– අජිත් පැරකුම් ජයසිංහ,
දැන් මේකට හිනා වෙන ජවිපෙ කට්ටිය ඒ කාලෙ නම් ගොවියන්ව සංකේතවත් කළේ අමුඩත් ගස්සලා. අමුඩ ලේන්සුවෙ ගාන මේ ලිස්ට් එකේ නැහැ. අමුඩ ගහන් ආවෙ ගොවියො නෙමෙයි, පක්ෂෙ කට්ටිය.
ඇත්ත, ගොවියා විට කන, අමුඩ ගහන, සහනාධාර මත යැපෙන මට්ටමේ සිට කෘෂි ව්‍යවසායකයන් මට්ටමට නගා සිටුවිය යුතුයි. එහෙම නැගී සිටින්නට බැරි අයට වුණත්, පුහුණු කෘෂි කම්කරුවන් බවට පත් වීමේ අවස්ථාව ලබා දිය හැකියි. කෘෂිකර්මාන්තය යැපුම් මට්ටමේ සිට ව්‍යවසායකත්ව මට්ටමට ගෙන ආ යුතුයි.
ඒක පටන් ගන්නට පුළුවන් තැනක් තමයි, ගොවීන්ට බලපත්‍ර ඉඩම්වල අයිතිය ලබා දෙන එක. ඒකටත් වම්මුයි, රාජ්‍ය නොවන සංවිධානයි විරුද්ධ වුණා මතක ද? එතකොට ගොවීන් ඉඩම් විකුණා දමා දිළිඳු වෙයිලු. ගොවීන් දැනුත් දිළිඳුයි.
කෘෂි ව්‍යවසායන් බිහි වෙන්නට නම් ලොකු ඉඩම් ඕනැ. ඒකට ඉඩම් වෙළඳපොළ නිදහස් වෙන්නට ඕනැ. කුඩා සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේ පැවැත්මට නම් කෘෂි කම්කරුවනුත් ඉන්නට ඕනැ. කවුරුවත් දිළිඳු වෙන්නට අවශ්‍ය නැහැ.
ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්නට බැරි බව කීවාට ඉතිහාසය ඉදිරියට මිස පසුපසට යන්නේ නැහැ. ඒ නිසා, අතීතයේදී සියල්ල අල කළ ජවිපෙ ආණ්ඩුව යටතේ ඒ අල කළ දේම නැවත කරවා ගැනීම තමයි විසඳුම.
ජවිපෙට ප්‍රතිපත්තියක් නැතිකම හා ඔවුන්ගේ සමාජවාදයට රතු පාට වහන්තරාවලින් එහා ගැඹුරක් නැතිකම රටට වාසියක් බවට පත් කර ගත හැකියි. ඔව්, මේක තමයි වෙලාව, පමා කළ ධනේශ්වර ප්‍රතිසංස්කරණවලට. පරම්පරා දෙකක් සමාජවාදය වෙනුවෙන් ගඟේ යවපු පක්ෂය අතින්ම තමන් අල කළ ධනේශ්වර ක්‍රමය සුරකින එකත් හරිම උත්ප්‍රාසජනක ශෝකාන්තයක්.











