IMF ඉන්ජෙක්ෂන් එක හරියටම ගහන තැන
අජිත් පැරකුම් ජයසිංහ, 2022-08-14 අනිද්දා සමබිම අතිරේකයෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා සහන ණයක් ලබාදීමේදී ශ්‍රී ලංකාවට මුහුණදෙන්නට සිදුවන කොන්දේසි පිළිබඳ විවිධ අදහස් පළවනු දැකිය හැකිය. එහිදී නියත වශයෙන්ම සිදුවන්නේ රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට නියම කිරීම බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපතිContinue Reading
අපි කන හැටි ලිපා දනී
ළමයින්ට හෙට ඉඳන් ඉස්කෝලෙ. බයිසිකලේ හැන්ඩල් එකේ කිරිපිටි කිලෝ එකයි බිත්තර දහයයි ෂොපිං බෑග් දෙකක දාලා එල්ලගෙන ආවා. හරිනම් සේප්පුවක දාන්න වටින්නෙ. රුපියල් තුන්දාස් පන්සීයයි. බිත්තරකාරයාගෙන් වැඩිපුර පිදුරු ටිකක් ඉල්ලගත්තා, ෂොකැබ්සෝබර් කරන්න. ඇයි යකෝ බිත්තරයක් බිඳුනොත් පනස් අටක්.Continue Reading
වලෙන් ගොඩ එන හැටි
2019දී කළ බදු කප්පාදුව නිසා රජයේ ආදායමෙන් 50%ක් අහිමි විය. ට්‍රිලියනයක්ව පැවැති රජයේ බදු ආදායම බිලියන 500 දක්වා අඩු විය. 2019දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10ක් වූ අතර ආනයන වියදම ඩොලර් බිලියන 22කි. ආනයන හා අපනයන අතර ශේෂය ඩොලර් බිලියන 12කි. අප එය පියෙව්වේ මෙසේය: අවුරුද්දකට සංචාරක ව්‍යාපාරයෙන්Continue Reading
IMF රෝස මල් ඇතිරූ මාවතක් නොවේ
ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට දිගු කලක් තිස්සේ විද්වතුන් උපදෙස් දෙමින් සිටියත්, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ හිටපු ප්‍රධානීන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් වැනි අය සිටියේ එය අවශ්‍ය නැතිය යන ස්ථාවරයේය. කෙසේ වෙතත්, අවසානයේදී පසුගිය අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටියාය.Continue Reading
රනිල් වැඩ – මූල්‍ය අරමුදල සමග සාකච්ඡා යළි පීල්ලට – දේශපාලනය යළි ගමට – සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපතිගෙන් ආරාධනා
රටේ අස්ථාවරත්වය නිසා ඇණහිට තිබුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ යළි ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරභාවය පිළිබඳ වාර්තාව ජා.මු.අ. වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.Continue Reading
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ අනාගතයට වැදගත් වන හැටි
මෙම සංදර්භය තුළ, සාකච්ඡා පැවැත්වුණේ, මහේක්ෂ ආර්ථික අසමතුලිතතා නිවැරදි කිරීම, රාජ්‍ය සම්බන්ධ තිරසරභාවය යළි නිර්මාණය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා තිබෙන අවස්ථා යථාවත් කිරීම සඳහා වන පරිපූර්ණ ආර්ථික වැඩසටහනක් කෙරෙහි අවධානය යොමුකරමිනි.Continue Reading
රජයේ සේවක වැටුප් වැඩිකිරීම
– අජිත් පැරකුම් ජයසිංහ රජයේ සේවක වැටුප් වැඩිකිරීම රජය අච්චුගසන මුදල් සමාජයේ බෙදාහරින මාධ්‍යයයි. ඔවුන් අතට මුදල් ගිය විට, බැංකුවලට, ලීසිං සමාගම්වලට, දේපළ වෙළඳ සමාගම්වලට, සුපර් මාකට්වලට, හෝටල්වලට, බේකරිවලට, බාර්වලට, ටියුෂන් කඩවලට, චැනල් සෙන්ටර්වලට, බස්වලට, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට, බාස් උන්නැහේලාට, කුලී කම්කරුවන්ට ආදී කාට කාටත් අතමිට මෙළවේ. රජයේ සේවකයන් ලිබ්බොක්කේ සල්ලිContinue Reading
බූලි ආර්ථිකය
ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතුය. එහෙත්, එහිදී මෙහෙයුම් වියදම් ගණනය කළ යුත්තේ තෙල් සංස්ථාවේ නාස්තියට ගැලපෙන අන්දමින් නොව, ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුවය. තෙල් සංස්ථාවේ පාඩු මහජනයා පිට නොපැටවිය යුතුය.Continue Reading
මිල සූත්තර
ආණ්ඩුවට සූත්තර පාරන්නට මතක් වී තිබෙන්නේ පාත්තරේ ඉරක් ද ගිය පසුවය. දැන් ඉතින් වෙන කරන්නට දේ ද නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාමට පෙර මේ ප්‍රතිසංස්කරණ කිරීමට සිදුවනු ඇත.Continue Reading




















