මෙවැනි ක්ෂණික අත්අඩංගුවට ගැනීමක් සිදු වූ තවත් අවස්ථාවක් වන්නේ පාස්කු ප්‍රහාරයි. ප්‍රහාර මාලාවෙන් කෙටි කාලයකට පසු පොලිසිය ඝාතන සැලසුම්කරුවන් වූ ඊබ්‍රාහිම් සහෝදරයින්ගේ ගෙදර සොයා යාමට සමත් විය. එතැන ද තවත් පිපිරීමක් හා හානි සිදු විය. බුද්ධි අංශවලට ප්‍රහාරකයන් සමග සම්බන්ධකම් තිබූ බවට මහ හඬක් නැංවේ.Continue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායකගෙ මංගල අයවැය පිළිබඳ උණුසුම අද දවසේ අලුත්කඩේ අධිකරණයෙදි විනිසුරුවරයකු ඉදිරියේදී විත්ති කූඩුවේ සිටි සැකකරුවකු මරාදැමීමේ සිද්ධිය නිසා නිවී ගිහින්. ඒ වුණත්, මේ සටහන අයවැය ගැන දේශපාලන විග්‍රහයක්.Continue Reading

ගනේමුල්ල සංජීව නමැති පාතාල අපරාධ සැකකරුව ඝාතනය කරන්නේ අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනැවිත් තිබියදීය. ඝාතකයා පැමිණ තිබෙන්නේ නීතීඥවරයකු ලෙස වෙස්වලාගෙන බව කියැවේContinue Reading

ජවිපෙ ජනාධිපති අනුර කුමාර දිසානායක අද දින අයවැය ප්‍රකාශයට පත්කරනු ඇත. මෙය අයවැය යෝජනා කියවීමට පැය කීපයකට පෙර කරන පූර්ව අයවැය දේශපාලන තත්ව විශ්ලේෂණයකි.Continue Reading

අදානි වගේ ලංකාවට එන්නට හිටපු ආයෝජකයන් ආපහු යනකොට දැන් මාලිමාකාරයන් තවත් අලි බොරුවක් කියනවා අලුතෙන් ආයෝජන කලාප තුනක් පිහිටුවනවාය කියලා. ආයෝජන කලාප තුනක් කිව්වාම ආයෝජකයන් හාරපන්සීයකට ඉඩක්. එහෙම එකක් ආවට ගියාට හදන්නට බැහැ. ඉඩම් සංවර්ධනය, විදුලිය, ජලය, මාර්ග ආදිය වගේම වරාය හා ගුවන් තොටුපළ සංවර්ධනයත් අවශ්‍යයි.Continue Reading

මාලිමා ආණ්ඩුව බලයට පැමිණියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් මධ්‍යයේය. එම ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසර කිරීම සඳහා කාලය අවශ්‍යව තිබිණි. එහෙත්, ජවිපෙට කඩිනමින් මැතිවරණ අවශ්‍ය විය. මැතිවරණයෙන් රනිල් පැරදවීම සඳහා ජවිපෙ සිට සජිත්, නාමල් දක්වා බලවේගය පෙළගැසුණහ. ඒ පිටුපසින් කුමන රටවල් සිටියාද යන්න පැහැදිලි නැත. ලංකාවේ පසුගිය අවුරුදු පහක පමණ අතීතය තුළ ජුලී චං නම් ඇමරිකානු තානාපතිවරිය නම් ඉතා පැහැදිලිවම වියානා සම්මුතිය උල්ලංඝනය වන ආකාරයේ දේශපාලන මැදිහත්වීමක් කළාය. අවසාන ප්‍රතිඵලය ජවිපෙ බලයට පත්වීමයි.Continue Reading

අද මේ හෝල් එකෙන් පවුලේ අය රානි බලන්න සැලසුම් කරගෙන හිටියා. දහයට විතර හෝල් එකටත් ගිහින් බැලුවා. ඇරලාවත් නැහැ. මේ නම්බර් එකක්වත් ආන්සර් කරන්නෙත් නැහැ. රානි බලන්න වෙන විදියක් හොයාගන්නට ඕනැ.Continue Reading

එළියකන්දේ මිනිසුන්  මැරීම සඳහා වෙඩි උණ්ඩ පාවිච්චි කරන සම්ප්‍රදායක් නොතිබිණි.  මරන්නට උවමනා මිනිසාට පහර දී මරා දමන්නට එහි ගැට සහිත මුගුරු තිබිණි. ගිල්වා මරන්නට පුළුවන් වතුර ටැංකි තිබුණ ද ඒවා පුරවා තිබුණේ අමාරුවෙන් කඳු මුදුනට බව්සර වලින් ගෙන එන වතුරෙන් හෙයින් ඉඳහිට යමෙකුට වධ දීමට පමණක් ඒවා භාවිතා කෙරිණි වධයටContinue Reading

මේ වනාහීි දේශපාලන ව්‍යායාමයකි. තේරෙන කාලයේ හට ගත් තරුණ කැරලි දෙකක් හරහා එක්ව යමින් සමාජවාද විප්ලවයක සිහින දැක පැරදුණ මගේ පරපුරේ මිනිසුන් සමග තුවාල ලෙව කන්නටත්, පය ලුහුටා ගිය තැන් සිතියම්ගත කරන්නටත්, ජීවිතය නැවත කියවන්නටත් අරගල පිළිබඳ ප්‍රබන්ධ සාහිත්‍යයක් ඇවැසිව ඇතැයි සිතමි.Continue Reading

උදා වී ඇත්තේ ලක් ඉතිහාසයේ පෙර නොවූ විරූ භීම සමයකි. දකුණේ බියකරු සටන් නිමාවක් දකිනවාත් සමඟම උතුර ගිනි ඇවිලිණි. දැන් ගිනි දැල් මුළු රටම වෙළා ගනිමින් ඇත. පැසවා කුණු වී ඇති මේ සමාජ ක්‍රමය තුළ උඩු යටිකුරු වී ඇති මානව ක්‍රියාකාරීත්වය විවරණය කිරීම අද දවසේ සාහිත්‍යකරුවාගේ කාර්යභාරය වී ඇත.Continue Reading