EPF

රහසිගත ආයෝජන ප්‍රතිපත්තියක් EPF අරමුදලට – කෙල්ල ගනිව් ගෙට!

සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ප්‍රතිපත්තිය හෙළිදරව් නොකර සිටීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. එය අභ්‍යන්තර ලේඛනයක් බැවින් හෙළිදරව් නොකරන බව ද, මාර්ගෝපදේශ පමණක් හෙළිදරව් කරනු ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්. ඒ. කරුණාරත්න පැවසූ බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි. කෙසේ වෙතත්, මෙම මාර්ගෝපදේශ ද මෙතෙක් හෙළිදරව් කර නැත.

Translations

මෙය තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා ඇතුළත් කර තිබෙන, ප්‍රජාතන්ත්‍රවාදී රටක මහජනයාට අයිති විශ්‍රාම අරමුදලක් පරිපාලනය කිරීම සම්බන්ධයෙන් ඉතා නරක ප්‍රතිපත්තියකි.

ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට ලිපියක් ලියන චන්දීල වෙත්තසිංහ පෙන්වා දෙන පරිදි මෙය ජාත්‍යන්තර වශයෙන් ම මෙවැනි අරමුදල් පරිපාලනයේදී අනුගමනය කරනු ලබන පිළිගත් ක්‍රමවේදවලට පටහැණි බවයි.

2018 සිට සම්පාදනය කරමින් තිබුණු සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ප්‍රතිපත්තිය මුදල් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව මහ බැංකුව ජනවාරියේදී නිවේදනය කළේ ය.

මීට පෙර ආයෝජන ප්‍රතිපත්ති විවෘත වූ මුත් මෙම නව ආයෝජන ප්‍රතිපත්තිය සංවෘත ය.

වසර 2010දී සේවක අර්ථසාධක අරමුදලින් රුපියල් මිලියන 500ක මුදලක් යොදවා අති විශාල වශයෙන් පාඩු ලබන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කොටස් මිලදී ගෙන තිබුණ අතර ඒ සඳහා ඇමති මණ්ඩල අනුමැතියක්වත් ලබාදී නොතිබුණ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය එස්. සමරතුංග 2018දී ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ ලේඛන සහිතව සාක්ෂි දුන්නේ ය.

රොෂේන් චානක

2011 වසරේදී කටුනායක නිදහස් වෙළඳ කලාපයේදී රොෂේන් චානක නම් කම්කරුවා මරා දමනු ලැබුවේ මහින්ද රාජපක්ෂ රජය විසින් සේවක අර්ථසාධක අරමුදල විශ්‍රාම වැටුප් අරමුදලක් බවට පත් කිරීමට දරන ලද උත්සාහයේදී ය.

රනිල් වික්‍රමසිංහ රජය ද සේවක අර්ථසාධක අරමුදල නැවත වරක් කඩා වැටෙමින් තිබුණු කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීමට ගත් උත්සාහයට ද සේවක විරෝධය මතු විය.

දැනට සේවක අර්ථ සාධක අරමුදල ආයෝජනය කරන මුදල්වලින් සියයට 90කට වඩා ආයෝජනය කරන්නේ රජයේ භාණ්ඩාගාර සුරැකුම්පත්වලයි.

Translations by Creative Content Consultants

සාමාජිකයන් ලක්ෂ 26ක් පමණ සිටින සේවක අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ අරමුදලයි. එහි තිබෙන්නේ සේවක වැටුපෙන් කපා ගන්නා අවම 8%ක හා සේවායෝජකයා දායක වන 12%ක අරමුදල් ය. මේ වන විට එම අරමුදල රු. බිලියන 2000ක් පමණ විශාල ය. ශ්‍රී ලංකා මහ බැංකුව එය පාලනය කරයි.

කුප්‍රකට බැඳුම්කර මගඩියේදී ද සේවක අර්ථ සාධක අරමුදලට ලාභය අහිමි වන පරිදි හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අධික ලාභයක් ලැබෙන පරිදි රජය කටයුතු කළ බවට චෝදනා එල්ල වේ.

මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජතුමාට දේශනා කළ “මහරජ‍, ඔබ මේ මහ පොළොව අයිතිකරු නොවේ. අහසේ සැරිසරන පක්ෂීන්ට ද, පොළොවේ සැරිසරන උරග, දෙපා, සිව්පා සතුන්ට ද මේ මහ පොළොව එක ලෙස අයිති ය. ඔබ මෙහි භාරකරු මිස අයිතිකරු නොවේ,” යන බණ පදය රජය හා සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් ද රජයට වැදගත් වනු ඇත.