අප්පච්චි මළෝ කොමිසන් ගැන කිව්ව කවිය හරියට

පාස්කු කොමිෂන් සභාව ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා ඊයේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී රැස්වීමෙන් පසු අපූරු කවියක් මතක් කළා. ඔහු එහි පද කිපයක් අපිළිවෙලට සඳහන් කළත්, ඒ කවිය නිසි පිළිවෙලට ගත් කල ඇත්තෙන්ම මේ කොමිෂන් සභා ගැන සදය උපහාසයක්. කවිය මෙහෙමයි:
කොළඹ යුගයේ කීර්තිමත් කවියකු වූ බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා එදා මෙම කවිය කිව්වේ හැම දෙයක් ගැනම කොමිසම් පත්කිරීම ගැන සරදමටයි.
හොද්ද ලුණු වැඩි නිසා අඹුවට ගෙහිමියා සැර වූ සැටී
බැද්ද මාළුව හොරෙන් කෑවට කුස්සි අම්මා ලද ගුටී
රෙද්ද ඉරිලා හාමිනේගේ දාසි සරදම් කළ සැටී
නැද්ද කොමිසම් සභාවට තව කීවේ කවුරුත් වැඳ වැටී
බොරැලැස්ගමුවේ ජී.එච්. පෙරේරා (1896-1948) ගුරුවරයෙක් හා විදුහල්පතිවරයෙක්. සමස්ත ලංකා ජාතික ගුරු සංගමයේ හා සමස්ත ලංකා සිංහල කවි සමිමේලනයේ සභාපති ලෙසද අගනුවර තරුණ කවි සමාජයේ අනුශාසකවරයෙකු ලෙසද කටයුතු කළ ඔහු හිටිවන කවියෙහි ද දක්ෂයෙක්. බේබදු ගෙදර, පරලොවට පණිවිඩයක්, සුදුඅන්තුවා, කුරක්කන් හේන, බුද්ධ ස්තෝත්‍ර හෙවත් බුදුරජාණන් වහන්සේ වැනි පද්‍ය හා ගද්‍ය කෘති රචනා කළේ ඔහුයි.
කුරක්කන් හේන බොරලැස්ගමුවේ ජී.එච්. පෙරේරා කවියාගේ සුප්‍රකට පැදි පෙළකි.
මුලදි කැලේ හැටි දැක්කම කුමක් වැනී
පිහිය නුදුටු අපෙ මාමගෙ රැවුල වැනී
හේන කොටා ගිනිතිබ්බම කුමක් වැනී
බදින දවසෙ එළිකල මගෙ මූණ වැනී
කුරක්කනේ පොඩි පැල්පත කුමක් වැනී
විසි වයසේ මගෙ කම්මුලෙ පෙනුම වැනී
පීදීගෙන එන කුරහන් කුමක් වැනී
අලුත් ලමිස්සියකගෙ මල් හිනා වැනී
බණ්ඩි කුරක්කන් පැද්දෙනු කුමක් වැනී
පොඩි නෑනා දුර සිට අත වනනු වැනී
පැසී තිබෙන විට කුරහන් කුමක් වැනී
පෝරුව උඩ මනමාළිගෙ ඔළුව වැනී
නැමී තිබෙන රතු කුරහන් කුමක් වැනී
මගුල් ලඟදි නෑනා ඉස වනනු වැනී
කරල් කපා මළු පුරවනු කුමක් වැනී
අතිරස උයා මගුලට එක් කරනු වැනී
කැපූ කුරක්කන් ගෙන යනු කුමක් වැනී
මනමාලිය කැඳවාගෙන යනවා වැනී
වංඩුව බැඳ තැනු පිට්ටුව කුමක් වැනී
මිරිසවැටිය අව්වට දිලිසෙනා වැනී
ගමරාළගෙ කට එතකොට කුමක් වැනී
වලාකුළෙන් මතුවී එන සඳක් වැනී
ඒක දැකපු කම්මැලි කට කුමක් වැනී
කරත්තයට අසුවුනු කජු ලෙල්ල වැනී
ජීඑච් පෙරේරාගේ පුතුන් දෙදෙනකුගේ නම් මා දන්නවා විමලසිරි පෙරේරා සහ විමලවීර පෙරේරා.
මා හිතන විදිහට ඉන් විමලසිරි පෙරේරා ලේක්හවුස් ආයතනයේ සේවය කළා 1977 මැතිවරණය වෙනතුරු.
ඔහුගේ බාල පුතා පසුගිය දිනවල අගනුවර තරුණ කවි සමාජයේ සභාපති වී සිටියා.
ජී එච් පෙරේරා ලියූ මා කියවා ඇති එක් ගද්‍ය කෘතියක් තමයි “සිංහල මංගල සූත්‍රය”
ජීඑච් පෙරේරාගේ පුතුන් දෙදෙනකුගේ නම් මා දන්නවා විමලසිරි පෙරේරා සහ විමලවීර පෙරේරා.
මා හිතන විදිහට ඉන් විමලසිරි පෙරේරා ලේක්හවුස් ආයතනයේ සේවය කළා 1977 මැතිවරණය වෙනතුරු.
ඔහුගේ බාල පුතා පසුගිය දිනවල අගනුවර තරුණ කවි සමාජයේ සභාපති වී සිටියා.
ජී එච් පෙරේරා ලියූ මා කියවා ඇති එක් ගද්‍ය කෘතියක් තමයි “සිංහල මංගල සූත්‍රය”
Aanduwe comisam nam kumak venie .
Kai paha paha uluwasse pitadie sitinuwaa veni