predators of press freedom

දේශසීමා නොමැති වාර්තාකරුවෝ සංවිධානය විසින් පස් වසරකට වරක් පළකරනු ලබන මාධ්‍ය නිදහස සම්බන්ධ විලෝපිත රාජ්‍ය නායකයන්ගේ (predators of press freedom) ඡායාරූපයේ සිටින, මාධ්‍ය නිදහසට වැඩිම තර්ජන එල්ල කරන ලොව රාජ්‍ය නායකයන් 37 අතරට එක්වීමට මේ වන විට රට බංකොලොත්භාවයේ මුවවිටට ඇද දමා සිටින වැඩකරන අපේ විරුවා නම් විරුදාවලි ලත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් වී තිබේ. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ 2005 සිටම මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් විලෝපිතයකු ලෙස හැඳින්වේ.Continue Reading

Hudson Samarasinghe

1990 දශකයේ රුවන්ඩාවේ සිටි තරම් අශික්ෂිත ජනතාවක් ශ්‍රී ලංකාවේ සිටිනවාද යන්න සැක සහිතය. එහෙත්, ඒ මට්ටමේ අසික්කිත පාලකයන් මෙන්ම ජනමාධ්‍ය කළමනාකරුවන් ද ලංකාවේ සිටින බව නම් සත්‍යයකි. Continue Reading

Suppression of media

රජය ගැන පවතින අවිශ්වාසය හේතුවෙන් විශේෂයෙන්ම කටකතා වේගයෙන් පැතිර යන අතර ඒවා පතුරුවා හැරීමේ ප්‍රධාන මාධ්‍යය බවට පත්වී තිබෙන්නේ සමාජ මාධ්‍යයි. මාධ්‍යකරණය, නීති රීති හා ආචාරධර්ම පිළිබඳ අවබෝධයක් නොමැති ඇතැම් වගකීම් විරහිත පුද්ගලයන් විසින් ව්‍යාජ පුවත්, දුස්තොරතුරු හා ද්වේෂ සහගතව නිර්මාණය කරන තොරතුරු ද වෛරී ප්‍රකාශ ද වර්තමානයේ මාධ්‍ය සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්නයක් බව ඇත්තය. එහෙත්, ඒවාට මුවාවෙමින් රජය විසින් ගනු ලබන පියවර සීමාව ඉක්මවා යන බවක් ද පෙනේ. Continue Reading

covid 19 and communication

ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය කොරෝනා එන්නත මෙරට ජනගහනයෙන් 70% කටවත් ලබාදෙන තෙක් වසංගතයේ ව්‍යාප්තිය පාලනය කළ හැක්කේ මහජන හැසිරීම වෛද්‍ය මාර්ගෝපදේශ අනුව හැඩ ගසා ගැනීමෙන් විතරක් බව දැන් පැහැදිලි වී තිබෙනවා. එන්නත ජනගහනයෙන් 70% ට ලබාදීමට  කොතරම් කාලයක් ගත වේද යන්න පැහැදිලි නැහැ.  ඒ අනුව කොරෝනාContinue Reading

“ප්‍රවෘත්ති” “තොරතුරු” මහජන අවකාශයට (Public Sphere) අයිති දෙයක්. මෙතැනදි ප්‍රවෘත්ති කියන්නේ මහජනයා සතු පොදු දේපලක් (Public Good) වශයෙන් සැලකීම වැදගත්. ඒ නිසා ප්‍රවෘත්ති උපරිම මහජන යහපතට හේතු වන ආකාරයට නිෂ්පාදනය වීම ඉතාම වැදගත්. ප්‍රවෘත්ති මාධ්‍ය නිදහස තහවුරු කිරීම සහ ප්‍රවෘත්ති වෘත්තීය මාර්ගෝපදේශ (Code of Practice) භාවිතයට ගැනීම සහතික කිරීම, ප්‍රවෘත්ති මහජන පොදු දේපලක් ලෙස සැලකීමේ අනිවාර්ය සංඝටක.Continue Reading

