China Sri Lanka relations

ශ්‍රී ලංකා රජය චීන බැංකු සමග තිබෙන ණය ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා සූදානම් යයි මාස තුනකට කලින් චීනය ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයට දැන්වූ බවත්, එහෙත්, ශ්‍රී ලංකාව පැත්තෙන් එයට ප්‍රතිචාරයක් නොලැබුණු බවත් චීන තානාපති නිලධාරියෙක් පසුගියදා ඩේලි මිරර් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබිණි.

චීන ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් තවමත් චීනය විසින් එකඟතාවක් ප්‍රකාශ කර නැත.

ශ්‍රී ලංකාව 2022 වසරේදී පමණක් චීනයට ඩොලර් බිලියන 1.5 – 2 අතර මුදලක් ගෙවන්නට නියමිතය. මේ වසරේ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 7ක පමණ විදේශ ණය ගෙවීමට නියමිතව තිබිණි.

චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශ්වික ණය හිමියකු වන අතර ලංකාව චීනයට ඩොලර් බිලියන 8ක් පමණ ණයය. ජපානය, ඉන්දියාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ආදිය සෙසු ද්විපාර්ශ්වික හා බහු පාර්ශ්වික ණය හිමියන් වෙති. පසුගිය කාලසීමාව තුළදී ඉන්දියාව ශ්‍රී ලංකාවට භාණ්ඩ ණය හා මුදල් හුවමාරු ආදිය ලෙස ඩොලර් බිලියන 4ක් පමණ වටිනා ආධාර පිරිනමන ලදී.

2026 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 25ක් ණය ගෙවිය යුතුය.

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 14ක පමණ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ද ආපසු ගෙවිය යුතුය.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර නිලධාරි මට්ටමේ එකඟතාවක් ඇතිකරගැනීම සඳහා මේ වන විට මෙරට සංචාරය කරමින් සිටින නියෝජිත පිරිස සහ රජයේ නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීමට පෙර ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සිදුකළ යුතුය.

ලංකාවේ සමස්ත විදේශ ණයවලින් 10% – 20% අතර ප්‍රමාණයක් චීන ණය වන අතර චීනය ඇතුළු ද්වි පාර්ශ්වික ණය හිමියන් සමග සාකච්ඡා කිරීම සඳහා ජපානයේ මැදිහත්වීම ලබාගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

2 thoughts on “චීන ණය ගැන සාකච්ඡා කරන්න රාජපක්ෂ ආණ්ඩුව එකඟවෙලා නැහැ

  1. මේ දිනවල රෝහල්ගත වන දූ දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් උෟන පෝෂණ තත්ත්වයෙන් පෙළෙන බවට විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබිණි. ඒ සම්බන්ධව මවුපිය වැඩිහිටි අවධානය යොමු විය යුතු බවද ඔවුහු අවධාරණය කරති. වයඹ විශ්වවිද්‍යාලයේ පෝෂණවේදය හා සම්බන්ධ මහාචාර්ය රේණුක සිල්වා ‘මව්බිම’ට ප්‍රකාශ කළේ මේ දිනවල ආහාරවල මිල ඉතා ඉහළ මට්ටමක පැවතීම නිසා දරුවන්ට දෙන පෝෂ්‍යදායී ආහාර ප්‍රමාණය අඩු කිරීමට සිදුව තිබෙන බවය. සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් බිහිකරලීමේදී රටේ පවතින අර්බුදකාරී තත්ත්වය නිතැතින්ම බලපාන බව රහසක් නොවේ එසේ නම් මේ සම්බන්ධව වගකිවයුත්තෝ කවරහුද? කෙටිම පිළිතුරකි. මේ රටේ පාලක පිරිසය. සිටි අය සහ සිටින අයයි.

    යුනිසෙෆ් ආයතනයේ අධ්‍යයනයක් අනුව කොවිඩ් _ 19 වසංගතය හේතුවෙන් 2021 වසරේ නාගරික ගෘහස්ථ ආදායම 37%කින්ද ග්‍රාමීය ගෘහස්ථ ආදායම 30%කින්ද වතුකර ප්‍රදේශවල එම ආදායම 23%කින්ද අඩු වී තිබේ. මේ ආර්ථික හැකිළීම පියවා ගන්නට පාලකයන් අනුගමනය කළ වැඩපිළිවෙළ කුමක්ද? දේශපාලන බලය තහවුරු කරගැනීමෙන් පමණක් රටේ ප්‍රශ්න විසඳීම මුළාවකි. ජනතාව ගොනාට ඇන්දවීමකි. කළහැකි කළයුතු දේ බොහෝ තිබියදී බිත්තර මිල පාලනයට ගැසට් එකක් ගහගෙන ඒ පැත්තට මේ පැත්තට කඹ ඇද ඇද සිටියාට අර්බුදය විසඳනු නොහැකිය. ඒ ගහපු ගැසට් එකත් ආයෙත් මිල සංශෝධනයකට යටත් කරන්නට සැරසෙන වග ඇසෙයි. ඒ අතරේ පාලන මිලට වැඩියෙන් බිත්තර විකුණා දඬුවම් නියම කළ බවටද පුවත් පළවෙයි. පෝෂණය, යනු අප අන්දමන්ද කරවන ක්‍රියාදාමයක් සේ සිතීම වරදක් වන්නට බැරිය.

    ශ්‍රී ලංකා ‘සේව් ද චිල්රන්’ සංවිධානය ඉකුත් මැයි – ජුනි මාසවල මෙරට දිස්ත්‍රික්ක 9ක් තෝරාගෙන එම දිස්ත්‍රික්කවල පදිංචි පවුල් 2309ක් සහභාගි කරගෙන අධ්‍යයනයක් සිදුකොට තිබේ. එම අධ්‍යයන වාර්තාව අනුව, නියැදියට ඇතුළත් පවුල්වලින් 60%ක තරම් පිරිසකට නිසි පරිදි ආහාර වේල සපයාගන්නට අපහසු වී තිබේ. එම පවුල්වලින් 85%ක් තරම් පිරිසක් ගෘහ ආදායම් බිඳ වැටුණු තත්ත්වයට පත්ව සිටිති. 50%ක් තරම් පිරිසක් දෛනික ආදායම් පරිහානියට පත්ව සිටිති. එයිනුත් 10%ක් පූර්ණ ආදායම් අහිමි තත්ත්වයට පත්ව ඇති බව කියයි. සේව් ද චිල්රන් සංවිධානය කියන්නේ, ශ්‍රී ලංකාව බරපතළ මානුෂීය ඛේදවාචකයකට මුහුණදෙමින් සිටින බවය.

  2. Balala mallen eliyata panie kiyala bayata , owhuo saakachchaa nokaranna athi samaharavita !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: