Penal Code 365

නව සංශෝධනය මගින් මෙම වගන්තියේ ‘පිරිමියෙකු, ස්ත්‍රියක’ යන කොටස් ඉවත් කර තිබේ. ඒ අනුව, එම වගන්තිය වෙනස් වන්නේ ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය’ යනුවෙනි.Continue Reading

Rahul Gandhi

අතීතයේදී අපහාස කිරීම ශ්‍රී ලංකාවේ ද සාපරාධී වරදක් වූ අතර දණ්ඩ නීති සංග්‍රහය යටතේ දෙවසරක සිර දඬුවමක් නියම කළ හැකි විය. 2002 වසරේදී එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජය විසින් අපහාසය අපරාධමය නොවන වරදක් බවට පත්කරන ලදි. සාපරාධී අපහාස නීතිය ඉවත් කළ දකුණු ආසියානු කලාපයේ පළමු සහ එකම රට ශ්‍රී ලංකාවයි.Continue Reading

Ranil at big match

මේ ප්‍රභූ – නිර්ප්‍රභූ හීනමානය තමයි දැන් ඊළඟ ඡන්දෙදි මාකට් කරන්න ලෑස්ති වෙන්නෙ. ඒ වෙනස ලකුණු කරගන්න එක එක සංකේත නිර්ප්‍රභූ හීනමානකාරයන් උස්සන් එනවා. රෝයල් සෙන්තෝමස් විරෝධය, කලම්බු සෙවන් විරෝධය, පොෂ් ඉංගිරිස් විරෝධය එක්ක කන්නන්ගර දරුවෝ, ඒ දරුවන්ගෙත් දරුවෝ, මධ්‍ය විද්‍යාල අරව මේව කෑලි දාගෙන එනවා. එමගින් ගම්වල තරුණ පරම්පරාවෙ ඔලු කන්නයි මේ ලෑස්ති වෙන්නෙ.Continue Reading

ජනතාව තුළ වෛරය ගොඩනැගීම ඉතා පහසුය. එහෙත්, ඒ වෛරය කොතැනින් පුපුරා යයිද යන්න අපැහැදිලිය. වැඩ වර්ජනය දිගට ගෙන ගියා නම්, ජනතා වෛරය පුපුරා යන්නේ රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබෙන නිසා නොවේ. උනුත් එකයි, මුනුත් එකයි, තොපිත් එකයි කියන තැනෙනි. Continue Reading

Ajith ITN

ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහන සමග ප්‍රජා වෙබ් අඩවියේ සංස්කාරක අජිත් පැරකුම් ජයසිංහ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවContinue Reading

Crow

මගේ මූලික තර්කය බහුතර ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදි නොවන බවයි. හැබැයි, ඒකට විකල්පයකුත් දැනට මේ රටේ නැහැ. මොකද, ලංකාවෙ පාලකයන් බලයට පත්වන මූලික මූලධර්මය බහුතර ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඔවුන්ට පවතින්නට ඉන් පිට අයිතියක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාය විප්ලවීය පරිවර්තනයකට ලක්විය යුතුයි. Continue Reading

Siribopura flyover, Hambantota

ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ආර්ථික කළමනාකරුවන් ගොඩඒම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව නොරහසකි. මෙවැනි සිල්ලර අභියෝග කරන්නන්ට පුවත්පත්වල ඉඩ වෙන්වන්නේ එවැනි පසුබිමකය.Continue Reading

Ai me kalabale

ජවිපෙට තමයි දැන් ලොකුම කලබල ගතිය තියෙන්නෙ. ඒකට හේතුව මෙහෙමයි. ඔවුන් දන්නවා කලකිරීම හා වෛරය මත නිර්මාණය වුණ රැල්ල පවතින්නෙ ඉතාම කෙටි කාලයක් පමණක් බව. ඒ නිසා ඇත්තෙන්ම ඔවුන් බැලුවෙ තැටිය රත්වෙච්ච වෙලාවෙ රොටිය පුච්චගන්න. රාජ්‍ය බලය අරගෙන කරන්නෙ මොකක්ද කියල අදහසක් ඔවුන්ට නැහැ. දැනට ඒ ගැන හිතන්නෙත් නැහැ. රාජ්‍ය බලය ගත්තොත්, ඉන් පසුව හිතයි.Continue Reading

Ajith back

ඉතින් උඹලට මට කියන්න තියෙන්නෙ, උඹලා මං ගැන අඛණ්ඩව පුදුම වෙවී ඉන්න එක ගැන මට සතුටුයි. හැබැයි, මං උඹලගෙන් කවදාවත් සත පහක්වත් අරගෙන නැති නිසාත්, මං හැමදාමත් දේශපාලනය කළේ මගේ අතේ වියදමෙන්, ශ්‍රමයෙන්, බුද්ධියෙන් හා ජීවිතෙන් නිසාත්, උඹලාට මං ණය නැහැ. අතීතයේ උදව් කළාට ස්තුතියි. ඒක ඉතින් උඹලා උඹලාටම කරගත් දේ මිසක් මට කරපු දෙයක් නෙමෙයි. මට උඹලාගේ ඡන්දයක්වත් එපා. උඹලා මොනවා හිතුවත් මට කමක් නැහැ. ඒ කාලෙ වගේම තමයි. මම මේ වැඩේ කළ යුතුයි කියලා තීරණය කරලා තියෙනවා. ඔව්, අපි කරනවා. බැරි වුණොත් උඹලා දිනුම්. එච්චරයි. අපි සාර්ථක වුණොත්, සමහරවිට ආයෙමත් දෘෂ්ටිවාදී දේශපාලනය කරන්න මාත් එයි. එතකල් මං කරන්නෙ තත්කාර්යවාදී හෙවත් ප්‍රැග්මැටික් පොලිටික්ස්.Continue Reading