අජිත් පැරකුම් ජයසිංහ

අද මේ හෝල් එකෙන් පවුලේ අය රානි බලන්න සැලසුම් කරගෙන හිටියා. දහයට විතර හෝල් එකටත් ගිහින් බැලුවා. ඇරලාවත් නැහැ. මේ නම්බර් එකක්වත් ආන්සර් කරන්නෙත් නැහැ. රානි බලන්න වෙන විදියක් හොයාගන්නට ඕනැ.

ගම්වල මිනිසුන් සිනමාවෙන් ඈත් කරන්නට හේතු වුණ ප්‍රධාන කාරණයක් තමයි, චිත්‍රපටි හෝල්වල ගැටලුව. මෙච්චර ලොකු චිත්‍රපටි හෝල් දැන් ගම්වලට වැඩකුත් නැහැ. මතුගම ගාමිනී හෝල් එක නම් අමරසිංහ පවුලෙ කට්ටිය ෆෙඩරල් කරගෙන එතන දැන් ජගත් හදපු බිල්ඩිං එකේ තමයි පියරත්න ටෙක්ස් තියෙන්නෙ. ජානකී හෝල් එක තියෙන්නෙ පොළ ළඟ නිසා ඒක හොඳයි, සුපර් මාකට් එකකට. එහෙම වෙනස්කම් කරන ගමන් මිනි සිනමා එකක් දාන්න පුළුවන්.

ගම්බදව මධ්‍යම පංතියක් හිටියට ඔවුන් ඒ තරම් සංස්කෘතිකගත වෙලා නැහැ. වෙන්න විදියකුත් නැහැනෙ. ගම් පැතිවල එන්ටර්ටේන්මන්ට් බිස්නස් එකේ ඉන්නෙ බාලම කොලිටි වෙළෙන්දො.

සිනමා කර්මාන්තය කියන්නෙ ඉතිහාසයක් මුළුල්ලෙම උපයපු ආකාරය පෙන්නන්නට බැරි ආදායම් හෙවත් කළු සල්ලි සුදු කරන ලොන්ඩරියක්නෙ. ඒ ගැන මෙතන කතා කරන්නට යන්නෙ නැහැ.

මතුගම ජානකී සිනමා ඇරලද? නැතිනම් වහලද? ඇරල වගේ වහලද? වහල වගේ ඇරලද?

ඔන්න ඔහොම තමයි සිනමා කර්මාන්තයේ සැබෑ ප්‍රශ්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *