ථාවක ප්‍රාථමික ශේෂය ධනාත්මක වී ඇත. කෙසේ වෙතත් ප්‍රාථමික ශේෂය සෘණාත්මක නම්, එයින් අදහස් වන්නේ එම වසරේ ණය පොලී ගෙවූම් නැතිව රජයේ වියදම් ආවරණය කිරීම සඳහා ආධාර සහ ආදායම් ප්‍රමාණවත් නොවූ බවයි. එවැනි අවස්ථාවක අය වැය හිඟතාවය ආවරණය කිරීම සඳහා රජය මගින් ලබාගත් ණය, ණය මුදල් සඳහා පමණක් කටයුතු කිරීමට අවශ්‍ය මුදල ඉක්මවා යයි. පහත පළමු වගුව මගින් වසර 2015-2018 කාලය තුළ එක් එක් වසර සඳහා වන ප්‍රාථමික ශේෂය දක්වා ඇත.

සටහන: රාජ්‍ය අංශයේ ගිණුම්කරණයේදී ණය මුදල් නැවත පියවීම රජයේ වියදමක් ලෙසින් නොගැනේ. ඊට හේතුව වන්නේ, වියදමක් ලෙසින් ගැනෙන ණය පොලී ගෙවීම් මෙන් නොව ණය මුදල් නැවත ගෙවීම යනු රජයේ වගකීම් සම්බන්ධයෙන් එහි ශේෂ පත්‍රයට බලපාන ගනුදෙනුවක් ලෙසින් සැලකෙන බැවිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, පැරණි ණයක් ගෙවීම සඳහා නව ණය මුදලක් ලබාගත් විට, ශේෂ පත්‍රයේ ශුද්ධ අගය නොවෙනස්ව පවතී. එනිසා ආදායම සහ වියදම අතර වෙනස වන අය වැය හිඟය, රජයේ සියලුම ණය ගැනීම් ණය ගෙවීම් සඳහා භාවිතා වූ වසරකදී, ණය පොලී ගෙවීම් වලට වඩා වැඩි වීමට නොහැක.

වගුව මගින් පෙන්වන්නේ, ප්‍රාථමික ශේෂය 2017 වසර සහ 2018 වසර සඳහා ධනාත්මක වී ඇති බවයි. එහි අරුත වන්නේඉරාන් වික්‍රමරත්න රාජ්‍ය මුදල් අමාත්‍යවරයාව සිටි උක්ත වසර දෙක සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශය සත්‍ය වන බවයි (2017 මැයි මස සිට). කෙසේ වුවත් ඉන් පෙර 2015 සහ 2016 වසර සඳහා ප්‍රාථමික ශේෂය ධනාත්මක වී නොතිබුණු අතර, එම වසර දෙකද වත්මන් රජයේ පාලන කාලය තුළට අයත් වේ.