අපි කන හැටි ලිපා දනී

අජිත් පැරකුම් ජයසිංහ
ළමයින්ට හෙට ඉඳන් ඉස්කෝලෙ. බයිසිකලේ හැන්ඩල් එකේ කිරිපිටි කිලෝ එකයි බිත්තර දහයයි ෂොපිං බෑග් දෙකක දාලා එල්ලගෙන ආවා. හරිනම් සේප්පුවක දාන්න වටින්නෙ. රුපියල් තුන්දාස් පන්සීයයි. බිත්තරකාරයාගෙන් වැඩිපුර පිදුරු ටිකක් ඉල්ලගත්තා, ෂොකැබ්සෝබර් කරන්න. ඇයි යකෝ බිත්තරයක් බිඳුනොත් පනස් අටක්.
ඇත්තම කිව්වොත්, අපි පරිභෝජනය එතරම් අඩුකරලා නැහැ. බ්ලැකීටත් උදේට කිරි කෝප්පයක් දෙනවා. එයාට වෙනම මස් මාළුත් දෙනවා. අපට අඩු කළත් එයාට අඩුවක් කරන්නෙ නැහැ. මොකද, එයා මේ හුටපට දන්නෙ නැහැ.
ඉස්සර ඉඳන්ම අපි අධි පරිභෝජනයක් කළේ නැහැ. අපේ ගානට තමයි කළේ. ළමයි කැමති දේ අඩු නැතුව දුන්නා. භාණ්ඩ හිඟය අඩුවීමත් එක්ක අපි ඒ ගානට නැවතත් පරිභෝජනය කරනවා, ඕනැ බම්බුවක් කියලා. කොටින්ම බෝතලයක් ඉවරවෙනකොට බෝතලයක් ගානෙ මගේ බ්‍රෑන්ඩ් එක වන සංස්ථා ඕල්ඩ් ඇරැක්ම අරන් එනවා. හැබැයි, දැන් මිල අධිකයි. සමස්ත වියදම ඉස්සර වගේ තුන්ගුණයක් විතර.
කොහොමද අපි මේක බැලන්ස් කරගන්නෙ? අන්න ඒ දේ තමයි මං කියන්නෙ. මේක මගේ කතාව විතරක් නෙමෙයි. මධ්‍යම මට්ටමේ ආදායම් ඇති බොහෝ අයගේ කතාව.
විනාඩි පහෙන් පහට වගේ බස් තියෙන පාරක් අද්දර මෑතදී පදිංචියට ආපු නිසා අපට සෑහෙන පෙට්‍රල් ප්‍රමාණයක් ඉතුරුයි. හැබැයි, ඒ චාන්ස් එක ටිකක් සුවිශේෂයි.
ඒකෙන් විතරක් මේක බැලන්ස් කරන්න බැහැ. එහෙනම් කොහොමද?
ඇත්තම කිව්වොත්, අපි මේ අර්බුදය එන්න කලින් මාසෙකට අපේ ආදායමෙන් තුනෙන් එකක් විතර ඉතිරි කළා. ඒකෙනුයි, ණය අරගෙනයි අපි බොහෝ දේ කළා. අපේ මධ්‍යම පන්තික මිතුරන් අපට වඩා ඉතුරු කළා. අපට වඩා දියුණු වෙන වැඩ කළා. අපි වගේ ඇල්ටො ගන්නවා වෙනුවට ජපන් කාර්වලට තමයි යොමුවුණේ. අපි තරම් ණයට බය වුණේ නැහැ.
හැබැයි, කට ඇරියොත් කියන්නෙ නැතිවාදමම තමයි. හරියට අපි ණය ඉල්ලයි වගේ. ඒ වුණාට පොඩ්ඩක් අවුස්සලා ගත්තාම අරින නයි අස්සෙ ඇත්ත තියෙනවා.
දැන් මොකක්ද වෙලා තියෙන්නෙ? අපේ කතාව කියන්නම්. ඉතුරු කිරීම් නැත. තව දියුණු වෙන්නට අපේක්ෂාවක් ද නැත. තවම ගත් ණය ගෙවනු ලැබේ. ණය ගෙවීම දුෂ්කර වන විට සමහරවිට අපට ද පරිභෝජනය අඩුකිරීමට සිදුවනු ඇත.
මේ කතාව මා කීවේ මා ගැන වුව ද, ඔය ඉතුරුම් කතාව බොහෝ මධ්‍යම පන්තිකයන්ට අදාළය. අප වගේ නොව බොහෝ අය කල් තබාම විශාල ණය අරගෙන තිබෙන බැවින් ඔවුන් කරන්නේ ණය ගෙවීමයි. ඉතුරුම් චංචල හා නිශ්චල දේපළයි.
මධ්‍යම පන්තිය දැන් යන්නේ මේ ආකාරයෙනි. පහළ ආදායම් තිබෙන අය ගැන වටින් ගොඩින් අධ්‍යයනය කරමින් සිටිමි.
මේවා සමීක්ෂණ නොවේ. බම්බු සමීක්ෂණවලට ඔය හැම රෙද්දම අහුවෙන්නේ ද නැත. උදාහරණයක් විදියට, බොහෝ දෙනා පන්සල්වලට, කට්ටඩියන්ට, කේන්දරකාරයන්ට, හොර වෙදුන්ට පුදන පිදිලි මොන සමීක්ෂණයකවත් වාර්තා වන්නේ නැත.

ප්‍රශ්න ගණනාවක් පාසල් දරුවන්ට තිබේ. ඉන් පළමුවැන්න බස් එකේ යෑමට සල්ලි නැති වීමය. දෙවැන්න අවශ්‍ය තරම් පාසල් ඇඳුම් නොතිබීමය. තෙවැන්න උදේට පාසල් යන ළමයා බොහෝ විට නිරාහාරව පැමිණීමය. මෙය ඉතා වැදගත් මාතෘකාවකි. මීට කලකට පෙර පාසල් දරුවෙක් අතට රුපියල් 50 ක් දුන් විට උදේ වේල කැන්ටිමෙන් පිරිමසා ගැනීමේ හැකියා දරුවාට තිබිණ. එහෙත් අද පාන් රාත්තලක් රුපියල් 200 කි. සීනි සම්බෝල ලෙස හැඳින්වෙන තෙල් දැමූ ලූනු ටිකක් මැදට දැමූ පාන් කාලක් රුපියල් 100 කි. මාළු පාන් එකක් රුපියල් 100 කි. මාළු කට්ලට් ලෙස හැඳින්වෙන දොඹ ගෙඩියක් තරම් කුඩා වූ අල සහිත බෝලයක් රුපියල් 75 කි. චයිනිස් රෝල් එකක් සමහර කඩවල රුපියල් 150 කි; ප්‍රසිද්ධ නම් සහිත පේස්ටි්‍ර ෂොප්වල රුපියල් 170 කි. කුඩා බීම බෝතලයක් රුපියල් 100 කි. මේ නිසා මධ්‍යම පන්තියේ සහ පහළ මධ්‍යම පන්තියේ දරුවන්ගේ පිහිටට එන්නේ පාසලේ ටැප් එකය. මේ ටැප් එකෙන් වතුර බී එසෙම්බ්ලි එක සඳහා උදේ වරුවේ අව්වේ සිටගෙන සිටින ළමයින් හත්අට දෙනෙක් ම ක්ලාන්තව බිම වැටෙති. එවිට ප්‍රින්සිපල් අහන්නේ උදේට කන්න සල්ලි නැත්නම් කෑම ගෙදරින්වත් නොගෙනෙන්නේ මන්ද කියා ය. ගෙවත්තේ තිබෙන ගස්වල ආහාර වර්ග වැවෙන්නේ නැත. මාළු පාන් ගස් හෝ සීනි සම්බෝල පාන් වැල් මේ රටේ නො වැවේ. ඒ නිසා උදේ කෑම ගෙදර හැදුවද මුදල් අවශ්‍ය ය. පාන් කාල ගෙදරට ගෙනාවත් එහි මුදල රුපියල් 100 කි. පාන් කාල මැදට කුමක් හෝ එබීමට නම් තවත් මුදලක් වැය වේ. පාසල් දරුවන්ගේ ආහාර ප්‍රශ්නය කිසිදු ආණ්ඩුවකට විසඳීමට බැරි වූ ප්‍රශ්නයකි. සමහර ආණ්ඩු මේ ප්‍රශ්නය විසඳීම සඳහා පාසල් දරුවන්ට බිස්කට් 5 බැගින් දුන්හ. එය ද එතරම් සාර්ථක වූයේ නැත. සමහර ළමයින් බිස්කට් වලින් සීට්ටු දමා ඒවා ගෙදර ගෙනගියහ. පසු කලෙක බනිස් බෙදන ලදි. ඒවා තනිකරම පිටිගුලි වූ බැවින් ළමයින් එම බනිස්වලින් බෝල ගැසූහ. ඇතැම් රජයන් ළමයින්ට දහවලට කිරි වීදුරුවක් දීමට කටයුතු සම්පාදනය කළේය. එහෙත් සමහර අවස්ථාවලදී ඒ කිරි නරක් වූ බැවින් ද, නරක් වූ කිරි බීම නිසා ළමයින්ගේ බඩ බුරුල් වූ බැවින් ද වැඩේ නැවතින.
Aus inna mage athisaya samiepa hithawathiyak ada ahanawa , lankawe durbhiksayak nisaa paribojane adukolath yahapath neada kiyala .
Mang eyata mokuth kiwwe nea .
Kohoma namuth apith wenada paridi kanawa bonawa .
Waththen pol haa eloolu haa kumburen kekulu vee lebena nisaa loku awlak nea .
Ewwa nipeyumata udaw dennanta da saadhaarana wetupak dena nisaa ohutada oya kiyana tharam durbhisayak thaama denila nea .
Keseawethath Sanstha Old ekata wadaa Rokland Old aran balannako .
Hebai tikak ganan .
50 ml one shot more than good for before diner !
Good Luck .