මිලින්ද මොරගොඩ

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ජයග‍්‍රාහකයන් විසින් නිර්මාණය කර ඔවුන් විසින් නායකත්වය දෙන එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සිට බ්‍රෙට්න් වුඞ්ස් (Bretton Woods) සම්මුතිය දක්වා පැතිරුණ ආයතන විශාල ප‍්‍රමාණයකි. බටහිර ලෝකයේ මූලෝපායික සහ ආර්ථික ආධිපත්‍යය ආරක්ෂා වන පරිදි ඒවා හැඩගස්වා තිබුණි. ඒවායේ විධිවිධාන තුළ ඔවුන්ටම ආවේණික වූ වාසිදායක තත්ත්වයන් පැවති බව ස`දහන් කළ යුතුය. කෙසේ නමුත්, දශක අටකට ආසන්න කාලයක් ගෝලීය ස්ථාවරත්වය, පුරෝකථනය කළ හැකි බව සහ සමෘද්ධිය පවත්වා ගැනීමට එමගින් යම් පිටිවහලක් හිමිවිය. එහෙත්, වර්තමානයේ දී එකී ජාත්‍යන්තර පිළිවෙත අද වන විට තියුණු පීඩනයකට ලක්ව ඇත.

බොහෝ බටහිර මිත‍්‍ර රටවල් සමග දැඩි මතභේද පැවතිය ද, ‘‘බටහිර බලය සහ සමෘද්ධිය යනු පොදු සහ ඉතා සුවිශේෂී සංස්කෘතියක ප‍්‍රතිඵලයක් බවත්, එය ආරක්ෂා කර ශක්තිමත් කළ යුතු බවත්’’ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් දාවෝස්හි දී පැවැති ලෝක ආර්ථික සංසදයේ දී අවධාරණය කළේය. පොදු නීති රීති හෝ ආයතනවලට වඩා සංස්කෘතික උරුමයන් කෙරෙහි එහිදී ලබා දුන් ප‍්‍රමුඛත්වය සමග, පැරණි ක‍්‍රමවේද තුළ භාවිතා වූ භාෂාව සහ ස්වරූපය කොතරම් දුරට වෙනස් වී ඇත්ද යන්න පැහැදිලි කෙරිණ.

චීනයේ වේගවත් නැගී සිටීම සහ රුසියාව වඩාත් බලපෑම් සහගත ලෙස ක‍්‍රියා කිරීමත් සමග, තමන් සාර්ථක වූ පැරණි ක‍්‍රම පිළිබඳව අමෙරිකාව තුළ සැක සහිත ආකල්පයක් පවතී. සිය  ක‍්‍රියාකාරීත්වයේ ස්වාධීනත්වයට බහුපාර්ශ්වික ආයතන මගින් බාධා එල්ල කරන බවත්, ආරක්ෂක ගිවිසුම් යටතේ සිටින මිත‍්‍ර පාර්ශවකරුවන් අලස වී ඇති බවත් වොෂින්ටනය කල්පනා කරමින් සිටී. එයට අනුව, අමෙරිකාව සතු සාපේක්ෂ වාසිය තවදුරටත් හීන වී යාමට පෙර සිය ආධිපත්‍යය නැවත තහවුරු කර ගැනීමේ අරමුණින්, පවතින තත්ත්වයට අනුගත වීම වෙනුවට පවතින ව්‍යුහය බිඳ දැමීමට ඔවුන් ගේ ප‍්‍රධාන ඉලක්කයක් වී ඇත.

පවතින ගෝලීය ක‍්‍රමයට ආදේශකයක් ලෙස අමෙරිකාව සතුව පවතින ක‍්‍රමය පිළිබඳ ඉදිරි දැක්ම කුමක්ද යන්න පමණක් නොව, එවැන්නක් පවතීද යන කරුණ ද අපැහැදිලි ය. වාසි තකා සිදු කරන පටු ගනුදෙනු පදනම් කරගත් ක‍්‍රියාමාර්ගවලින් ඔබ්බට ගිය, බල කේන්ද්‍ර ගණනාවකින් සමන්විත ලෝකයක් තුළ ස්ථාවරත්වය ඇති කළ හැකි විධිමත් විකල්ප රාමුවක් පිළිබඳව පැහැදිලි කිරීමක් ඔවුන් සතුව නොමැත.