Bhagya Aberathne

මාධ්‍යවේදියෙකු වන උමේෂ් කුමාර් ශර්මා විසින් සමාජ මාධ්‍යයන්හි පළ කරන ලද විඩීයෝවක් මඟින් දුෂණ ක්‍රියාවල නිරත බවට අමාත්‍යවරයෙකු වෙත චෝදනා කර තිබිණි. අධිකරණය ශර්මා විසින් ඉදිරිපත් කර තිබු ඇතැම් චෝදනා සාවද්‍ය බව පිළි ගත් නමුත් රජයේ නිතීඥවරයා විසින් ‘ ශර්මා ගේ ප්‍රකාශය විසින් ආණ්ඩුවට විරුද්ධව කැළැඹීම් ඇති කිරීමට තැත් දරන ලදැයි’ යන තර්කය ප්‍රතික්ෂේප කළේය. යම්කිසි ප්‍රකාශයක් දැඩි විය හැකියි. නමුත් එය භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතිවාසිකමකි’ යැයි විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා තිබිණි. Continue Reading

කිසියම් හේතුවක් නිසා අප ඉපදුණු, අප විසින්ම පත්කරගෙන තිබෙන දේශපාලකයන් හා නිලධාරීන් නිසා අපායක් වී තිබෙන ශ්‍රී ලංකාවේ ජීවත් වීමට කිසිවකු ඇකැමැති නම්, සංක්‍රමණය සඳහා තෝරාගත යුත්තේ ලංකාවේ ජීවත් වන්නට තීරණය කර තිබෙන පිරිස්වලට තර්ජනයක් නොවන ක්‍රමයකි. මොකක් හෝ වෙබ් අඩවියක් අටවාගෙන එහි ඕපාදූප ඇදබා කාගෙන් හෝ තර්ජනයක් ලබාගෙන හෝ එහෙම නැතිනම්, තර්ජනයක් කෘත්‍රිමව නිර්මාණය කරගෙන දේශපාලන රැකවරණ ඉල්ලා විදේශගතවීමේ කුමන්ත්‍රණ කිසිවකු විසින් නොකළ යුතුව තිබේ.Continue Reading

Bhagya Aberathne

මෙවැනි සුළු සිදුවීම් ඉවසන්නට ආණ්ඩුවට හා එයට සම්බන්ධ අයට බැරිවීම හා සාමාන්‍ය ගැමි තරුණියකට එරෙහිව මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩත්වය මුදාහැරීම සහ පොලිසිය මැදිහත්කර බියපත් කිරීම සරල සිදුවීමක් නොවේ. අසාර්ථක පාලකයන්ට විරුද්ධ මත ඉවසාගැනීමට නොහැකිව සිදුකරන ලද ජන ඝාතන, අතුරුදහන් කිරීම් හා වධහිංසනයන් පිළිබඳ උදාහරණ ශ්‍රී ලංකාවේ එමටය. ලංකාව වැනි රටවල බලයට පත්වන ජනප්‍රිය, එහෙත්, බුද්ධියෙන් අඩු පාලකයන් පහසුවෙන් මර්දනයට හා රාජ්‍ය ත්‍රස්තවාදයට යොමුවිය හැකිය. Continue Reading

Viranjana Herath

ඒ අනුව පිහිටුවන ලද 1973 අංක 5 දරණ පුවත්පත් මණ්ඩල පනතට අනුව පිහිටුවන ලද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට පැමිණිලි විභාගයට අමතරව, පුහුණුව, පර්යේෂණ, ආචාරධර්ම සැකසීම ආදිය කළ හැකියි. එහෙත්, එහි ගැටලු තිබෙනවා. පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් කවුරුද යන්න එහිදී ප්‍රශ්නයක්. එහි සාමාජිකයන් හත්දෙනා අතරට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිලබලයෙන් පත්වෙනවා. සෙසු හයදෙනා පත්කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඒ අතර එක් අයෙකු ජනමාධ්‍ය සංවිධානවල නියෝජිතයෙක්, මාධ්‍ය සේවකයන්ගේ වෘත්තීය සමිති නියෝජනය කරන අයෙක් එහෙම ඉන්නවා. එම සංගම්වලට නම් තුනක් යෝජනා කරන්නට පුළුවන්. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි එක් අයෙකු නම් කරනවා. ඒ අනුව, මේ සියලු දෙනාම ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි තෝරාගත් නියෝජිතයන්. මෙය තනිකරම ආණ්ඩුවේ මණ්ඩලයක්. මෙම පිරිස අතරින් එක් අයෙකු සභාපති ලෙස පත්කරන්නේත් ජනාධිපතිමයි.Continue Reading

Imithiaz Bakir Markar

ආණ්ඩුව විසින් ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් 200කගේ ලැයිස්තුවක් සකසා පොලිසියට භාර දී තිබෙන බව පසුගිය දිනෙක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බකීර් මාකර් පාර්ලිමේන්තුවේදී පැවසීය. Continue Reading