Fuse

ශ්‍රී ලංකාවේ දේශපාලනික චලනයන් මෙම මූලෝපාය සමග සමපාත විය යුතුය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය අතිශය වැදගත් වන්නේ එහෙයිනි. එහෙත්, බොහෝ අයට පළාත් සභාවල මෑත ඉතිහාසය පවා අමතක වී තිබේ. පළාත් සභා ඡන්දය පවත්වන්නැයි ජනාධිපතිවරයාට අභියෝග කරන ඇතැම් දේශපාලකයන් පළාත් සභා ඡන්ද පැවැත්විය නොහැකි අන්දමේ උගුලක් නිර්මාණය කිරීමට දායක වූ අය බව අපට නම් අමතක නැත.Continue Reading

Ranil Modi

රනිල්ගේ ඉන්දීය චාරිකාව ගැන වෙනම සටහනක් ලියන්නට ඕනැ. ඒකෙන් පෙනෙන්නෙ රනිල් ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සඳහා තිබෙන මේ මොමන්ටම් එක උපරිමයෙන් පාවිච්චි කරන්නට උත්සාහ කරන බවයි. ටීඑන්ඒ එක එක්ක 13 ගැන කතා, ඉන්දියාව එක්ක කරන දේ, ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලන ප්‍රතිසංස්කරණ ආදිය යන්නෙ අධි වේගයෙන්. වෙලාවකට මේ අපි වගේ රනිල්ගෙ මොක්කුද එවුන් කියල කට්ටිය කියන අයට පවා හිතෙනවා ඒ ස්පීඩ් එක වැඩිද කියලා.Continue Reading

Kindertransport

මේ කතාවෙ දෙපැත්තක් තියෙනවා. සිංහල මිනිසුන්ව විතරක් ජාත්‍යන්තර පරිමාණෙන්ම වරදකරුවන් කරන ව්‍යාපාරය මං නම් හිතන හැටියට ඒ තරම් අහිංසක නැහැ. ඒක එක්ක දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධ වෙන අය ඒ ගැන ගැඹුරින් සිතිය යුතුයි.Continue Reading

Ranil-MP-2022-signing

හුණුවටයේ කතාවේ අතහැර ගිය ඔටුන්න හිමි කුමාරයා රැගෙන යන්නට ඒ වෙලාවේ ගෘෂා වැෂ්නාඩ්සේ එතැන සිටියේය. ඇය නොසිටියා නම් වෙනත් අයෙකු දරුවා රැගෙන යනු ඇද්ද, නැතිනම්, ඝාතකයන්ට දරුවා හසු වනු ඇද්ද යන්න කාටවත් කිව නොහැකිය. ලංකාව සම්බන්ධයෙන් ගත් කල, රනිල් වික්‍රමසිංහ නම් පුද්ගලයකුට එහා ගිය සාධකය අර්බුදය අවස්ථාවේ ලංකාවේ රාජ්‍ය බලය ලබාගත හැකි තැනක සිටියේය. ලංකාවේ ඉතිහාසය යොමු වී තිබුණු අරාජිකත්වයේ පල්ලම වෙනුවට ගිරි ශිඛර මැදින් වූ දුර්ග මාර්ගයක රට ගෙන යාමට නායකත්වය දෙන්නට ඔහු සමත් විය. ගෘෂා දරුවා ආරක්ෂා කරන බව අපි දැන සිටියෙමු. රනිල් සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එයයි. රනිල් නොසිටියා නම් අනෙක් නායකයන් මොනවා කරන්නට ඉඩ තිබුණාද යන්න අපි නොදනිමු. එය හරියට විජය කුමාරයා පැමිණි නැව ලංකාවට ගසාගෙන නොආවා නම් ලංකාවට කුමක් වේද යන්න වැනි ප්‍රශ්නයකි. Continue Reading

Ajith Perakum Jayasinghe in cartoon

අනිවාර්යයෙන් සමාජ නායකයෙකු වෙන්න ඕනැ නැහැ. සමාජයේ සාමාජිකයෙකු වෙන්න. ප්‍රීතිමත් සාමාජිකයයෙකු වෙන හැටි ඉගෙන ගන්න. වෙනත් අය නායකයන් වන හැටි බලලා සතුටු වෙන්න පුරුදු වෙන්න. මං පොර නොවී නායකත්වයට ගරු කරන්න. සාධනීය විදියට විවේචනය කරන්න. කඩාකප්පල් කරන්න එපා. ගොඩනගන්න.Continue Reading

tear gas

කෙසේ වෙතත්, ලංකාව මේ මොහොතේ සිටින්නේ දරුණු නායකත්වය අර්බුදයක් මැදයි. රනිල් වික්‍රමසිංහ මෙම අර්බුදය මැද බැබළෙන්නේ ඔහුගේ දැක්ම, තික්ෂණ බුද්ධිය, තීරණ ගැනීමේ එඩිතරභාවය, රාජ්‍ය තාන්ත්‍රික පළපුරුද්ද හා ජාත්‍යන්තර පිළිගැනීම වැනි සාධක නිසාය. සහකම්පනය සම්බන්ධයෙන් ඔහුගේ පක්ෂයේ අය පවා ඔහුට චෝදනා එල්ල කරති. කුමන අඩුපාඩු තිබුණත්, මෙවැනි අර්බුදකාරී සමයක රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අසලින් හෝ යා හැකි නායකයකු නොමැති බව පැහැදිලි සත්‍යයකි. ඔහු යටතේ නායකයන් බිහි වෙමින් තිබේ. එහෙත්, ලංකාවේ පවත්නා අරාජිකවාදී නිසරු පස මත එම අලුත් නායකත්වයන් මුල් අල්ලාගැනීම සඳහා කල් ගත වනු ඇත. Continue Reading

Economic center

ආර්ථික මධ්‍යස්ථානවල නාඩිකාරයන් කියා පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි ගොවියාත්, වෙළෙන්දාත් අතර මැද ඉඳගෙන මිල තීරණය කරන්නෙ. ඔවුන් අධික ලාභයක් ලබනවා. නාඩිකාරයන් නිසා එළවළු හා පලතුරු මිල ඉහළ යන බව වාර්තා වෙනවා.Continue Reading

Saddharathana Thero

ICCPR පනත හා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. සද්ධාරතන හිමි වැනි අය සිදු කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ICCPR පනත අත්‍යවශ්‍ය නොවේ. එහෙත්, වර්තමානයේදී විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල අතිශය සුලබ මෙම වෛරී ප්‍රකාශ වැළැක්වීම සම්බන්ධයෙන් යම් නීති අවශ්‍යය. සාපරාධී අපහාසය ශ්‍රී ලංකාවේ අපරාධ වරදක් වන්නේ නැත. ඒ නිසා වෛරී ප්‍රකාශ කිරීමේ හා අපහාස කිරීමේ වල් බූරු නිදහසක් ලාංකිකයන් භුක්ති විඳිමින් සිටින බව පෙනේ.Continue Reading

Ruwanpura Expressway

ආර්ථික යුක්තිය ඉටු කළ හැකි මූලික පදනමක් දැනටමත් රජය විසින් ගෙනැවිත් තිබෙන දූෂණ මර්දන පනතෙහි තිබෙනවා. එමගින් තත්වය අල්ලස හා දූෂණය පිළිබඳ තත්වය වෙනස් කරන්නට පුළුවන්. අතීතයේ සිදු වූ වැරදි සම්බන්ධයෙන් විමර්ශන කර නීති මගින් කටයුතු කිරීමට කිසිවෙකු විරුද්ධ ඇතැයි මා සිතන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස කියන පරිදි අතීතයට බලපාන නීති හදන්නට හැකියාවක් විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය (UDHR) සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) අනුව නැහැ.Continue Reading

Cartoon on ICCPR Act by Ajith Perakum Jayasinghe

අයිසීපීපීආර් පනත මේ රටට අවශ්‍යය. එහෙත්, එය ඇප නොදී පුද්ගලයන් සිරකර තැබීම වැනි දණ්ඩනයන් සඳහා අනියමින් භාවිතා කිරීමට ඉඩ නොදී සිටීමට පොලිසිය වග බලා ගත යුතුය. පොලිසිය වැරදි අන්දමින් කටයුතු කරන්නේ නම් වහා එය නිවැරදි කිරීමේ හැකියාව මහේස්ත්‍රාත්වරුන්ට තිබේ.Continue Reading