එපමණක් නෙෙවේ මෑත කාලය තුළ නැගී එන මහා බලවතුන් විසින් මෙතෙක් මෙම රික්තය පුරවා නොමැත. ඉන්දියාව සහ චීනය සතුව වැඩෙමින් පවතින ගෝලීය බලයක් සහ ශිෂ්ටාචාරී ගැඹුරක් පවතින නමුත්, ආකර්ෂණීය නව ක‍්‍රමවේදයක් හඳුන්වා දීමට වඩා, පැරණි ක‍්‍රමවේදය දියැවීමට එරෙහිව උපායශීලී ප‍්‍රතිචාර දැක්වීමක් ඔවුන් වැඩි වශයෙන් සිදු කරන බව පෙනේ. අනාගත එක`ගතාවන්හි කොන්දේසි නිර්ණය කිරීම වෙනුවට අවිනිශ්චිතභාවය හමුවේ කටයුතු කිරීම කෙරෙහි ඔවුන්ගේ රාජ්‍ය තාන්ත‍්‍රිකභාවය යොමු වී ඇත.

ජපානය, ජර්මනිය,  ඕස්ට‍්‍රේලියාව සහ කැනඩාව වැනි සාම්ප‍්‍රදායික මධ්‍යම බලවතුන් ද නායකත්වය ගැනීමට වඩා ප‍්‍රතිචාර දැක්වීමට නැඹුරු වී ඇත. එක්සත් රාජධානිය සහ ප‍්‍රංශය වැනි සාම්ප‍්‍රදායික මහා බලවතුන් තවමත් වැදගත් භූමිකාවක් ඉටු කරමින් සිටින නමුත්, සන්ධාන මත යැපීම සහ අභ්‍යන්තර දේශපාලන පීඩනයන් හේතුවෙන් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය සීමාසහිතය.

සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි බටහිර ආසියාවේ රටවල් එයට ප‍්‍රතිවිරුද්ධව, වඩාත් ස්වාධීන විදේශ ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමට පටන් ගෙන ඇති අතර, ඒ හරහා ඔවුන්ගේ කලාපීය සහ ගෝලීය භූමිකා නැවත අර්ථ ගන්වමින් සිටින බව ද පෙනේ. මෙහි පුළුල් ස්වරූපය ඉතා පැහැදිලි ය. ජාත්‍යන්තර පද්ධතිය කැඞී වෙන්වීම සහ පටු වාසි තකා කෙරෙන ගනුදෙනු දෙසට ඇදී යමින් පවතින අතර, පොදු සම්මත ක‍්‍රමවේද හෝ  පිහිටුවාගත් ආයතනික සීමාකිරීම් කෙරෙහි ඇති සැලකිල්ල ද දුර්වල වෙමින් පවතී.

ගෝලීය රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතුවල මෑතකාලීන පූර්වාදර්ශ අනුව, අනාගත එක`ගතා හුදෙක් අවස්ථානුකූල සහ බලය මත පදනම් වූ ඒවා වනු ඇත. මෙම තර්කය බටහිර දේශපාලන චින්තනය තුළ තූසිඩිඞීස් (Thucydides) විසින් ගොඩනැගීමට සෑහෙන කාලකට කලින්, මහා භාරතය විසින් මේ පිළිබඳව අනතුරු අ`ගවා තිබිණි. එනම් උසස් පිළිවෙතක් පවත්වා නොගතහොත්, දුර්වල වූ මොහොතක දී ’දියෙහි සිටින මසුන් ගේ ඉරණම මෙන් බලවතුන් විසින් දුබලයන් ගිල දමනු ලබන’ බවයි. එවැනි විධිමත් ක‍්‍රමවේදයක් නොමැති පසුබිමක් තුළ කිසිදු තිරසර ගෝලීය පාලන ආකෘතියකට වඩා ‘මැඞ් මැක්ස්’ ^Mad Max& වැනි අරාජික ලෝකයකට සමීප තත්ත්වයක් ඇති විය හැකිය.

