යුක්තිය ඉටු කිරීම ද? ගැලරිය පිනවීම ද?
2021-2022 ආර්ථික අර්බුදය හේතුවෙන් සිදු වූ හානියට දේශපාලනඥයන් (රාජපක්ෂ සහෝදරයන් තිදෙනා) සහ මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් දෙදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ අවස්ථාවේදී බොහෝ පිරිසක් අප්‍රසාදයට පත් වූහ. වරදකරුවන් වූ පුද්ගලයන් සිරගත කිරීම, දඩ නියම කිරීම සහ වෙනත් ආකාරවලින් දඬුවම් කිරීම ඔවුහු අපේක්ෂා කළහ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International) ආයතනය විසින් ගොනු කරන ලද නඩුවකට අනුව, රුපියල් මිලියන 75ක මුදලක් ගෙවන ලෙස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට මෑතකදී නියෝග කරන ලදි. එසේම, නිලධාරින් සිවුදෙනකුට රුපියල් මිලියන 50 බැගින් ගෙවන ලෙස ද නියෝග කරන ලදි. එ් සමගම කලින් සඳහන් කරන ලද අප්‍රසාදය මේ වන විට පහව ගොස් ඇති බව පෙනේ. එහෙත්, නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය පිළිබඳව සැලකිලිමත් වන සියලුදෙනා විසින් අවබෝධ කරගත යුතු සහ ඊට අදාළව ක්‍රියාමාර්ග ගත යුතු කනගාටුදායක ප්‍රතිවිපාක රැසක් මෙහි පවතී.Continue Reading




















