Joseph Stalin

අජිත් පැරකුම් ජයසිංහ 2003 අවුරුද්දෙ මෝදර අලුත් මාවත පාර කිට්ටුව පැත්තෙ වත්තක සොල්දර ගෙදරක උඩ තට්ටුවෙ තමයි හිරු කණ්ඩායමේ ඔෆිස් එක තිබුණෙ. ඒ ගෙදර ඉස්සරහ ගෙදර හිටියෙ චන්ඩියෙක්. අපි ඌට හෙණ බයයි. ඌට අපේ වැඩ ඇල්ලුවෙ නැහැ. ඌ දවසක් බීල ඇවිත් අපේ ගේට්ටුවට එහෙම තඩි බාලා සත්තමක් දැම්මා. අපි හිටියෙContinue Reading

Baddegama Samitha Thero

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු භික්ෂුව බද්දේගම සමිත හිමියෝය. ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කර 2001 මහ මැතිවරණය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ජයගෙන පාර්ලිමේන්තුව නියෝජනය කළ උන් වහන්සේ හේතුවෙන් පාර්ලිමේන්තුවට සුදුසු ඇඳුම් අතරට සිවුර ද එකතු කිරීමට සිදු විය. Continue Reading

Dr. Malka Gunasinghe

මේ සටහන දුටු විගස ඇති වූ ආදරය හේතුවෙන් එය මෙහි නැවත පළ කරමි. මේ අන්දමින් සේවය කරන තවත් සෞඛ්‍ය සේවකයන් රැසක් සිටින බව අපි දනිමු. ඔවුන් සියලුදෙනාට මෙය උපහාරයක් වේවා.Continue Reading

Magilin Nona

ලෝක සංචාරයක යෙදුණු යූරි ගගාරින් 1961 දෙසැම්බර් හත්වෙනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියේය. රත්මලාන ගුවන් තොටුපළේදී මල් මාලයක් පළඳා ගගාරින් පිළිගත්තේ වීරමලගේ මැගිලින් නෝනා හෙවත් වීර මැගිලින්ය. ඡායාරූපයේ සිටින රෙදි හැට්ට ඇඳි මේ නවයව්වනිය කවුරුද?Continue Reading

Sujeewani of Pitadeniya

සුජීවනී හෙවත් සුජී අපට හමුවුණේ දෙනියායෙ මෙදේරිපිටියේදී. ඇය දෙනියායේ පිටදෙනියෙන් සිංහරාජ වනාන්තරයට ඇතුළු වන පිවිසුම ආසන්නයේ ජීවත්වන තිස්විය ඉක්මවූ කාන්තාවක්. ඇය පිළිබඳ සටහනක් තබන්නට හේතු වුණේ ඇය කරන සුවිශේෂ රැකියාව නිසායි. ඇය සිංහරාජය බලන්නට යන සංචාරකයන්ට මගපෙන්වන්නියක්. විස්සකට වැඩි පිටදෙනියේ සංචාරක මාර්ගෝපදේශකවරුන් අතර සිටින කාන්තාවන් දෙදෙනෙකු අතරින් සුජී කැපීපෙනෙනවා.Continue Reading

Roshan Abesundara

ගිනස් වාර්තාවක් වෙනුවෙන් පිහිනුම් ශූර රොෂාන් අබේසුන්දර අප්‍රේල් 10දා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ දනුස්කොඩි දක්වා පිහිනීම ආරම්භ කළා. කිලෝමීටර් 59.3ක් ගෙවමින් දනුස්කොඩි දක්වා පිහිනා ආපසු පැමිණීම රොෂාන්ගේ බලාපොරොත්තුවයි. පැය 35ක පමණ කාලයක් ඒ වෙනුවෙන් ගතකිරීමට අපේක්ෂා කරනවා. Continue Reading

Indira Jayasuriya

අජිත් පැරකුම් ජයසිංහ සංජීවනී ඉන්දිරා ජයසූරිය යනු හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ දියණියයි. අප මේ සටහන තබන්නේ ඇගේ කතාව මාතෘත්වය හා ජීවිතයේ තෝරාගැනීම් පිළිබඳ පුරාවෘත්තයක් නිසායි. (මෙම ලිපියත් කියවන්න: දැන් කැන්සර් හරියට උණ හෙම්බිරිස්සාව වගේ) බ්‍රිතාන්‍යයේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හා ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හි උපාධිධාරිනියක වන ඉන්දිරා 2016 නොවැම්බරයේදී මිය ගියේ 40වන වියේදීයි.Continue Reading

Kalu Ranjith Sudu Miniseki

රංජිත් දිසානායක විප්ලවවාදියෙකි. ඔහු බොහෝ විට පෙනී සිටියේ සමාජය වෙනස් කිරීමේ අරගලයේ ක්‍රියාධරයන්ගේ සුබසාධනය වෙනුවෙනි. එවැනි කටයුතුවලදී ඔහු තම අත ඇති හා තමන්ට සොයාගත හැකි මුදල් වියදම් කළේ ජනවහරේ එන හැටියට නම් ‘සුද්දා වගේය.’

ඒ උපමාව හැදුණේ ගැමියා සුදු ජාතිකයා දුටු ආකාරයෙනි.

එහෙත්, රංජිත් දිසානායක යනු දේශපාලන චරිතයකි.

‘කළු රංජිත් සුදු මිනිසෙකි’ යයි කියන මාතෘකාවම සාකච්ඡා තේමාවකි.Continue Reading

Prof. Rohan Samarajiva

අවශ්‍ය සම්පත් ලබාදීමෙන් තොරව රාජ්‍යය විසින් සේවයේ යොදවනු ලබන පුද්ගලයන් සංඛ්‍යාව තේරුමක් නැතිව වැඩිවීම මගින් පරිපාලනය තවත් දුෂ්කර වී තිබේ. රාජ්‍ය නිලධාරීන්ට දායකත්වයකින් තොරව ජීවිත කාලයම වෙනුවෙන් ලබාදෙන විශ්‍රාම වැටුප, විධිමත් අංශයේ සෙසු අයට ලබාදෙන දායකත්ව සේවා නියුක්ති අරමුදල් හා ස්වයං රැකියාවල නියුතු අයට හා අවිධිමත් අංශයේ අයට කිසිවක් ලබා නොදීම මගින් ශ්‍රම බලකායට ඇති කරනු ලබන විකෘති බලපෑම ඉවත් කිරීම විශේෂඥයන්ට රජයේ සේවයට ඇතුළු වීමට හා රජයේ සේවයේ සිටින අය ඉන් ඉවත් වී වෙනත් අංශවලට යාම සඳහා අත්‍යවශ්‍ය බව පෙනේ.Continue Reading

SSP Darshika Ranasinghearachchi-1

පොලිස් සේවයේ සිටින 85,000ක් නිලධාරීන් අතර කාන්තාවන් සිටින්නේ 9,000ක් පමණයි. පොලිස් සේවයට වැඩි වැඩියෙන් කාන්තාවන් අවශ්‍යව තිබෙනවා. පොලිස් සේවයට එක්වන්නට කැමති අනාගත පරම්පරාවල කාන්තාවන්ට ඇය දෙන පණිවුඩය මෙහෙමයි. “දෙපාරක් නොහිතා මං කියන්නෙ එන්න කියලායි.”Continue Reading