කැනේඩියානු අග‍්‍රාමාත්‍ය මාර්ක් කාර්නි ලෝක ආර්ථික සංසදයට සහභාගීවෙමින්  පවත්වන ලද දේශනයේ දී නිවැරදි ලෙස මෙම අනතුර පිළිබඳව ඉ`ගි කළේය. ‘‘මහා බලවතුන් තම බලය සහ අභිලාෂයන් බාධාවකින් තොරව හඹා යාම වෙනුවෙන් නීති රීති සහ වටිනාකම්වලට නාමිකව ගරු කිරීම පවා අත්හැර දමන්නේ නම්, ගනුදෙනු මත පදනම් වූ දේශපාලනයෙන් ලැබෙන ප‍්‍රතිලාභ නැවත ලබා ගැනීම දුෂ්කර වනු ඇති’’ බව හෙතෙම අනතුරු ඇ`ගවීය. බොහෝ මධ්‍යම බලවතුන් ^Middle powers& තුළ පවතින පොදු කනස්සල්ල අග‍්‍රාමාත්‍ය කාර්නි එමගින් ප‍්‍රකාශ කළේය. පාලනයකින් තොර බල දේශපාලනයක් අවසානයේදී එයින් ප‍්‍රතිලාභ ලබන බව විශ්වාස කරන අයට පවා අහිතකර විය හැකි බව එම ප‍්‍රකාශය මගින් සරල සත්‍යයක් ලෙස අවධාරණය කෙරිණි.

කාර්නිගේ මැදිහත් වීම තුළින් පුළුල් අවස්ථාවක් ද ඉස්මතු කෙරේ. ගෝලීය පද්ධතියේ ඊළ`ග අදියර තනි බලවතෙකු ^Hegemon) විසින් හැඩගැස්වීමට ඇති ඉඩකඩ අල්පය. ස්ථාවරත්වය, විවෘතභාවය සහ අනාවැකි පළ කළ හැකි පරිසරයක් පිළිබඳව පොදු උනන්දුවක් ඇති, දෘෂ්ටිවාදාත්මක සහ භූ දේශපාලනික බෙදීම් හරහා කටයුතු කිරීමට තරම් විශ්වසනීයත්වයක් ඇති පුලූල් සන්ධානයක් මේ සඳහා අවශ්‍ය වේ. මධ්‍යම බලවතුන්ගේ දායකත්වය විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ය. පැරණි ක‍්‍රමවේද බිඳ වැටෙන ස්වභාවය නොව, අනාගතය හැඩගැස්වීම සඳහා විශ්වසනීයත්වය සහ හැකියාව ඇත්තේ කාට ද යන්න බොහෝ මධ්‍යම බලවතුන්ට අනුව දැන් පවතින ගැටලූවකි.

මෙම අවස්ථාවේ දී ඉන්දියාවේ භූමිකාව තීරණාත්මකය.  වර්තමාන ඉන්දියාව යනු හුදෙක් බලය සමබර කරන රාජ්‍යයක් ^Balancing power& පමණක් නොවේ. යුරෝපය, ඉන්දු-පැසිෆික් කලාපය, බටහිර ආසියාව, අප‍්‍රිකාව සහ ලතින් ඇමෙරිකාව පුරා ශක්තිමත් සබඳතා පවත්වන, ගෝලීය දකුණේ රටවල් ඒකරාශී කිරීමට හැකියාව ඇති මහා බලවතෙකු ලෙස ඉන්දියාව ක‍්‍රමයෙන් පිළිගැනීමට ලක්වෙමින් සිටී. කැනඩාව සම`ග ඉන්දියාවේ සබඳතාවල යම් යම් බාධා පැවතිය ද, ජාත්‍යන්තර පද්ධතියේ දිශානතිය පිළිබඳව සැලකිලිමත් වන මධ්‍යම බලවතුන්ගේ පුළුල් එක`ගතාවක් තුළ නව මාවතකට යොමු වීමට ^Recalibration& අලූත් අවස්ථාවක් උදා වී ඇත.

