Viranjana Herath

ඒ අනුව පිහිටුවන ලද 1973 අංක 5 දරණ පුවත්පත් මණ්ඩල පනතට අනුව පිහිටුවන ලද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට පැමිණිලි විභාගයට අමතරව, පුහුණුව, පර්යේෂණ, ආචාරධර්ම සැකසීම ආදිය කළ හැකියි. එහෙත්, එහි ගැටලු තිබෙනවා. පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් කවුරුද යන්න එහිදී ප්‍රශ්නයක්. එහි සාමාජිකයන් හත්දෙනා අතරට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිලබලයෙන් පත්වෙනවා. සෙසු හයදෙනා පත්කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඒ අතර එක් අයෙකු ජනමාධ්‍ය සංවිධානවල නියෝජිතයෙක්, මාධ්‍ය සේවකයන්ගේ වෘත්තීය සමිති නියෝජනය කරන අයෙක් එහෙම ඉන්නවා. එම සංගම්වලට නම් තුනක් යෝජනා කරන්නට පුළුවන්. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි එක් අයෙකු නම් කරනවා. ඒ අනුව, මේ සියලු දෙනාම ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි තෝරාගත් නියෝජිතයන්. මෙය තනිකරම ආණ්ඩුවේ මණ්ඩලයක්. මෙම පිරිස අතරින් එක් අයෙකු සභාපති ලෙස පත්කරන්නේත් ජනාධිපතිමයි.Continue Reading

Imithiaz Bakir Markar

ආණ්ඩුව විසින් ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් 200කගේ ලැයිස්තුවක් සකසා පොලිසියට භාර දී තිබෙන බව පසුගිය දිනෙක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බකීර් මාකර් පාර්ලිමේන්තුවේදී පැවසීය. Continue Reading

media cameras

මාධ්‍ය කැමරාව බලවත් මෙවලමකි. එහෙත්, එය භාවිතා කළ යුත්තේ තමන් ප්‍රදර්ශනය කරගැනීමේ හා පෞද්ගලික උන්නතිකාමයේ මෙවලමක ලෙස නොව. මහජන සේවා වෙනුවෙන් බුද්ධිමත් ලෙස මාධ්‍ය කැමරාව භාවිතා කරන අයට පෞද්ගලික උන්නතියද ඒ ඔස්සේ දිනාගත හැකිය. එහෙත්, අපේ බොහෝ අය වරද්දා ගන්නේ මාධ්‍ය කැමරාව මහජන සේවාවට වඩා පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් යොදාගන්නට යාමෙනි. Continue Reading

Sri Lanka Press Institute article

මාධ්‍ය තුළින් ම පැනනැගී තිබෙන අලුත් තත්වයන් හේතුවෙන් ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ නව ගැටලු රැසක් නිර්මාණය කර තිබේ. ඔබ අතැති සැරයටිය හතර අත වනමින් යාමට ඔබට තිබෙන නිදහස අනෙකාගේ නහය අසලින් සීමා වේ යයි ප්‍රසිද්ධ කියමනක් තිබේ. එය ප්‍රකාශනයේ නිදහසටත් අදාළය. ප්‍රකාශනයේ නිදහස අවභාවිතා කිරීම් පැනනගින්නේ මාධ්‍ය තුළින්මය. එවැනි අවභාවිතාවන්ට එරෙහිව රාජ්‍යය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රකාශනයේ නිදහසට ම ආපිට බලපායි. මෙම විෂම චක්‍රය තුළ මාධ්‍ය මැනවින් කළමනාකරණය කරගැනීම සඳහා මාධ්‍යකරුවන්ගේ මෙන්ම පාඨකයන්ගේද සාමූහික වගකීම් අවශ්‍යය. සරලව කීවොත්, මාධ්‍යකරුවන් සිතාමතා කරන මාධ්‍ය අවභාවිතාවන් නැවැත්විය යුතුය. පාඨකයන් එවැනි තත්වයන් ක්ෂණිකව හඳුනාගැනීමට තරම් සබුද්ධික විය යුතු අතර මාධ්‍ය අවභාවිතාවන් වහා ප්‍රතික්ෂේප කළ යුතුය.Continue Reading

Dr. Paba Palihawadana

කොරෝනා පළමු රැල්ල සමයේ සිටි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ දක්ෂ පරිපාලන නිලධාරියකු බව එකල පෙනුනේ නැත. එහෙත්, ඔහු ඉතා දක්ෂ සෞඛ්‍ය සන්නිවේදකයෙකි. නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පබා පලිහවඩන ද දක්ෂ සෞඛ්‍ය සන්නිවේදකවරියකි. ජනතාව අතර කොවිඩ්-19 සම්බන්ධ අවධානය පුළුල් වීමට ඔවුන්ගේ භූමිකාව මහෝපකාරී විය. ඔවුන් නොමැති වීම ගැටලුකාරී තත්වයක් වී තිබේ. වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර ඇති අතර වෛද්‍ය පබා පලිහවඩන විශ්‍රාම ගොස් තිබේ.Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

මේ අතර පටලවා නොගත යුතු කාරණයක් තමයි උපහාස රසය ජනනය කරන නිර්මාණ ඉහත සඳහන් කරන ලද වර්ග තුනට අයිති වෙන්නේ නැහැ. උපහාසයේදී පාඨකයා රැවටීමේ උවමනාවක් නැහැ. එහිදී, ප්‍රවෘත්තිමය සිදුවීමක් විනෝදය හෝ සිනහව පිණිස උපයෝගී කරගන්නවා. එය එක්තරා විදියක නිර්මාණශීලී, සියුම් කාර්යයක්. Continue Reading

Dharisha Bastians

පසුගිය රජය සමයේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘ ධුරය හෙබවූ ධරීෂා බැස්ටියන්ස්ට එරෙහිව ශ්‍රී ලංකා රජය එල්ල කර ඇතැයි කියන මර්දනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිල වාර්තාකරුවන් හෙවත් රැපෝටර්වරුන් පස්දෙනෙකුම ශ්‍රී ලංකා රජයට සිය කණස්සල්ල පළ කර තිබේ. එම නිල වාර්තාකරුවන් වන්නේ පහත දැක්වෙන අයයි: David Kaye – Special Rapporteur on theContinue Reading

ජුලි 22 දින ප.ව. 11.45 වන විට එම දිනය ඇතුළත කොවිඩ්-19 රෝගීන් 22ක් ශ්‍රී ලංකාවේ අලුතින් හඳුනාගෙන තිබෙන බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබිණි. මෙ වාර්තාව මෙතැනින්. මෙම වාර්තාවේ සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කරගැනීම සඳහා මම නිල මූලාශ්‍ර සොයා ගියෙමි. පහත දැක්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කොවිඩ්-19 ඩෑෂ්බෝඩ් එකේ 2020-07-23Continue Reading

Corona and media - cartoon by Ajith Perakum Jayasinghe

නව කොරෝනා වයිරසයටත් වඩා වේගයෙන් පැතිරී යන වයිරසයක් තමයි ව්‍යාජ පුවත්, වැරදි තොරතුරු සහ දුස් තොරතුරු. දුස් තොරතුරු කීවේ සමාජය නොමග යැවීම සඳහා සිතාමතා පළ කරනු ලබන පුවත්වලටයි. කොවිඩ්-19 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ බොහෝ අය මෙම වසංගතයෙන් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කිරීමයි. මානව සමාජ පරිණාමයේදී වසංගතContinue Reading