සමස්ත මහා වැඩ වර්ජනය අතරතුර, රාජ්‍ය පරිපාලන නිලධාරීන් නිහඬ විරෝධයක යෙදෙනවා දැක්කා. මතක තියාගන්න රට අද වැටී තියෙන තත්වයට දේශපාලකයන් තරමට හෝ ඊටත් වඩා වගකිවයුතු පිරිසක් තමයි පරිපාලන නිලධාරීන්. දේශපාලකයන් මහජන මුදලින් ගත්තෙ තීරු බදු රහිත වාහන. ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීන් ඊට අමතරව හොඳ වාහනයක් රජයේ මුදලින් අරන් ඒක විශ්‍රාම යනකොට ගෙදරත් අරන් යනවා.Continue Reading

fuel price formula - mangala samaraweera

ආණ්ඩුවට සූත්තර පාරන්නට මතක් වී තිබෙන්නේ පාත්තරේ ඉරක් ද ගිය පසුවය. දැන් ඉතින් වෙන කරන්නට දේ ද නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාමට පෙර මේ ප්‍රතිසංස්කරණ කිරීමට සිදුවනු ඇත.Continue Reading

Jana Aragala Vyaparaya

මහින්ද රාජපක්ෂගේ මරුකියවන කයිවාරු කුමක් වුවත්, ලබන සතිය වන විට අන්තර්වාර පාලනයක් පත්වනු ඇත. පාර්ලිමේන්තු ප්‍රභූවරුන්ගෙන් සමන්විත අන්තර්වාර පාලනයට උපකාර කළ යුතු මුත් පොහොට්ටු ඩලස්ලා, සජිත්ලා, රනිල්ලා, මෛත්‍රීලා, විමල්ලා, අනුරලා කිසිවෙකු ඔය වතුර හැළිය කැඳ කරන්නට හාල් දමනු ඇතැයි සිතිය නොහැකි තරම් කට්ටිවාදී, වංක ඉතිහාසයක් ඔවුන්ට තිබේ. වැදගත් වන්නේ නායකත්වයයි. රනිල් උද්දච්ඡ වැඩිය. ඩලස් කපටි වැඩිය. ෆොන්සේකාගේ කට හොඳ නැත. හරිනි ජේවීපී වැඩිය. චම්පික මං පොරය.Continue Reading

saumya liyanage - NPP

සෞම්‍ය ජැක්සන්ට බැන්නට ජැක්සන් වුණත් මේ වගේ දේ තමයි කිව්වෙ. වෙනස රාජපක්ෂලා ගැන අපි හොඳට දන්නවා. ජාජබ ගැන දන්නෙ නැහැ කියමුකො. එහෙමත් ඉතින් කියන්න පුළුවන්ද මන්දා. මොකද, ජවිපෙ ගැනත් සමාජයට සංජානනයක් තියෙනවනෙ.Continue Reading

Ceylon Petroleum Corporation

ආණ්ඩුව ‘අලුත්’ කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන වැඩ ඇල්ලූ හැටියේම ඊළඟ දවසේ රට පුරාම අලුත් උද්ඝෝෂණ රැල්ලක් පැනනැගුණේ ඉන්ධන මිල විශාල වශයෙන් වැඩිකිරීම නිසාය. මෙතෙක් ජනාධිපති පැන්නීමේ අරගලයේ ඉදිරියෙන් සිටි මධ්‍යම පන්තිය වෙනුවට බස් සේවකයන්, ත්‍රිරෝද රථ රියදුරන්, ධීවරයන් වැනි අලුත් පිරිස් වීදියට පැමිණි අතර උද්ඝෝෂණ තියුණු වූයේ ඒවා ඍජුවම මිනිසුන්ගේ ජීවන අරගලය සමග සම්බන්ධ වී තිබීම නිසාය. Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

පොහොර සම්බන්ධයෙන් වැරදි තීරණ ගනිමින් කෘෂිකර්ම අර්බුදයක් නිර්මාණය කිරීම හා නිසි කලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. තවමත් ඔහු තම වැරදි සැබැවින් තේරුම්ගෙන නැත. තවමත් ඔහු කියන්නේ බොරුය. කරන්නේ වැරදිය. Continue Reading

gotabaya rajapaksa in organic farm

ගොවීන් වෙළඳපොළ කෘෂිකර්මාන්තයට හැඩගැසෙමින් ඉන්නවා. ඒක වෙන්න ඉඩදෙන්න ඕනැ. ගොවීන්ට ලබාදිය යුත්තේ විධිමත් රක්ෂණ හා දායකත්ව විශ්‍රාම වැටුප් වැනි දේයි. නිකං පෝර නෙමෙයි.පොහොර සහනාධාරයෙන් ගුණාත්මක කොම්පෝස්ට් ලබාදුන්නට කමක් නැහැ. ඒවා ආනයනය කරනවා වෙනුවට රටේ නිෂ්පාදනය කරන්නට ඕනැ. හොර කොම්පෝස්ට් බිස්නස් නවත්තන්න ඕනැ. රජය කොම්පෝස්ට් බිස්නස් එක නවත්තන තරමට හොඳයි. එහි විශාල නාස්තියක් හා දූෂණයක් සිදුවෙනවා. Continue Reading

kotta pore ජ්රඑදබ

ආණ්ඩුව තවමත් මුළුමනින්ම දුර්වල වී නැත. එයට මූලික හේතුව, විපක්ෂයේ දේශපාලනික අසාර්ථකත්වයයි. ආරක්ෂක හමුදා, පොලිසිය, සිවිල් සමාජය, ඉන්දියාව හා චීනය ඇතුළු ජාත්‍යන්තර බලවේග ආදියෙහි සහාය ආණ්ඩුවට තවමත් තිබේ. 69 ලක්ෂයේ බලවේගයේ කොටසක් ද තවමත් නිහඬව තැන් තැන්වල සිටිති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් ඔවුන් අපේක්ෂා කරන්නේ තියුණු ප්‍රතිචාරයකි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා තවමත් ප්‍රජාතාන්ත්‍රික සීමාවෙන් පිටතට තීරණාත්මක ලෙස පයතැබීමට කටයුතු කර නැත.Continue Reading

GalleFace

ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැත. හේතුව පැහැදිලි නැත. ඔහු යුද්ධය තීව්‍ර වූ සමයේ ද රටින් පළාගිය අයෙකි. මේ අවස්ථාවේ තිබෙන පීඩනය දරාගෙන ජාතිය ඇමතීමේ හෝ හැකියාව ඔහුට නැති බවක් පෙනේ. Continue Reading

youth protest

අජිත් පැරකුම් ජයසිංහ දැන් දැන් සිදුවන විදියට රාජපක්ෂ ක්‍රමය හදපු හා එයින් ඵල නෙළපු, ජාතිවාදය වපුරමින් මුදල් ගරාගත්ත ඇතැම් කලාකරුවන්ටවන්ට ලොන්ඩරි දාන්න අරගලය පාවිච්චි වෙන බවක් පෙනෙනවා. රාජපක්ෂවාදී කලාකරුවන් පසුපසින් ඊළඟට එකතුවන්නේ නිලධාරීන් සහ දේශපාලකයන්ය. උන් බලන්නේ ඊළඟ ආණ්ඩුවටත් සෙට්වෙන විදියකි. වෙනස් කළ යුත්තේ රොටිය ඒ පැත්ත, මේ පැත්ත දමනContinue Reading