ඉන්දියාවේ වත්මන් BRICS සභාපතිත්වය මේ සඳහා පවතින එක් වේදිකාවකි. එය පරෙස්සමින් කළමනාකරණය කළ යුත්තකි. බොහෝ විට මහා බලවතුන්ගේ එදිරිවාදිකම් යන කෝණයෙන් ඊඍෂක්‍ී දෙස බැලූව ද, ගෝලීය පාලන ක‍්‍රමය විසුරුවා හැරීමට නොව ප‍්‍රතිසංස්කරණය කිරීමට පොදු උනන්දුවක් ඇති විවිධ නැගී එන සහ මධ්‍යම බලවතුන් එම සංවිධානය මගින් සංවිධානය කරමින් සිටී. මෙය බුද්ධිමත්ව භාවිතා කළහොත්, වඩාත් අන්තර්ග‍්‍රාහී සහ ක‍්‍රියාකාරී ජාත්‍යන්තර ක‍්‍රමයක් සඳහා මූලධර්ම සකස් කිරීමට දායකවෙමින්, පවතින ආයතනවලට අනුපූරකයක් ලෙස ක‍්‍රියා කිරීමට ඊඍෂක්‍ී සංවිධානයට හැකියාව ඇත.

වඩාත් පුළුල්ව ගත් කල, නව ගෝලීය ක‍්‍රමවේදය කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව තීරණාත්මක සංවාදයක් ආරම්භ කිරීම සඳහා, සමාන අදහස් ඇති රාජ්‍යයන්ගෙන් සැදුම්ලත් මූලික කණ්ඩායමක් කැඳවීමට ඉන්දියාවට සුවිශේෂී හැකියාවක් බැහැර කළ නොහැක. මධ්‍යම බලවතුන් සහ ඇතැම් විට විවෘත මනසක් ඇති මහා බලවතුන් ඊට ඇතුළත් විය හැකිය. මෙය කණ්ඩායම් ගොඩනැගීමේ හෝ ආයතන ප‍්‍රතිස්ථාපනය කිරීමේ වෑයමක් නොවන අතර, ජාත්‍යන්තර සහයෝගීතාවයට නීත්‍යානුකූලභාවය, සමබරතාවය සහ අරමුණක් නැවත ලබා දීමේ උත්සාහයකි. එවැනි කාර්යයක් සඳහා දේශපාලන විශ්වාසය සහ නව මංපෙත් කරා ගමන් කිරීමට කැමැත්තක් අවශ්‍ය වේ. පරිවර්තනීය අවස්ථාවන්හිදී, අන් අය විසින් නිර්මාණය කරන ලද ප‍්‍රතිඵලවලට අනුගත වන්නන්ට වඩා, අදහස් සහ ආයතන වෙනුවෙන් කල් තියා ආයෝජනය කිරීමට සූදානම් වූවන්ට ප‍්‍රතිලාභ ලබා දී ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි.

වර්තමාන අභියෝගය වන්නේ බ්‍රෙට්න් වුඞ්ස් හෝ සැන් ෆ‍්‍රැන්සිස්කෝ සම්මුතීන් අනුකරණය කිරීම නොව, බල කේන්ද්‍ර ගණනාවක් පවතින යුගයක් සඳහා ඒවායේ අත්දැකීම් නැවත පරිකල්පනය කිරීමයි. මෙම නව යුගය තුළ බලය විමධ්‍යගත වී ඇති අතර අන්තර් රඳා පැවැත්ම නොවැළැක්විය හැකිය. එසේම නීත්‍යානුකූලභාවය අත්‍යවශ්‍ය සාධකයකි. ලෝකය කොටස් වශයෙන් ගිපැතිවලට වෙන් වෙමින් පවතින මොහොතක, නායකත්වය ගැනීමට තීරණය කරන්නේ නම්, එම ප‍්‍රයත්නය ස්ථාවර කිරීම සඳහා හැකියාව, රටවල් සමග සබඳතා සහ විශ්වාසය ඉන්දියාව සතුව ඇත.

මිලින්ද මොරගොඩ ශ‍්‍රී ලංකාවේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වන අතර, උපාය මාර්ගික කටයුතු පිළිබඳ බුද්ධි කවයක් වන පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘවරයා ද වේ.  මෙම ලිපිය හින්දුස්ථාන් ටයිස්ම් හි පළ වූ අතර [email protected]  ලිපිනයෙන්  ප‍්‍රතිචාර දැක්විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *