Poetry by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ

දකින සමහර‍
රසම රසබර
සිහින සිත් තුළ රැව්නැගේ

ගීතයක් සේ
මීවිතක් සේ
සිහිනයෙන් සුවඳක් දැනේ

ඇසේ පතුලේ
ගැඹුරු අඳුරක
ඒ සිහින තැවරී තිබේ

සුළඟකින් කම්පිත තතක් සේ
සිහින රහසින්
හද ගැසේ

මිහිරකුත් අහිමි වූ දුකකුත්
සිහින සිතුවිලි 
මත රැඳේ

රසම රස
සමහර සිහින ගැන
ගොලුව හදවත ඉකිගැසේ

සිහිනයට පමණයි සිහින හිමි
යථාවට
ඇහැරෙමු ප්‍රියේ

2 thoughts on “කියාගන්නට බැරි සිහින

  1. Hadawathata asuwana
    Hadhawathe athei kiyawena
    Hadawathehi norendena
    Yamak etha an theneka surekena !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: