✍️ – අජිත් පැරකුම් ජයසිංහ,
🟠 ඔය ජනාධිපතිවරයා ඉස්සර කරගෙන ඉන්න ඕමල්පෙ අරගල හාමුදුරුවන්ට ඕනැ රාජ්‍යයේ සිංහල-බෞද්ධ-ගොවිගම ආධිපත්‍යය විනාශ කරන්න.
✝️ එතුමාත් එක්ක පෙළ ගැහෙන කාදිනල් උන්නාන්සෙට ඕනැ රාජ්‍යයේ සිංහල-බෞද්ධ ආධිපත්‍යය විනාශ කරන්න.
⛪ ෆාදර් ජීවන්ත වගේ අයට ඕනැ රාජ්‍යයේ සිංහල ආධිපත්‍යය විනාශ කරන්න.
🏴 අරගල අරාජිකවාදීන්ට ඕනැ රාජ්‍ය ආධිපත්‍යය විනාශ කරන්න.
🔴 ජවිපෙට ඕනැ සියල්ලට කෙළවලා දාලා තමන්ගෙ ආධිපත්‍යය පිහිටුවා ගන්න.
🚫 ඕක කරන්න පුළුවන් මගුලක් නෙමෙයි.
💡 තේරුම් ගන්න.
🏮 ඕනැ එකක් ප්‍රීති වෙසක් වගේ ඉන්න එපා.
🇱🇰 විනාශ කරන්නට වෙන්නෙ ශ්‍රී ලංකාව. ඒක හැදුණෙ සිංහල-බෞද්ධ-ගොවිගම-විෂම ලිංගික පිරිමි ආධිපත්‍යය ඇතුළෙ. ඒක නැති වුණොත් ශ්‍රී ලංකාවක් නැහැ. කොටින් හිටියා නම්, ඊලමක් තියෙයි. සමහර විට ජනමත විචාරණයකින් ඊලමක් බිහි වෙයි. ඔවුන් හැර විනාශ කරන්නට බලාගෙන ඉන්න අනෙක් අයට කිසිවක් අලුතින් නිර්මාණය කරන්නට බැහැ.
🛡️ විනාශ කරනවා වෙනුවට තියෙන එක පරිස්සං කරගෙන ඒක වෙනස් කර ගන්න බලමු.
🤝 ඒ කියන්නෙ ශ්‍රී ලංකා ජනරජය රැකගෙන පරිවර්තනය කරන්නට උත්සාහ කරමු. ආධිපත්‍යය වෙනුවට සියල්ලන් ඇතුළත් කර ගන්නා රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරමු.
👁️🗨️ අටමස්ථානෙන් ගලවලා බිමටම දාපු සළුව ඇතුළෙ හැංගිලා තිබුණු යථාර්ථය වෙනස් කළ යුතුයි. හැබැයි, ඒ නිරුවත පාවිච්චි කරමින් තමන්ගෙ විනාශකාරී ව්‍යාපෘති ඉදිරියට ගන්නට උත්සාහ කරන බලවේග හඳුනා ගත යුතුයි. සමාජ මාධ්‍ය තිබෙන නිසා ඒක දැන් හරි ලේසියි. 📱











