Hiroshima Park public toilet

කොකුපණු රෝගය හැත්තෑවේ දශකයේදීත් ලංකාවේ බරපතල ප්‍රශ්නයක් විය. කොකුපණු රෝගය බෝවුණේ තැන තැන මළපහ කිරීමෙන් හා වෙනත් වැරදි සනීපාරක්ෂක පුරුදුවලිනි. ලංකාවේ සමාජය තිස්බඹේ ගල් උඩ රෙන සංස්කෘතියේ සිට ගෙට දුරින් පිහිටි වල කක්කුස්සිය, ජල මුද්‍රිත වැසිකිළිය හරහා ගෙට ඈඳන ලද තෙත බාත්රූම් සංස්කෘතියට සංවර්ධනය විය. එහි ද මූලධාර්මික ගැටලු ඇති බව අපි දැන් හඳුනාගනිමින් සිටිමු. දැන් ලාංකීය සමාජය වියළි වැසිකිළි සංස්කෘතියට මාරුවෙමින් තිබේ. වඩා හොඳ සනීපාරක්ෂක පුරුදු සමාජය තුළ ස්ථාපිත වීම සැබෑ සමාජ පෙරළියක පදනමකි.Continue Reading

මුල් ඡායාරූපය 2009 ඔක්තෝබර් මාසයේදී බම්බලපිටිය දුම්රියපොළ අසල සිදුවූ සිද්ධියකි. ඡායාරූපයේ මුහුද පැත්තේ ඉන්නේ මානසික රෝගියෙකි. ඔහු දුම්රියවලට ගල් ගැසූ බව කියවේ. පොලිසිය ඔහු අල්ලාගැනීමට පැමිණිවිට ඔහු මුහුදට පැන්නේය. පොලිසිය පහරදී මෙම මානසික රෝගියා ගිල්වා මරණයට පත්කළේය.Continue Reading

නැහැ. මෙය තනිකර බොරුවකි. ඇමතුම් 200ක් ආ බව ඇත්ත වුවද, ඒ ඇමතුම් පැමිණ ඇත්තේ තම බිරිඳ ගැන දැනගැනීමට නොවේ. එවැනි බොරුවක් නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඇතැම්විට එය මෙම පුවත්පතේ සංස්කාරක පිරිමින්ගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් විය හැකිය. එය ප්‍රශ්න නොකර පිළිගන්නා අයද ඒ හා සමාන ප්‍රශ්න තිබෙන අය විය හැකිය.Continue Reading

Nalin de Silva

ජාතික චින්තන තර්කනය අනුව, ලයිලා ෆාලිඩා නම් මෙම මුස්ලිම් කට්ටඩි ගැහැනිය ද මහාචාර්ය නලින් ද සිල්වා වැනි අයෙකි. ඔවුන් අතර වෙනසක් නැත. චන්න ජයසුමන වැනි නලින්වාදීන් දේව මණ්ඩල අමතන ආකාරයත්, ලයිලා යක්ෂයන් පලවාහරින ආකාරයත් අතර මූලික වෙනසක් නැත. ඇය විසින් කරන ලද ඝාතනය ද ඒ අනුව රෝහලකදී ප්‍රතිකාර ගනිමින් සිටි අයෙකු මියයාම වැනි සාමාන්‍ය දෙයකි. Continue Reading

United Nations - Nations United

කොරෝනා වසංගතයත් එක්ක ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වැදගත් භූමිකාවක් ඉටුකළා. සෞඛ්‍ය ප්‍රශ්නවලදී ලෝක සෞඛ්‍ය සංවිධානය වැදගත් වෙන විදියටම තමයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයත් වැදගත් වෙන්නෙ. Continue Reading

DIG Bimshani Jasinarachchi

Mrs. Bimshani Jasing Arachchi was promoted as Sri Lanka’s first woman Deputy Inspector General (DIG) in October 2020, creating history in Sri Lanka’s 154 years old police service. The march of DIG Bimshani Jasing Arachchi in her career in police service is an example to Sri Lanka’s women. She is presently the DIG in charge of police administrative grievances division and called as police ombudsman. Continue Reading

DIG Bimshani Jasinarachchi

වසර 154 ක පොලිස් ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් 2020 වසරේ ඔක්තෝබරයේ දී බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පති ධූරයෙන් පිදුම් ලැබුවා. පොලිස් පරිපාලන දුක් ගැනවිලි විසඳුම් අධිකාරි දිශාව භාරව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි මහත්මිය ආ ගමන අභියෝගයන්ගෙන් පිරි කාන්තා පරපුරට ආදර්ශවත් ගමනක්. Continue Reading

International Day of the Girl Child

මාත් ගුරුවරයකු ලෙස දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා තිබෙන බව කියන්නෙ දැඩි පසුතැවිල්ලකින්. ඒ වුණත්, ගුරුවරයකු ලෙස මං ළමයින්ට දඬුවම් කළාට වඩා ඔවුන් සමග ජීවත් වෙලා, සතුටු වෙලා, ආදරය කරලා, ගෞරව කරලා තියෙනවා. මට ඒ නිසා ගුරු ජීවිතය ගැන තියෙන්නෙ සතුටක්. මගේ සිසුන් මගෙන් ඉගෙනගත්තාට වඩා දේවල් මං ඔවුන්ගෙන් ඉගෙනගත්තා. ඒ නිසා මට දැන් ගුරු ජීවිතය සොඳුරු මතකයක් විතරයි. මට ඒකෙ ඇරියස් නැහැ. මං අකැමැතිම දෙය තමයි ඉස්සර මගෙන් ඉගෙනගත්ත ළමයි මට වඳින එක. වාසනාවට වැඩිදෙනෙකුට මාව මතක නැහැ. ළමයින්ට මතක හිටින ගුරුවරයකු වෙන්න විශේෂයෙන් උත්සාහ කරන්න ඕනැ නැහැ. ඔබ ඔබ වෙන්න. ඉතිහාසය නිර්මාණය කරන්නේ ඉතිහාසය විසින්.Continue Reading

Pavithra drinking COVID syrup

මේ මිථ්‍යාවන් හරහා අවදානම වැඩිවෙන්නෙ දිළින්දන්ටම තමයි. ෂෝ එකට ධම්මික පැණිය බීපු පවිත්‍රාට, පියල් නිශාන්තට හා ඒවා ප්‍රවර්ධනය කරපු දයාසිරි ජයසේකරට හා වාසුදේවට කොවිඩ් හැදුණාය කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ඔවුන්ට උපරිම සෞඛ්‍ය සත්කාර ලබාගැනීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍ය කොවිඩ් රෝගීන්ට නොමැති විශේෂ සත්කාර ඔවුන්ට ලැබෙනවා. ඒ වුණාට ඔවුන් විසින් ප්‍රවර්ධනය කරන මිථ්‍යාවට අහු වී පෝලිම්වල ගොස් අවදානම් සහගත ලෙස පැණි අරන් ආ, ඒ ගැන විශ්වාසය තැබූ දිළිඳු ජනයාට පවිත්‍රලාට ලැබෙන අන්දමින් සෞඛ්‍ය සත්කාර ලැබෙන්නෙ නැහැ. ඔවුන් අතරින් කොටසක් මැරෙනවා. මෙතන තියෙන අසාධාරණේ ඒකයි. Continue Reading