Sri Lankan migrant workers

ලංකාව International Labour Organization කියන එක පවා වැරදියට පරිවර්තනය කරගත් රටක්. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය නෙමෙයි, ජාත්‍යන්තර ශ්‍රම සංවිධානය විය යුතුයි.Continue Reading

welfare benefits

දිළිඳු ම පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 15,000 ක් බැගින් සහ දෙවන මට්ටමේ පවුල් ලක්ෂ අටක් සඳහා මසකට රුපියල් 8,500.00 බැගින් ද, තවත් පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 5,000 බැගින් ද, සුබසාධන ප්‍රතිලාභ සහනාධාර ලෙස ගෙවීම ජුලි මස 1දා සිට ඇරඹෙන බව රජය පවසයි.Continue Reading

charity

බඩු ටිකක් එකතු කරලා එවලා අන්න ඒවා තාම වරායෙ මුන් ඒකෙ බදු ගෙවලා අරගන්නෙ නැහැ, අපි දැන් එම්කේ, ආයෙ නම් මේ වගේ ගොන් වැඩ කරන්නෙ නැහැ, අපි මේව යවනවා සුඩානෙට, එහේ ආණ්ඩු හොඳයි මීට වඩා කියන කට්ටිය සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේ අය චැරිටි කියන බිස්නස් එක ගැන මොකුත් නොදන්න හෝ ඒක ඇතුළෙ වෙන වංගු ගහන පිරිසක් විය හැකියි.Continue Reading

Malcom Cardinal Cooray with Mahinda and Shiranthi Rajapaksa

අරගලයේම දිගුවක් ලෙස පාස්කු ප්‍රහාරය භාවිතා කරමින් වත්මන් ආණ්ඩුව හා ඉතිරි සිංහල බෞද්ධ ප්‍රභූ දේශපාලනික නායකත්වය බිඳදැමීම සඳහා වෛරය පැතිරවීමේ වැඩසටහන 2023 අප්‍රේල් 21දා අලුත් ජවයකින් යුතුව ඉදිරියට ගත් ආකාරය දකින්නට ලැබුණා. ඒ සමග ජනතා විමුක්ති පෙරමුණත් එකතු වීම කැපීපෙනෙන ලක්ෂණයක්. ජවිපෙ නායකත්වයත් සිංහල බෞද්ධ ගොවිගම එකක්. ඇතැම් විට ඔවුන්ට මේ ආන්තික කතෝලික බලවේගය ඇතුළතින් දියකර දමන්නට හැකි වේවි.Continue Reading

FSP posters

ගෝලීය වෙළඳපොළ, ගෝලීය නිෂ්පාදන දාම ආදිය එක්ක සම්බන්ධ වෙන්න අපි සූදානම්ද? ජාතිකවාදය ගැන අපි හිතන්නෙ කොහොමද? විශේෂයෙන්ම ආර්ථික ජාතිකවාදය මත පදනම් වෙනවාද? ධනවාදී ගෝලීයකරණය පිළිගන්නවාද?Continue Reading

Dam Rajina

දෘෂ්‍ය දූෂණය ගැන ජනාධිපති රනිල්ට දැක්මක් තිබෙන බව පසුගියදා නුවරඑළියේදී ඔහු නිලධාරීන්ට දුන් උපදෙස්වලින් පෙනෙනවා. තට්ටු හතරට වඩා උස ගොඩනැගිලි හැදීම තහනම් කරන්නැයි ඔහු කීවා. ග්‍රෙගරි වැව ආසන්නයේ අක්කර 12ක රජයේ ඉඩමක කානිවල් එකක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා. මීට කලින් සුන්දර ස්ථානයක දැවැන්ත කොංක්‍රීට් තේ පෝච්චියක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා මතකයි.Continue Reading

charudatta ilangasinghe

විභාග වර්ජන ත්‍රස්තවාදය දැනට තිබෙන්නේ නියපොත්තෙන් කැඩිය හැකි මට්ටමක නිසා එයට සංකීර්ණ විසඳුම් අවශ්‍ය නැහැ. හැබැයි, ලංකාව දීර්ඝ කාලීනව ජාත්‍යන්තර ඇගයුම් පද්ධති සමග සම්බන්ධ වීම ගැන අවධානය යොමුකිරීමත් වැදගත්. ප්‍රධාන විභාග ඉංග්‍රීසි බසින් පවත්වනවා නම් දැන් වුණත් මෙය කරන්නට පුළුවන්. හැබැයි, තවම ඒ සඳහා ධාරිතාවන් ගොඩනැගී නැහැ.Continue Reading

kpoint cover

ත්‍රස්ත විරෝධී නීති ගැන සංවාදය මානව හිමිකම් වෘත්තිකයන්ගෙ, සංවිධානවල හා නීතිවේදීන්ගෙ ආධිපත්‍යයට යට විය යුතු එකක් නෙමෙයි. ත්‍රස්තවාදය ගැන හොඳට දන්න අපි වගේ අයගේ හඬටත් එහිදී අවස්ථාව තිබිය යුතුයි. ඔය සංවාදකාරයන් පුළුවන් නම් අපටත් ආරාධනා කරන්න ඔය විවාදවලට. අපි සූදානම් ඔබට ත්‍රස්තවාදයට එරෙහි නීති අවශ්‍ය ඇයි කියන එක පැහැදිලි කරල දෙන්න.Continue Reading

Dam Rajina

බස්වාදය යනු අනෙක් ඕනෑම එවැනි ‘වාදයක’ ලක්ෂණ හා සමාන ලක්ෂණ ඇති දෙයකි. උදාහරණයක් ලෙස පාසල්වාදය හා බස්වාදය අතර දැඩි සමානකමක් තිබේ. පාසලක් සම්බන්ධ, වර්ණ, කොඩි, සංකේත, ඉතිහාසය, සංස්කෘතිය ස්වෝත්තමවාදී ලෙස ප්‍රවර්ධනය කිරීම පාසල්වාදය නම්, බස්වාදය යනු කුමක්ද?Continue Reading

Gotabaya Rajapaksa

දැන් රනිල් වික්‍රමසිංහ කරමින් ඉන්නේ හැටනම ලක්ෂයට තමන් දිව්වේ ඇයිදැයි යළි මතක් කරදීමයි. ඒ සමගම දැන් තමන්ට නායකත්වය දෙන්නේ තමන් ඇල්ලීමට ගිය හොරාම නොවේදැයි හැටනම ලක්ෂයට වැටහෙන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව, හැටනම ලක්ෂය ආපහු හැරෙන දිනය වැඩි ඈතක විය නොහැකිය. Continue Reading