පස කාගෙන වැඩෙන ගසත්
ගස කාගෙන නැගි පිළලෙත්
දෙකම එකම මහපොළවයි
ගස කාගෙන වැඩෙන පිළල
සමග සටන් කරනා ගස
අත්ත මරා පිළලෙ නසයි
මැරුණු අත්ත රැඳි පිළලය
වැඩී උසට දිග පළලට
තව අත්තක මුල රඳවයි
ගසයි පිළලයයි සටනක
පිළලය ජය ගත්තොත් ගස
ගස පසුබා යයි පස වෙත
පස මුල් රඳවනු නොම දත්
පිළල ගස ද ගසට පසුව
හෙමිහිට යයි පස තුළටම
– අජිත් පැරකුම් ජයසිංහ
2025-09-20
#කවි