මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලූ නිශාන්ති ඉද්දගොඩ සහ මහජන ඡන්දයෙන් පත් වූ සභාපති කසුන් මුණසිංහ අතර ගැටුමක් ඇති වී තිබේ. ඇය හිටපු සභාපතිවරයා භාවිතා කළ කාමරය භාවිතයට රැගෙන තිබීම ද ගැටුමට එක් හේතුවක් වී තිබේ. ඇය සභාවෙන් අක්‍රමික ලෙස රුපියල් 85000/-මුදලක් ලබාගෙන වැරදි කරුවී මේ වනවිට ඇයගේ පඩියෙන් මාසිකව එම මුදල කපා ගන්නා බව ද සභාපති කසුන් මුණසිංහ මාධ්‍යවලට පැවසීය. සභාපතිවරියගේ ක්‍රියා කලාපය නිසා සභාවේ කටයුතු සඳහා වෙන් කරන ලද මුදල් ආපසු යැවීමට සිදු වූ බව ද ඔහු පවසයි.

පසුගිය 30 වන දින තමාට සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා බැන තර්ජනය කරමින් පහරදුන් බවට ලේකම්වරිය පොලිසියට පැමිණිලි කොට රෝහල් ගතවූ අතර එම සිදුවීම පිළිබඳව සභාපති කසුන් මුණසිංහ මහතා 31 වන දින මතුගම පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහිදී අධිකරණය සභාපතිවරයා සහ ඔහුගේ මහජන සම්න්ධතා නිලධාරියාව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරියහ.
ජනවාරි 2දා ද ලේකම්වරිය සභාපතිවරයා තමන්ට රාජකාරි කිරීමට ඉඩ නොදුන් බව කියා පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
මෙම ගැටුම දිගින් දිගට ඇදෙන විශාල කරදරයක් බවට පත් වී හමාරය.
හිටපු ජ්‍යේෂ්ට පරිපාලනි නිලධාරි සුනිල් කන්නන්ගර මහතා පෙන්වා දෙන පරිදි, ප්‍රාදේශීය සභාවක ප්‍රධාන විධායක නිලධාරිවරයා වන්නේ සභාපතියි. ප්‍රධාන පරිපාලන නිලධාරිවරයා වන්නේ ලේකම්ය.
අතීතයේදී ලේකම් පත් කර ඇත්තේ සභාවේ කැමැත්තෙන් ය. පේන හැටියට පලාත්පාලන
සභාවේ පාලක මංඩලය වන්නේ සභාපති ප්‍රමුඛ සභිකයන් ය. ලේකම්ගේ ක්‍රියා කලාපයේ වැරදි ඇත්නම් සභාපති කළ යුත්තේ ඒ ගැන සභාවට වර්තා කර සභා තීරණයක් ගෙන සුදුසු කටයුතු කිරීමයි.
ලේකම් ද පළාත් පාලන කොමසාරිස් හෝ වෙනත් ජ්‍යේෂ්ඨ නිලධාරිවරයකුගේ උපදෙස් මත සභාවේ කටයුතුවලට බාධා නොවන පරිදි සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය.
මේ වන විට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් ලෙස කටයුතු කරන සාරංගිකා ජයසුන්දරගේ ක්‍රියා කලාපය ද පසුගිය පළාත් පාලන සභාපතිවරුන් පත්කර ගැනීමේ ඡන්ද විමසීම්වලදී විපක්ෂයේ විරෝධයට හේතු විය. විපක්ෂය පවසන්නේ ඇයි ජාතික ජන බලවේගයට පක්ෂපාතීව කටයුතු කරන බවයි.
1987 දී හඳුන්වා දුන් 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් පාලන කටයුතු පළාත් සභා යටතට පැවරිණි.මේ අනුව පළාත් පාලන ආයතනවල කටයුතු පාලනය හා අධීක්ෂණය මධ්‍යම රජය වෙතින් පළාත් සභා වෙත පැවරිණි. කෙසේ වුව ද, පළාත් පාලන ආයතන හා සම්බන්ධ ව්‍යූහය හා ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය මධ්‍යම රජය යටතේ ම රඳවා ගනු ලැබිණි. මේ වන විට පළාත් සභා අක්‍රිය වී තිබෙන අතර ඒවා පාලනය වන්නේ ජනාධිපතිවරයාගේ ඍජු නියෝජිතවරයකු වන ආණ්ඩුකාරවරයා විසිනි. එබැවින් මෙම ගැටලුව විසඳීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුකාරවරයාටය.
මෙම ගැටුමේ වැරදිකරුවන් සොයාගැනීම සඳහා විමර්ශනයක් සිදු කළ යුතුය. සාධාරණ විමර්ශනයකින් පසු අදාළ නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ග ගත යුතුය. එහෙත්, ඒ සඳහා කල් ගත විය හැකි බැවින් මහජන පීඩාව සැලකිල්ලට ගෙන ලේකම්වරිය ස්ථාන මාරු කළ යුතුය. සභාපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කළ නොහැකි නම් විසඳුම එයයි. මහජන ඡන්දයෙන් පත් වූ සභාපතිවරයා ස්ථාන මාරු කළ නොහැකි අතර, ඔහු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නම් ඔහු නීතිමය වශයෙන් වරදකරු විය යුතුය.
දැනට අවශ්‍ය සභාවේ කටයුතු මනාව පවත්වාගෙන යාමය.












