ආපදා ධනවාදය හා වේගවත් සංවර්ධනයක සිහිනය
මහා ආපදාවක් යනු වේගවත් සංවර්ධනයකට ලැබෙන අවස්ථාවක් නොවේ. එසේ සිතන්නේ ආපදාවෙන් විපතට පත්වූ ජනයා ගැන සංවේදීකමක් නැති අයයි. මිනිසුන්ගේ ජීවිත උඩු යටිකුරු කර තමන්ගේ සිහින රාජ්‍යය නිර්මාණය කරගත හැකි යයි ඔවුහු සිතති. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඒවා සාර්ථක වන්නේ නැත. විපතට පත්ව සිටින තමන්ට සිදු වන දේ ගැන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී වීමට ජනතාවට අවස්ථාව ලබාදීමට සිදු වේ. ජනතාව කෙතරම් මුග්ධ වුවත්, මෙය ප්‍රජාතන්ත්‍රවාදී උරුමයක් සහිත රටකි. අපේ සාමූහික ඉරණම තීරණය කළ හැකි රජවරුන් හෝ පෙරටුගාමී දේශපාලන පක්ෂ හෝ මේ පොළවේ පැළ වේ යයි මම නොසිතමි. සිතන අයට ඕනැ එකක් සිතාගත හැකිය.Continue Reading



















