subsidies

සහනාධාර

රජය සහනාධාර දෙන එකේ කිසිම වරදක් නැහැ. විශේෂයෙන්ම දුෂ්කර අවස්ථාවලදී වැඩිපුරම අවදානමට ලක්වන ජනයා රැකගැනීම සඳහා එය අත්‍යවශ්‍යයි.

මේ වෙලාවෙ දිළිඳුම ජනයා ඉල්ලන්නෙ කෑම හා ආදායම් මාර්ග මිසක් ඡන්ද නෙමෙයි. ඒ නිසා ඒ අයට සහල් සහනාධාර වගේ උපකාරය කළ යුතුයි. රජය වී මිලදීගන්නට යන්නෙ ඒ වෙනුවෙන්. ඒකෙන් ගොවීන්ටත් වීවලට ඉහළ මිලක් ලැබෙනවා. දිළිඳු ජනයාට නොමිලේම සහල් දෙනවා.

ඒවා දිළිඳුම අය නිවැරදිව ඉලක්ක කරලා ලබාදිය යුතුයි. කලින් සහනාධාර දුන්නා වගේ SUVවලටත් එක්ක ඩීසල් සහනාධාර දෙන එක නෙමෙයි වෙන්නට ඕනැ. සමෘද්ධි සහනාධාර දුන්නා වගේ ඒ අරමුදල්වලින් 25%ක් විතර නිලධාරීන් නඩත්තුවට වෙන්කරන එක නෙමෙයි වෙන්න ඕනැ.

ආහාර නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා මේ වෙනකොට ගොවීන්ට හෙක්ටෙයාරයකට රුපියල් දහදාහ ගානෙ එකවුන්ට්වලටම දානවා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ලොකු ට්‍රයි එකක් දෙනවා, ගිනුම් අංක වරද්දලා ඒක කඩාකප්පල් කරන්න. රුපියල් බිලියන අටකින් බිලියන 1.3ක් විතර ගොවීන්ගේ ගිනුම්වලට බැර නොවී ආපහු හරවන්නට මේ රාජ්‍ය විරෝධී දේශපාලක නිලධාරීන් සමත් වුණා. ඔවුන්ට දඬුවම් කළ යුතුයි.

සහනාධාර දෙන්නට ඕනැ අත්‍යවශ්‍ය අයට නිසි පරිදි ඉලක්ක කරලා. එහෙම නැතුව පොදුවේ නෙමෙයි. ඒ වගේම සහනාධාර දෙන්නට ඕනැ සදාකාලිකව නෙමෙයි. ගොඩගන්නයි.